අනුර-සම්බන්ධන් මැණිකක් රකිනා නාගයන් සේ රනිල් රකී..

December 24, 2018 at 6:49 pm | lanka C news
අනුර-සම්බන්ධන් මැණිකක් රකිනා නාගයන් සේ රනිල් රකී..

අලි කොටි සීනු පවුල පොහොට්ටුවට බය වී ඇති බවත් එ නිසා පොහොට්ටුවට එරෙහිව අවලාද නගන බවටත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.

පොහොට්ටුවට පැවති ජනප්‍රසාද ය අඩුවී ඇතයි ආණ්ඩුව කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඊළග ආණ්ඩුව  පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානයකින් පත්වීම  වැළක්වීමට කිසිදු ජගතෙකුට නොහැකි බවත් පෙන්වා දෙයි.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මේ අදහස් පළ කලේ අද(24) උඩුගම්පළ ඔහුගේ පක්ෂ කාර්යාලයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරීය පිරිසක් අමතමිණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේ කීය.

” අද රනිල්ගේ ගැලවුම්කාරයා බවට පත් වෙලා තියෙන්නේ සම්බන්ධන් හා අනුර කුමාර දිසානායකයි. ඔවුන් දෙදෙනා රනිල් රකින්නේ හරියට මැණිකක් රකින නාගයෙකු වගේ. රනිල් රැක ගත්ත කොටි හිතවාදී සම්බන්ධන් ලා අලි හිතවාදී අනුරලා කටයුතු කරන්නේ වෙන මොකේටවත් නොවෙයි තමන්ට ලැබෙන දොල පිදේනි නිසා. රනිල්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ දෙගොලලෝ රෙදි නැතුව කඩේ යන තත්වයට පත්ව තිබෙනවා.

අලි කොටි සීනු අශුද්ධ හවුලට අද ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ පොහොට්ටුවයි. පොහොට්ටුව තියෙන්නේ මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රට බෙදන දේශද්‍රෝහී කදවුරට එරෙහිව හදාගත් පක්ෂයයි. රට යන මේ ද්‍රෝහී සටන නතර කල හැක්කේ පොහොට්ටුවට පමණයි.ඒක මේ අය දන්නවා. අලි කොටි සීනු අනුබද්ධ පවුල පොහොට්ටුවට බයයි. ඒකයි ඒක විනාශ කරන්න උත්සහ කරන්නේ. බොරු අවලාස ගොතලා ජනාතාව අතරේ වපුරන්නේ ඒකටයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එසේ නැත්නම් පොහොට්ටු පක්ෂ බිහිවුනේ අභියෝ රැසක් මැද. ඒ නිසා මේ අලි කොටි සීනු ආණ්ඩුවේ තර්ජන අපිට මහලොකු දේවල් නෙමෙයි. යකාට බයනම් සොහොනෙ ගෙවල් හදන්නේ නෑ.පොහොට්ටුවේ සමාජිකත්වය ගත්තද නැද්ද කියලා මේ අය අපෙන් අහනවා.ඒක අපේ වැඩක් .ඒ ගැන ආප් පාක්ෂිකයෝ දන්නවා.අපි වැඩ කරන්නේ ජනතාවට අවශ්‍ය පරිදි මිසක් මේ රටට වින කරන බටහිර බලවේග වලට කඩේ යන  අලි කොටි සීනු වලට අවශ්‍ය පරිදි නෙවෙයි.

අලි කොටි සීනු අශුද්ධ හවුල මහින්ද මහත්තයට බයයි. මහින්ද මහත්තයා විපක්ෂ ධුරයෙ ඉන්නකොට  රනිල්ගෙත් ආණ්ඩුවෙත් පුටුව ෂුවර් නැති බව මේ අය දන්නවා.පොහොට්ටු සාමාජික ප්‍රශ්ණයක් ඇදගෙන මේ අය මහින්ද මහත්තයාව අයින් කරගන්න උත්සහ කරන්නේ ඒකයි.මහින්ද මහත්තයවත් අපිවවත් එහෙම ලේසියෙන් අයින් කරන්න බෑ.

මේ ආණ්ඩුවට වැඩි දුර යන්න බෑ. මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය තිබුනට ජනතාවගේ බලය නෑ. රනිල් සහ ඔහුගේ ගජ මිතුරු රාජකීය රෙජිමය මේ වන විට නැවත වැඩ පටන් අරන් තියෙනවා.ඔවුන් රටේ ජනතාව ගැන හිතන කණ්ඩායමක් නෙමෙයි. රටට හෙනගැහුවත් කමක් නෑ තමන්ගේ සාක්කුව පිරෙනනවානම් කියන ප්‍රතිපත්තිය මත ඔවුන් කටයුතු කරන්නේ.මේ ආණ්ඩුව හැකි ඉක්මනින් ගෙදර යැව්වේ නැත්නම් රට අනතුරේ. අපේ දරුවන් වෙනුවෙන් මේ රට රැකගත්තේ නැත්නම් ඒ අය අපිට ශාප කරාවි. මේ අලි කොටි සීනු හවුල් ආණ්ඩුව පෙරලා දැමීම ජාතික යුතුකමක්, වගකීමක්. ඒ නිසා රටට ආදරය කරන සියළුම දෙනාට ඊට එකතුවෙන්න කියළා අපි ආරාධනා කරනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

16,716 Viewers

9 Comments to “අනුර-සම්බන්ධන් මැණිකක් රකිනා නාගයන් සේ රනිල් රකී..”

  1. බන්ඩා says:

    මම නම් දකින්නෙ මත වාදීව සහ දේසපාලනිකව පොහොට්ටුව කියන්නෙ ශ්‍රිලනිප තමය්. මහින්ද ⁣පොහොට්ටුවෙ සාමාජිකයෙක්ද නැද්ද කියන එක ශ්‍රිලනිප යෙ නායක ජනාධිපති සිරිසේනට ප්‍රශ්ණයක් නෙවෙය් නම් ඒක අලිකොටිසීනු පක්ෂෙට ප්‍රශ්ණයක් වෙන්නෙ කොහොමද?

  2. අංකූරා says:

    මෙතනදි රටට වඩාත් ම අහිතකර භූමිකාව රඟපාන්නේ ජවිපෙයි . ටී එන් ඒ එකයි යූ එන් පී එකයි රට බෙදන වැඩ කරයි කියලා ජනතාව දන්නවා .ඒත් ජවිපෙ එහෙම වැඩක් කරයි කියලා ජනතාව හිතන්නේ අඩුවෙන් .ඒ කියන්නේ ඒ දෙගොල්ල කරන කැත වැඩ වලට ගාඩ් එක දෙන්නේ ජවිපෙ . මෙතනදි ජවිපෙ ප්‍රධාන වැරදිකරු වෙනවා .

    • Mahasona says:

      අනුරයි සම්බන්දන් ඇතුළු කොටි දෙමල ඩයස් පෝරාව රනිල්ව රූකඩයක් වගේ නටවනවා …මේ රුකඩයට අගමැති කම දීමට උදව් කල UNP ගොන් රැළට සිදුවන්නේත් නන්දිකඩාල් වල ගිලෙන්න ..දෙමළා ඔවුන්ගේ අවශ්‍ය තාවයන් ඉටුකරගත් පසු ඔය යාලු කම් ඉවරයි

  3. sunimal says:

    අනුරලා නිර්ධන පන්තිය ගැන කතාකරාට පුතාගේ වෙඩින් එක ධනපති එකකි. අනුරලා අනුන්ගේ පෞද්ගලික ජීවිත විවේචනය කරාට ඒ ගොල්ලන්ගෙත් එහෙමය. අනුරලා නිදහස් අධ්‍යාපනය ගැන කතාකරාට පුතාලා ප්‍රයිවට් කැම්පස් යති. අනුරලා නිරාගමික වුනාට පුතාලා පල්ලි යති.“
    ඒ සමගම මිනීමරු කොටින්ට කඩේයති ලැජ්ජයි

  4. Love nature says:

    ජාතික මැතිවරණ කිහිපයකදීම ජනතා විමුක්ති පෙරමුණ අන්ත පරාජයක් ලැබීම නිසා වහාම එම පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවට එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් අතර සංවාදයක් ඇතිවී තිබෙන බවට වාර්තා වී තිබේ.

    අනුර දිසානායකව පක්ෂ නායකත්වයෙන් ඉවත් කර ඒ වෙනුවට ලාල් කාන්ත පත්කිරීම සඳහා දේශපාලන මණ්ඩලය සූදානම් වන අතර අනුර කුමාර සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින සමීප සම්බන්ධතාවය හෙළිදරව් වීම පක්ෂයේ ඉදිරිගමනට සුභදායක නොවන බව දේශපාලන මණ්ඩලයේ බහුතරයකගේ මතය වී තිබේ.

    • Spirit says:

      සම්බන්දන් රනිල්ගේ දුර්වල කමින් ප්‍රයෝජන අරන් පෙඩරල් ලබා ගත් පසු රනිල්ට සිදුවන්නේ ගලේ පහරපු බළලාට වුනදේ
      මෝඩ කමෙත් සීමාවක් තියෙන්න ඕනේ …..අනුරට ඩොලර් ලැබෙනවනම් තමාගේ අම්මා වුනත් විකුණයි ඔහු එතරම් පහත් අවස්ථාවාදී වසලයෙක්
      දෙන්නම කරන්නේ තමන්ගේ වාසියට වැඩ ..රනිල්ට ඇති කැමැත්තට නොවේ

      • Historian says:

        The people have well observed that J . V. P . is accomplishing its objectives since its inception , which were many people believe , to rift the patriotic and national minded people , in order pave the way for puppets of western agents to come to power.Apart from their present unpatriotic behaviour , there are so many reasons to corroborate it.1 . They tried to topple the Sirimavo Bandaranaike’s July 1970 government , which she won with a landslide victory , within less than one year even ( that showed ,they donot respect the peoples’ democratic rights), causing thousands of misguided youths to lost their lives.2 .When the U.N. P. governments were worsening the LTTE’ s brutal terrorism menace day by day , for not taking proper action to have nipped that in the Bud , because of their greediness for minority votes ,during the 1989 Presidential election , when the people had a big hope that Sirimavo, Bandaranaike would take strong action to depend the citizen’s rights ,they tried to prevent her coming to power by threatening that first five who would go to the polling station be killed and that affected voters in the rural , remote areas ,which were in favour of her .3. They tried to defeat the Budget on the very decisive last year of the war, as a result of it , the defeating them ,would not have happen .The people see their present behaviour is also a ‘continuation of executing either their NGO ‘s or other foreign organization’s sinister agendas for their funds.

  5. Migara says:

    රනිලුයි මහින්දයි එකතුවෙලා රටම ගොනාට අන්දද්දී ඔවුන්ගේ රෙදි ගලවමින් ඉන්නේ අනුර මෛත්‍රී ඇතුළු කණ්ඩායම. මේක තේරුම්ගන්න ගොඩක් ගැඹුරට හිතන්න පුළුවන් වෙන්න ඕන. මහින්ද ඇතුළු කණ්ඩායම අතුරු සම්මත ගිණුමට චන්දය දීල ආණ්ඩුව පරාජය කරන්න කටයුතු නොකළේ ඇයි? මැතිවරණයක් ඕනෑම නැද්ද? මෛත්‍රී රනිල්ට කොතරම් අභියෝග කලත් රනිල්ව ආරක්ෂා කරන්නේ කව්ද? අනුරද? මෛත්රීද? සම්බන්දන්ද?

Main News