අනෝමා ගමගේ කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ ගෝලීය සංසදයේ ශ්‍රී ලංකා නියෝජිත පදවියට
November 23, 2016 at 2:06 am | lanka C news
කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ ගෝලීය සංසදයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පත් කර ඇත.
ඊට අදාල නිළ දැනුම්දීම එම සංසදයේ නිර්මාතෘ හා යුරෝපා පාර්ලිමේන්තුවේ හිටපු උප සභාපති සිල්වානා කොච්-මෙරින් (Silvana Koch-Mehrin) මහත්මිය විසින් අනෝමා ගමගේ මහත්මිය වෙත යොමු කළාය.
ලොව පුරා කාන්තාවන්ගේ සුභසිද්ධිය හා සමාජ, ආර්ථික, සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් දක්වන සංවිධානයක් ලෙස, කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ ගෝලීය සංසදය ක්‍රියාත්මක වේ.
අනෝමා ගමගේ මහත්මිය මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ කාන්තා සංවිධානය වන එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිධුරය ද හෙබවමින් සිටින්නීය.
– භාරත ප්රභාෂණ තෙන්නකෝන්