අපට ආණ්ඩුවෙන් යන්න වෙනවා.. ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැලෙපෙන්නෙ නෑ.. අගමැති අක‍්‍රියයි..- වාසු

November 4, 2021 at 12:00 pm | lanka C news
අපට ආණ්ඩුවෙන් යන්න වෙනවා.. ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැලෙපෙන්නෙ නෑ.. අගමැති අක‍්‍රියයි..- වාසු

‘ආණ්ඩුව එක් මාර්ගයක ගමන් කරනවා. අපි සහෝදර පක්ෂ එකොළහක් ගමන් කරන්නේ තවත් මාර්ගය ක. අපි ගමන් කරන්නේ ජාතිකවාදී වාමාංශික මාර්ගයක.

ආණ්ඩුවේ වැඩපිළිවෙළ අපට ගැළපෙන්නෙ නෑ. ඉදිරියේදී සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවෙයි’ යයි ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී වාසුදේව නානායක්කාර මහතා සදහන් කරන්නේ ආණ්ඩුවේ සියලු තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍ය වරයා බවයි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වුවත් දේශපාලනික වශයෙන් අක‍්‍රීය වී ඇති බවත් මේ සටනේ දී ඇතැම් විට තමන්ට දේශපාලන වේදිකාවෙන්ම බැසයෑමට සිදු වනු ඇති බවත් ඔහු එහිදී පැවසීය.

ආණ්ඩුව බලයට ගෙන ඒමේ දී ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන් ආණ්ඩුව විසින් අද වන විට විනාශ කරමින් සිටින බව ද වාසුදේව නානායක්කාර මහතා එහිදී කීය.

105,427 views

26 Comments to “අපට ආණ්ඩුවෙන් යන්න වෙනවා.. ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැලෙපෙන්නෙ නෑ.. අගමැති අක‍්‍රියයි..- වාසු”

  1. Snap says:

    ඉන්න බැරි nan පලයල්ලා kaiwaru ගහන්න බැහැ වැඩ පෙනපල්ලා නිකන් ඉඳලා මහජන මුදල් කන eun උබලා හිටියා කියලා මොකද්ද කලේ උබලා උබලගේ හඬ witharai වැඩ නැහැ පල පල ගෙවල්වලට

  2. අබරං ආතා says:

    මචං මුගේ වයස කීයක් විතර ඇද්ද ? දැන් වත් මුසාවාද නොකියා ජේෂ්ඨ පුරවැසියකු වගේ හැසිරෙන්න බැරි හැටි. මුගෙ පක⁣ෂෙ සාමාජිකයන් කී දෙනාද? අඩු ගානෙ පකෂෙ නම මොකක්ද කියල වත් රටෙි උන් නොදනී.

    • LalithM says:

      පක්‍ෂයේ නම: තුන් රෝද පක්‍ෂය
      ලකුණ: ඇලවුන ත්‍රී රෝද රථය.

  3. Janaka from Matara says:

    යනවයි කියන්නෙ එකක් – යන්න වෙනවයි කියන්නෙ තව කතාවක් – යවනවයි කියන්නෙ තව එකක්.
    කියනවයි කියන්නෙ එකක් -කියවනවයි කියන්නෙ එකක් – කියවෙනවයි කියන්නෙ තවත් එකක්.

    තොට වෙලා තියෙන්නෙ යන්න වෙන එක ගැන කියවෙන එක​.
    දැංවත් කොංදක් ඇති මිනිහෙක් වෙයං. කියහං මම යනවයි කියල​.

  4. Janaka from Matara says:

    යනවයි කියන්නෙ එකක් – යන්න වෙනවයි කියන්නෙ තව කතාවක් – යවනවයි කියන්නෙ තව එකක්.
    කියනවයි කියන්නෙ එකක් -කියවනවයි කියන්නෙ එකක් – කියවෙනවයි කියන්නෙ තවත් එකක්.
    තොට වෙලා තියෙන්නෙ යන්න වෙන එක ගැන කියවෙන එක​.
    දැංවත් කොංදක් ඇති මිනිහෙක් වෙයං. කියහං මම යනවයි කියල​.

  5. මංඤොක්කා (ච)මල් says:

    වාසු මංඤොක්කා ටිකක් කමුද?
    පොල් එක්ක ඇතිද? සම්බෝලත් ඕනෙද?

  6. Lakshitha says:

    බොරුවට මිනිස්සු මුලාකරන්න අගමැතිට බනින්න එපා ඕයී ! තමුසෙලා ඔය කරගහල ඉන්නේ එතුමාට බලය අරන් දෙන්න දඟලන ලොකු project එකකට නේද. අනේද කියන්නේ.!

Main News