අපට උපදෙස් දෙන්න පෙර තමන්ගේ කාර්ය හරියට කරන්න..- මැකොට ජනාධිපති ලේකම් සැරෙන් අමතයි..

April 9, 2020 at 6:53 pm | lanka C news
අපට උපදෙස් දෙන්න පෙර තමන්ගේ කාර්ය හරියට කරන්න..- මැකොට ජනාධිපති ලේකම් සැරෙන් අමතයි..

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් ලබාගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපියක් ජනාධිපති ලේකම්වරයා විසින් අද දින යොමුකර ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

මහින්ද දේශප්‍රිය මහතා
සභාපති
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
සරණ මාවත, රාජගිරිය

2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය

2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.

ජනරජයේ ජනාධිපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට ලැබීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමි.

පහත දැක්වෙන තතු ලුහුඬින් සඳහන් කිරීම සුදුසුය :

1- 2020-03-02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් 2020-03-02 දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020-05-14 දිනට කැඳවනු ලැබීය.

2- එකී ප්‍රකාශනයෙන් නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා දිනය 2020-04-25 ලෙස නියම කෙරිණ.

03 – ඉන් අනතුරුව,

(අ)දේශපාලන පක්ෂ ගණනාවක ලේකම්වරු මැතිවරණයට තරග කිරීමේ සිය අභිලාෂය පළ කළහ.,
(ආ) පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 15වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තුවට තේරා පත්වීමට අදහස් කරන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළහ,
(ඇ) එකී අපේක්ෂකයන්ගේ ලිඛිත අනුමැතිය ද දෙන ලදී.,
(ඈ) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 සහ 17 ඡේද ප්‍රකාර නියමිත පරිදි ඇප මුදල් තැන්පත් කරන ලදී.

අදාළතත්ත්වයන්යටතේස්වාධීනඅපේක්ෂකයෝගණනාවක්සහපිළිගත්දේශපාලනපක්ෂගණනාවක්

(අ) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය .,
(ආ) මැතිවරණ දිනය නියම කිරීමේ නියෝගය.,
(ඇ) නාම යෝජනා පත්‍ර භාර ගැනිමේ දිනය සහ
(ඈ) අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර භාරදීම

පිළිගෙන යථා පරිදි ක්‍රියා කළහ.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24(1) ඡේදයේ A සිටD දක්වා අනු ඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂ කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළයුතුව තිබිණ.

2020-03-20 දිනැති අංක 2167/12 ගැසට් ලේඛනයෙන් 24(1) ඡේදයේ A සහ C අනු ඡේදවල ඇතුළත් කරුණු පමණක්, එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම 2020 අප්‍රේල් 25 දින උදේ 7.00 සිට සවස 4.00 දක්වා චන්ද විමසීම සිදුකෙරෙන බව සහ චන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇත.

ඉන් අනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020-03-21 දිනැති අංක 2167/19 ගැසට් ලේඛනයෙන් 2020-04-25 දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත්, 2020-04-30 දින සිට දවස් 14කට පසු එළැඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත්, ප්‍රකාශ කරන ලදී.

2020-04-25 දින ඡන්ද විමසීම කළ නොහැකිනම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.

එකී ඡන්ද විමසීම සිදු කරන දිනය, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනය නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බව ද සඳහන් කළ යුතුය.

අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020-05-28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය.

ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර, මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට අතිගරු ජනාධිපතිතුමා අදහස් නොකරයි.

කල්දැමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම්, කල්තැබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත.

ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.

පී.බී. ජයසුන්දර
ජනාධිපති ලේකම්

158,391 Viewers

52 Comments to “අපට උපදෙස් දෙන්න පෙර තමන්ගේ කාර්ය හරියට කරන්න..- මැකොට ජනාධිපති ලේකම් සැරෙන් අමතයි..”

  1. සමන් says:

    මේ අර උසාවියෙන් වගකීම් දැරීම පිලිබද නියෝගයක් දුන්න උත්තමයද?

    • Dilan says:

      Hoda wade bebaddata……lookema dannawa wage kayiya gahuwata thamange rajakariyata adala neethiyawath meya danne na…..adiyak gahala paththakata wela sadda nathiwa hitiyanam hodayi Macooo.

    • චතුර says:

      නිකම් උසාවි ‍‌යෙන් ‍‌නෙ‍‌මෙයි. සුප්‍රීම් උසාවි ‍‌යෙන්….

      • වර්ණපුර says:

        රන්ජන්, රනිල්, පරාජිත, පච රනවක, අල කුමාර දිසානායක වැනි යහපාලුවන් විසින් බැක් සයිඩ් එකට ගසා දෙකට තුනට නැමූ උසාවියෙන් දෙන ලද නියෝගයකි එය.

        • සරුවා සුනිල් says:

          එතකොට මු ආර්ථික ඝාතකයා නෙමේ ද ? තොපි වගේ මැදමුලනේ ගලිය බට වලින් අදින හරක්

          • වර්ණපුර says:

            ආර්ථිකය ඝාතනය කළේ තොපිලගෙ UNP-JVP ප්‍රමුඛ යහපාලුවොනෙ. තිබුනට වඩා රට කීප ගුනයකින් ණය කෙරෙව්ව. ගෙවපු ණයකුත් නෑ. අලුතින් කරපු කෙංගෙඩියකුත් නෑ. බැංකු සුද්ද කරපු එකයි, වරායවල් ඇතුලු වටිනා කියන හැම දේම කුණු කොල්ලෙට විකුනං හොරා කාපු එකයි, වසර 10කට පස්සෙ රටෙන් තුරන් කරපු ත්‍රස්ථවාදියො නැවත බෝ කරපු එකයි නම් සාර්ථකව කළා.
            අනේ තොපිල වගේ යහපාලු ගලියෙ පීන පීන නාන ගැඩවිල්ලු.

          • සරුවා සුනිල් ගලවපිය තොගේ රතු තරුව ගල් මූසලයා. මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තෝ හකිම්ගේ …. පොලිෂ් කරනවද? ජඩයා තෝ කියපිය වල් බල්ලා බැංකු හොරුන්ට උන්ගේ කසන තැන් වලට බෙහෙත් දෙන්න තොට පුලුවන් කියලා.
            .

    • චතුර says:

      නිකම් උසාවි ‍‌යෙන් ‍‌නෙ‍‌මෙයි. සුප්‍රීම් උසාවි ‍‌යෙන්……….

      • වර්ණපුර says:

        රන්ජන්, රනිල්, පරාජිත, පච රනවක, අල කුමාර දිසානායක වැනි යහපාලුවන් විසින් බැක් සයිඩ් එකට ගසා දෙකට තුනට නැමූ උසාවියෙන් දෙන ලද නියෝගයකි එය.

    • damian says:

      සුනන් ද දේශප්‍රිය නැමැති පුග්ගලයාගේ එක් කුසේ උපන් වෙනත් වේසයකින් පෙනී ඉන්න උත්සාහ කරන පුග්ගලයෙක්.

    • වර්ණපුර says:

      රන්ජන්, රනිල්, පරාජිත, පච රනවක, අල කුමාර දිසානායක වැනි යහපාලුවන් විසින් බැක් සයිඩ් එකට ගසා දෙකට තුනට නැමූ උසාවියෙන් දෙන ලද නියෝගයකි එය.

  2. GU-VP PUNCHI AMMA says:

    GU-NP , GU VP TAN-TIN-TUN, SUKIRI CONGRASIYA, NGO-NADE Puka Lewakanne natiwa

    DULL & MAKO NGO PRIVET LMITED kata wagena rajakari karagena hitapiya, passe $ hoyaganu

  3. sajitha says:

    mahinda desapriyath yahapalana napunsakayanta kath aedda ekek. corona gahanneth ahinsakayinta ne.moova berei.

  4. Hiro says:

    මැකෝ අපි ඔයාට අාදරෙයි නමුත් තවමත් ගූඑන්පි හා රතු තරුවට කඩේ ගිහින් තමුන්ගේ තැන නැති කරගන්න එපා. අපිට මතකයි ඔයා මහින්ද මහත්තයාට 2015 පස්සෙන් පන්න පන්නා පහර දීපු හැටි හොද හැටි මතකයි.

  5. මැකෝ තවමත් කඩේ යයි. කාටද GuNP & 88_89 group එකට. කෙල්ලෝ දෙන්නට ලැජ්ජා නොකර ගෙදර ඉන්න.

  6. ලැජ්ජයි මාමේ නුඔ ගැන දැන්නම්
    හිතාන හිටියේ මහතෙකු විලසින්
    දැන් දැනෙන්නෙ නුඔ මූසිල මූසලෙක් ලෙසටයි එබැවින් මාමේ
    රාජ්‍ය සේවය රැකගෙන හිටපං පාඩුවේ

  7. Loole says:

    This is a plot. One member in Election Commission has told to BBC that SL is going toward dictatorship.

    • Hudson says:

      yes, thats true.

    • Lasantha says:

      PLOT? The notorious words of Vasu and Wimale

      • cobra says:

        මැකෝ දෙමළ කොටි ඩයස් පෝරාවේ නටවන රූකඩයක් …මහින්ද ආණ්ඩුව පරාජය වූ අවස්ථාවේ මැකෝ පුජා වට්ටියක් අරන් මෙලෙච්චේද තර්ස්තවාදී පිරපාකරන් යක්ෂයා යන කෝවිලට ගිය හැටි මතකද ?මොහු UNP ,TNA නටවන ඉත්තෙක්

    • Just says:

      That one member you mentioned is an Ealamist. He has been a well-known campaigner for the race-based devolution and separation for the North and East. He is the one who worked hard very early in the process to prevent GR becoming the president. It is surprising how this type of people run the EC.

  8. D.Nimal says:

    The THREE Members of Commission of Elections are in wrong path of undermining Right to Votes?
    Do your job according to Constitution of Republic of Sri lankan.No need to try an undermined that sovereignty right of People of Island !

  9. D.Nimal says:

    The THREE Members of Commission of Elections are in wrong path of undermining Right to Votes?
    Do your job according to Constitution of Republic of Sri lankan.No need to try an undermined that sovereignty right of People of Island ! The current EC has lost credibility and confidence of Right to Vote. ? Do not attempted used that fish in trouble water.
    Coronavirus is unexpected and unbelievers of that Virus being to whole world,has shaken World Order. Put into order of Democracy has to take time . We have that not to be short sights by EC members.

  10. Kgs basnayake says:

    There two terrorists in election commission. They want to fish in this difficult situation. They should thoroughly reprimanded and if not manageable legal action should be taken.
    This nugget does not have shame he should resign immediately.
    Bastard.

  11. අක්බාර් ලොක්කා says:

    විජේවීරගෙ කාලෙදි ඔවුන්ට අදාලව මෙවැනි දෙයක් උනානං ඒගොල්ලො “මැකෝ මරමු !” කියල රට වටේම පෝස්ටර් ගහල

  12. Aurora says:

    NGO කුක්කෙක් වන මේ හප්පඩයා මොකක් හරි රටකින් ලැබුණ උපදෙස් අනුව චන්දෙ කඩාකප්පල් කරන්න උත්සාහ කරමින් ඉන්නේ. මූගේ පවුලේම ඉන්නේ දේශද්‍රෝහී කැනහිල්ලු. 2015 චන්දෙදි ඔලුවට වෙඩි තියන්න නියෝග දුන්න එකා දැන් සද්ද වහලා කොරෝනා වල එල්ලිලා ඉන්නේ. මූට ඕන කරන්නේ තමුන්ගේ ස්වාමීන්ගේ උපදෙස් පරිදි පිළුනුවුන පාර්ලිමේන්තුවට ආපහු පන දෙන්න. එව්වා වානා. හරියට කරන්න බැරිනම් පෝනා.

    • Saji says:

      oba hari. muge ayyada mallida thama sunanda desapriya kiyana parana jvp desadrohiya. salli wanchavakata swisswaladi naduwaetunu katawak pala una kalakata pera. eya aeththa unath pudumayak nae. mahinda desapriya vikata naluwek witharai. ara hoole kiyana jatiwadiyata waendagena inne uge ingineru daenuma nisa. namuth ingineru unata triweeler driver kenekuge tharamwath despalana daenumak nae hooleta.

      • N.Perera says:

        Hoole? Tamil, Indian proverb “if you see TAMIL and COBRA kill TAMIL first,” Our forefathers said TAMIL who in front of the Mirror, Tamil who going to born and Tamil who dead never ever trust

  13. සයිබර් නානා says:

    මැතිවරණ කොමසාරිස් ,හූල් කොටියා ඇතුළු කොමිසම එජාපෙට කඩේ යන බව පැහැදිළියි . මොවුන් පන්නා දැමිය යුතුයි

  14. aniwa says:

    gota sir ta jaya wewa. appachchi wejambewa !
    hail all rajapakses forever.

  15. D. Paniya says:

    කලකදි රහලු කලකදී වහ වෙනවාලු…එක තමයි ලෝක ස්භාවය..මට පේන හැටියට මේක දුරදිග යයි වගේ. මෙතැනදී දින වකවානු ගැන තීරණයක් ගන්න තවම කල් වැඩියි. අනිතිමට ඉතින් උසාවි ගිහින් තමයි බේරෙගන්න වෙන්නේ.

  16. jagath says:

    Balayata Thiyana munge Perethakama penawada?
    Minissu Marunath munta kamak na.
    AAdara ika gasa kanna

  17. Susantha says:

    Dasa dahas gaanak marala hari 2/3 ganda uthsaahaya. 1977 Sirimawo paraada wunaatath wadaa antha paraajayak athwei oka karanda giyoth

    • Boo says:

      එහෙනං ඔබ ඒ ගැන සතුටු වී මේ යන විදිහ දිහා සතුටින් බලාගෙන සිටිය යුතුයි. ඔබට අවශ්‍ය දේ කෙරෙයි නේ?

    • 77 UNP says:

      1977 සමගි පෙරමුණු රජය පරාජය වුණේ SLFP එකේ හිටපු JR ගේ අතකොළු වුන අනුර ඇතුළු මෝඩ රැල සහ සිරිමවෝගේ තිබුණ රදළ මාන්නේ නිසා සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂ සමඟ තිබුණ සමඟි පෙරමුණ කඩා දමා තනියම SLFP එක චන්දෙ ඉල්ලපු නිසා. බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියන විකාර මාකට් කරන්න ගිහින් ඒක කරන්න බැරිවුණ නිසා. නමුත් රාජපක්‍ෂවරු එවන් ගොන්කම් කරෙත් නැහැ අනාගතයේ කරණ ලකුණකුත් නැහැ. සියළු ජාතික බලවේග තවමත් රාජපක්‍ෂ සන්නාමය සමඟ ඉන්නවා. අමතක කරන්න එපා රාජපක්‍ෂ කියන්නේ පවුලක් නොවෙයි මේ රටේ දේශප්‍රේමී මිනිස්සු පිළිගත් ජාතික වැඩපිළිවෙලක්. ඕනෑම වැඩපිළිවෙලක අඩුපාඩු තියනවා. cnews උදව්වෙන් මාත් ඇතුළු බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ ඒ අඩුපාඩු මතුකරලා, පෙන්නලා, ඒවා නැතිකරගන්න.

  18. අල්ලපු ගෙදර තිනන් says:

    මැකෝ ගැන අපට කිසිදු විශ්වාසයක් නැත.

  19. නෙවිල් says:

    යුඑන්පි කොමිසම කියල නම වෙනස් කල යුතුයි .ස්වාධීන කෑල්ල කපා හැරිය යුතුයි

  20. DDDd1 says:

    Maco… Pls Palathata saha Paasalata awaman wan widihata weda epa….. Oyage paudgalika deshapaalana mathayai Rajakaariyai patalawaganne nethiwei kiyala api wiswaasakaranawa.

  21. MD says:

    Maco tiyagatta neda oluwatama.onama deyakata seemawak tiyaganna.GUNP JVP kada karayek wenna epa.

  22. Nadeeka Lekamlage says:

    Well said. UNP mahinda Dheshapriya thinks that the public accepts every word he says.

  23. සුරන්ග says:

    GMOA නැත්නම් මුන්ට කොරෝනා නිසා මිනිස්සු මැරුනත් වගේ වගක් නෑ.ජන්දෙ තියන්න තමයි කල්පනාව

  24. pradeep chamil wanniarachchige says:

    මැතිවරණ කොමසාරිස් ,හූල් කොටියා ඇතුළු කොමිසම එජාපෙට කඩේ යන බව පැහැදිළියි .

  25. anura yapa says:

    හා හා ඔය පැන්නේ බළල මල්ලෙන් එලියට, මම ඒත් බැලුව 19 පස්සෙ කොහොමද මේ කොරෝන ඉවර වෙන්නෙ කියල, කට්ටිය කොරෝන අස්සෙම ජනාදිපති තුමාගේ එලියෙන් ඇතුලට පනින්න හදන්නේ, ඒකයි මේ හදිස්සිය ….

  26. ගමරාල says:

    JVP කාරයෙක් හා LTTE කාරයෙක් සිටින මේ කොමිසම ස්වාධිනද ?

  27. Chatura putha says:

    මැකෝ,මොකක් කොරනවද යකෝ.

  28. Nimal says:

    Giya anduwa mathiwarana thiyanne nathiwa awurudu kiyak hitiyada ethakota ai adikaranayata giye naththe

  29. මැකෝ කරුණාකර ජනතාවාදී වෙන්න. UNP JVP වහලෙකු නොවන්න.

    • Rata Wenuwen says:

      2015 චන්දේදි ඔලුවට වෙඩි තියපන් කියා මේ පරයට උපදෙස් දුන්නේ කව්ද මූව අත් අඩන්ඟුවට ගන්න ක්‍රමයක් සොයා බැලුවා නම්, නැත්නම් ඌ කිව්වේ ඔලුවට නේ දැන් අපි උගේ බිජ්ජට වෙඩි තියමු, ගූඇන්පි /3 % කලවම් වේශිගෙ පුතා

  30. lotus says:

    2/3 is more value than Covid 19.

  31. NAK says:

    It seems, giving excuses why elections can not be held is the most important thing the EC has been dong so far.

  32. Prasad says:

    මෙම මැ.කෝ. ගේ සහෝරයා, සුන්නන්ද දේශප්‍රිය නම් යුද සමයේ දිගින් දිගටම එවකට රජයට විරුද්දව මානව හිමිකම් කඩ කලා යය් චෝදනා නගමින් සහ N.G .O නඩය එක්වී එවකට L.T.T.E ත්‍රස්තවාදීන් විනාශ කිරීමට එරෙහිව තමන් උපන් රටට ද්‍රෝහීවූ පුද්ගලයෙකි. එවන් පවුල් පසුබිමක් සහිත මොවුන්ගෙන් ජන්මයෙන් ගෙනෙන ද්‍රෝහී ගති විනා අනිකක් බලා පොරොත්තු නොවිය යුතුය.

  33. D.Nimal says:

    In my view of that EC Chairmen is concern they are working towards new form of Politics doing by Election Commission?

    EC must stop doing and undermined political vandalism aim of destroy democracy of Island? Is that EC appear before declining politics of UNP!@
    Well impartiality and independence of that principle of EC has been violated by Members of EC ?
    We have to redress and reshape of EC responsibilities of duties as quick as possible by FRESH the people’s mandate.

Main News