අපට කොරෝනා සමග අරගල කරමින් ජිවත් වෙන්න වෙනවා.. වෙන කරන්න දෙයක් නෑ..

January 12, 2021 at 12:25 pm | lanka C news
අපට කොරෝනා සමග අරගල කරමින් ජිවත් වෙන්න වෙනවා.. වෙන කරන්න දෙයක් නෑ..

බත්තරමුල්ල වොටර් එජ් හෝටල් පරිශ්‍රයේ දි පැවැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේදි ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා මෙම අදහස් පල කලේය.

අපේ රටේ කොවිඩ් තත්ත්වයට රජයක් වශයෙන් අපි මුහුණ දෙනවා. විශේෂයෙන් පහුගිය දින සහ අද දින පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිප දෙනෙකුටද කොවිඩ් රෝගය වැලදිලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දිය අගමැතිතමා සහා චින අග්‍රමාත්‍යතුමාට පෞද්ගලිකව ලිපි දෙකක් යවලා එන්නත ලබා දෙන්න කියලා. සෞඛ්‍ය ඇමතිනි සමඟ මෙම එන්නත ඉක්මණට අපේ රටට ගේන්න සහ ගබඩා කිරීමට කතා කරනවා. ඒ එන්නත ලබා දෙන කොට උෂ්ණත්වය ගැන වැඩි අවබොධයක් තියෙන්න ඕන. ඒ පිළිබඳව අපි හොඳින් සොයා බලා කටයුතු කරනවා. විශේෂයෙන්ම යම් යම් රටවල සිග්‍රයෙන් කොවිඩ් තත්ත්වය පැතිරි යනවා. නමුත් අපි රජයක් වශයෙන් කොවිඩ් වසංගත තත්වය නිසා අපිට අරගල කරමින් ජිවත් වෙන්න වෙනවා.

පසුගිය 2020 අවුරුද්දෙත් මේ ගෙවුණු වර්ෂයත් මේ ආරම්භ කර වර්ෂයත් මේ කොවිඩ් තත්වයට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට විපක්ෂයේ එක් එක් යෝජනාවන් පාර්ලිමේන්තුවේ පිටත හා ඇතුලත අපිට එනවා. විපක්ෂයෙන් එන්නත ගෙන්න කියලා. එකවෙලාවකට කියනවා එන්නත ගේන්න එපා කියලා. එක වෙලාවකට කියනවා ගුවන්තොටුපල අරින්න කියලා. ආපහු කියනවා වහන්න කියලා. අනික් අතට කියනවා සංචාරක ව්‍යාපාරය ලියලන අය කියනවා රැකියාවක් කරන්න නැ කියලා. කොවිඩ් පාලනය කිරීමේදි යම් යම් ග්‍රාම වසම් වහන්න වෙනවා. විපක්ෂයෙන් කියන්නේ මේ රට වහලා ඔවුන්ගේ දේශපාලන වටපිටාව හදාගන්න හදනවා. අපේ ජනතාව ආරක්ෂා කරමින් ඉදිරියට ජිවත්වෙන්න ඕන. අපි සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතුව කරන්න ඕන.

යාපන විශ්ව විද්‍යාලයේ ප්‍රශ්නය ගැන කියන කොට පහුගිය ත්‍රස්තවාදය කාලය තුළ ඒ මියගිය අය සිහි කරමින් ස්මාරකයක් ගොඩනැගිමයි. 2009 මැයි මාසයේ 19 තුළ ත්‍රස්තවාදය සහමුලින් මේ රටින් අතුගා දැමිම. හමුදාව සහ පොලිය සහ ජනතාවගේ සහයෝගයෙන් මේ 30 අවුරුද්දක ත්‍රස්තවාදය නැති කර නිදහස ලබා ගත්තා. 2018 තමා මේ ස්මාරකය ගොඩනගන්නේ. මේ ස්මාරකය ගොඩනගන්න පසුගිය ආණ්ඩුව කරේ මොකක්ද? නැවත් ත්‍රස්තවාදයට හිස ඔසවන්න පහුගිය ආණ්ඩුව කලේ කුමක්ද? මේකේ ප්‍රතිඵලය තමා අද බුක්ති විදින්න වෙන්න වෙන්නේ.ඊයේ මාධ්‍යවල කියනවා දේශපාලනඥයෝ කියනවා පොලිසිය මැදිහත් වෙන්න එපා කියලා. රටේ නිතිය හා සාමය කොහෙද තියෙන්නේ. රටේ නිතිය හා සාමාය ආරක්ෂා කරන්න තමා පොලිසිය ඉන්නේ. එක පැත්තකින් කියනවා එක රටක් එක නිතියක් ක්‍රියාත්මක කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වේ එක රටක් එක නිතියක් ක්‍රියාත්මක කරනවා කියලා. එක පැත්තකට හොද වෙන්නයි තව එකකට හොඳ නොවෙන්නයි. එක තමා අද බලා පොරොත්තු වෙන්නේ. යම් විදියකය මේ විශ්ව විද්‍යාල දරුවන්ගේ ඔලුවට හරියට යම් දේශපාලන කල්ලියක් තමන්ගේ අනාගතය වෙනුවෙන් රටේ මිනිසුන් දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව බෙදා වෙන්කර දැක්වීම උවමනානම් මේව තමා පාවිච්චි කරන්නේ යම් දේශපාන කොට්ඨාශයක්. එක දේශපාලන කොට්ඨාශයකට අද ජනතාවගෙන් ඉවත් වෙන්න වෙලා තියෙනවා.

අද TNA එකට යාපනයේ ස්ථාවර භාවයක් නැ. දකුණේ JVP ස්ථාවරභාවයක් නැ.දෙගොල්ලන්ට දේශපාලන ස්ථාවර භාවයක් නැ. එක්කො මේ ගොල්ලෝ ගන්නවා ජාතිවාදය ගන්නවා නැත්තනම් වෙන මොකක්හරි ගන්නවා. 2009 මැයි මාසයේ 19 උතුරේ එක රතිඥ්ඥ් කරක් පත්තු වුනේ නැ.ඒ පත්තු නොවෙච්ච රතිඥ්ඥ කරල පත්තු කරන්න හදන්නේ. විශ්ව විද්‍යාල දරුවන්ට කියන්නේ මෙවැනි තත්වයට ඇතිවෙන්න එපා. නිතිය කාටත් එකයි. විශ්ව විද්‍යාල නිතිය යාපනයට කියලා එකක් නැ. . හැම විශ්ව විද්‍යාල කටයුතු එකවිදියකටයි කරන්නේ. අපි රජයක් හැටියට එක නිතියක් එක රටක් ඇතුලත වැඩ කරන රජයක් බව බොහෝම පැහැදිලිව කියනවා. ඊයේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමා කියනවා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙච්ඡ ආණ්ඩුවක් දැක්කනම් එක තමයි කියලා. 2015 / 2019 යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය නායකයා. ලොකු අමාත්‍යාංශයක වැඩ කරන කාලයේ නිතිය අවනිතිය කර ගත්ත හැටි. ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කර හැටි. ගෞරවනිය ස්වාමින් වහන්සේලා 67 නමක් හිරේ යවපු හැටි. ප්‍රධාන මාර්ගවල පිකටින් කර හැටි. ඒ අයට සැලකුවේ කොහොමද. එලව එලව ගැහුව්වා. හිරේ දැම්මා. දේශපාලන මතයට විරුද්ධව කටයුතු කර අයව හිරේ දැම්මා.අපි එහෙම කරේ නැ. අපිට ඕන රට ඉදිරියට ගෙන යන්නයි.

– තිලක් තේනුවර

17,313 views

7 Comments to “අපට කොරෝනා සමග අරගල කරමින් ජිවත් වෙන්න වෙනවා.. වෙන කරන්න දෙයක් නෑ..”

  1. කැප්පෙටිපොළ says:

    කල්‍යාණ මිත්‍රයො අමතක විම හා පළාත් සබා සදහා ඉන්දියාවට හා යුරෝපයට යටත් විම
    යුද්ධ කාලේ අපිට උදව් කරේ චිනය හා රුසියාවයි. සිංහල භාෂාවට ගරු කර උගැන්විම කරන්නෙ චිනය විතරයි. මේ කෙලෙහිගුණය මිත්‍රත්වය අමතක කර ඉන්දියාවට යටත් වි පළාත් සභා නැවත පනගැන්වුවොත්. බුද්ධාගමේ හා සිංහල භාෂාවේ චිරස්ථිතියට හානියක් වෙනවා. ඒක හින්දා පළාත් සභා වලට කරන්න දෙයක් නැත්තම්. එහෙනම් ජනමතවිචාරණයක් දිලා ඉන්දියාවේ කැමත්ත නෙවෙයි ලංකාවේ ජනතාවේ කැමත්ත පෙන්වන්න. සියලු දෙනාටම කියන්නෙ සම්පුර්ණ ශක්තියම පළාත් සභා නැති කිරිමට යොදන්න. මිට සිංහල දිප ජාතික පෙරඹුනේ මහනුවර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු අපේක්ෂක. උඹලට බුද්ධ ශාසනය ගැන කැක්කුමක් නැ අපේ පක්ෂයට බලය දෙන්න 2025දි.

  2. Saman K says:

    ඔබ නොදන්නේ නම්, (ලෝකය හා දැනුම මට්ටම ගැන ඔබ දන්නා දේ අපි දන්නා නිසා) එන්නත ලෙස හඳුන්වන යමක් තිබේ. අපට ඒවා භාවිතා කළ හැකිය. බොහෝ රටවල් එය නොමිලේ පුරවැසියන්ට ලබා දීම

  3. GAMINI SENANAYAKE says:

    බෙහෙතක් නැති වෙලාවෙ, ඇමෙරිකාව, එංගලන්තය වගේ බටහිර රටවල්, රටවල් ඇරලා එleconomy EKA function වෙන්ඩ තියපු අවස්ථාවේදී, ඒ රටවල් වලට Kochk දාලා, අපි මේක හොඳට පාලනය කරා, ලෝකෙ විශිෂ්ටයෝ අපි කියලා, රට වහලා ආර්ථිකයටත්,kello gena කොරෝනා එකත් පාලනයෙන් ගිලිහිලා, නිරෝධායන වලින් ගාන කපාගෙන,නටpu Nadagame තේරුම මොකක්ද එතකොට. දැන් මේක අත ඇරපු ගමන් ඇමරිකාවෙ එංගලන්තේ තිබිච්ච තත්ත්වයට මේ රට වැටෙනවා. අන්තිමට නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.

  4. කාන්තාර පළඟැටියා says:

    // ගෞරවනිය ස්වාමින් වහන්සේලා 67 නමක් හිරේ යවපු හැටි. // අවුරුද්දකට කී දෙනෙක් සාමනේරයන්ගේ, කුඩා දරුවන්ගේ පස්ස පලලා හිරේ යනවද ? නිධන් ඩීල් වලින් කී දෙනෙක් ඇතුලට යනවද ? තව විවිධ වංචා, දූෂණ නිසා , තක්කඩි වැඩ නිසා කී දෙනෙක් හිරේ යනවද ?

  5. චන්ද දායක says:

    අවංක,දක්ෂ ,පරිනත,උගත් ,බුද්ධිමත් දේශපාලකයෙක් කතා කරයි.

  6. ක්‍රිමිනල් says:

    මං හිතන්නේ මේ රටට ඔනේ මේන්න වගේ උගත් ,බුද්ධිමත් , පරිණත දේශපාලකයින් , මේ රට අද සුරපුරක් වෙලා තියෙන්නේ මෙන්න මෙවගේ අප්‍රතිහත ධෛර්‍යයෙන් හෙබි ජනතා පුත්‍රයන් නිසා ,එක නිතීයක් ඇති රටක් , සර්ව සාධාරණව සැමට සම අවස්ථා ඇති රටක් , කොන්ද කෙලින් තියාගෙන රාජ්‍ය සේවකයා ඉන්න රටක් , වියාපාරීකයන් හැමොටම නිසි අවස්ථා ඇතිවෙලා , පරිසරය කැලෑ පාලුවගෙන් ආරක්ශා වෙලා , මාධ්‍ය වලින් අතිශය සත්‍ය රටපුරා ප්‍රචාරනය වෙනවා , විද්‍යාව හා තාක්ශනය රටේ ඉහලින්ම , අල්ලස ,වංචාව හා දූශණයට තිත තියලා , විදේශ ශ්‍රමිකය්න්ට උපරිමයෙන්ම සලකන රටක් ,කොවිඩ්19 සාධනියව මර්ධනය කරලා , සංචාරක වියාපාරය ඉහලින්ම යුක්‍රේණියානූව පවා පැහැදිලි ට්‍රැවල් බබල් ක්‍රමවේදයක් තුල රටේ සැරිසරනවා , ඩොලර් අතිරික්තයක් තියෙනවා , එයින් මුලු රටටම එන්නත් ඇනවුම් කරලත් ඉවරයි , ජනතාව සුකිත මුදුතව කල් ගත කරනවා ! දනයෙන් ,ධාන්‍යෙන් රට ආද්‍ය වෙලා ,ආහාර අතිරික්තයක් , විකුනගන්න බැරුව විසි කරනවා . අපි 69 ලක්ශයක් වූ පුන්නක්කු බෛයො විදියට , රට ගෙනාපු ස්ථානයට ඉහලින්ම සතුටු වෙනවා .ස එකෙන්ම නෙමේ සෘණ සියෙන්ම පාස් !.😂😂😂

  7. Nandasoma Suriyaarachchi says:

    යුද්දෙත් එක්ක ජීවත් වෙන්න කියපු අය සහ මේ අය අතර වැඩි වෙනසක් නැහැ……!

    ගෝඨාභය ජනාධිපති තුමාත් අද ඒ ගොඩටම වැටිල…….!!

Main News