අපට ණය ගෙවාගන්න බැරිව ඉන්නේ… භාණ්ඩ මිල තවත් වැඩිවෙනවා.. කරන්න දෙයන් නෑ…

November 15, 2021 at 3:50 pm | lanka C news
අපට ණය ගෙවාගන්න බැරිව ඉන්නේ… භාණ්ඩ මිල තවත් වැඩිවෙනවා.. කරන්න දෙයන් නෑ…

අද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේම පාහේ මිල ඉහළ ගොස් ඇති බවත් ඉදිරි වසරේදී මෙම තත්ත්වය මීටත් වඩා අසීරු වනු ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

අගුණුකොල පැලැස්සේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි ඒ මහතා මෙසේ කියා සිටියේය.

“රජයට මූල්‍යමය ගැටළුවකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. අපට අද අපි ගත් ණයවල වාරිකයයි පොළියයි ගෙවාගන්න නැවත ණය ගන්න වෙලා තියෙනවා. ඒ තරමට අපේ රට අද ආපස්සට ගිහිල්ලා තියෙනවා.

අත්‍යවශ්‍ය දේවල් සියල්ලම මිල වැඩිවෙලා, ඒක අපි දන්නවා. මේකට දැන් මුහුණ දෙන්න වෙනවා. මේක හෙට අනිද්දා ඉවර වෙනවා කියලා අපට කියන්න බෑ. මම නම් හොඳටම දකින දේ තමයි ලබන අවුරුද්දේ මීට වඩා අමාරු වෙන්න ඉඩ තියෙනවා.

ආණ්ඩුවට බනින බව අපි දන්නවා. නමුත් කරන්න දේකුත් නෑ මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා

දැන් ගෙවල් හදන එක හීනයක් බවට පත්වෙමින් යනවා. සෑම බඩුවකම මිල වැඩි වෙලා. ආහාරත් ආකාරයෙන්ම මිල වැඩි වෙලා. දිගටම අපිට මේක මුහුණ දෙන්න වෙනවා. ලබන අවුරුද්ද වෙනකොට ආහාර හිගයකට මුහුණ දෙන්න වෙනවා කියලා ලෝක ආහාර සංවිධානයක් කියා තිබෙනවා”

41,877 views

18 Comments to “අපට ණය ගෙවාගන්න බැරිව ඉන්නේ… භාණ්ඩ මිල තවත් වැඩිවෙනවා.. කරන්න දෙයන් නෑ…”

  1. මෝ says:

    බයිල කිය කිය නොයිද වැඩ පිලිවෙලක් හදපියව්.තොපේ සැප ජීවිතවලින් එලියට ඇවිත් තොපිත් වැඩ,කරපියව්.ගසා කෑමවංචාව නවත්වා තොඉත් වැඩක් කරපියව්.කාලකන්නි හැතිකරේ රටට කෙලවලාම දැම්ම.

    • Aba says:

      සහතික ඇත්ත මෝ….
      මුන්ව ගල් ගහලා මරන්න ඕනි. කලකනි හැත්ත…

  2. SUMUDU THARANGA says:

    Make a public presidential email address, suggest public to give ideas . If you do that we will tell you what to do and how to do ???

  3. Sam says:

    තොපි අවුරුදු 70 ක් තිස්සෙ එසේ මෙසේ දූෂණයක් ද කරේ රටේ ආර්ථිකයට, දැන් මී හරක් ජනතාවට සහ ලමයින්ට වන්දි ගෙවන්න කාලය හරි

  4. Sakshi says:

    Rajapaksha and his henchmen like you looted this country. That is why this situation.

Main News