අපට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ..- එජාප ජාතික සංවිධායක කියයි..

December 25, 2018 at 10:46 pm | lanka C news
අපට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ..- එජාප ජාතික සංවිධායක කියයි..

පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය අවශ්‍ය ඇතැම් අවස්ථාවල දෙමල ජාතික සන්ධානය සහායෝගය නොදීමේ ඉඩක් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි.

ඒ නිසා තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් විපක්‍ෂයෙන් ආණ්ඩුවට එක් කර ගැනීමට අවශ්‍ය බවද ඔහු සදහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩු පක්‍ෂයට එක් වූ අයට ඇමති ධුර ලබා නොදීමට ජනාධිපතිවරයා විසින් ගත් තීරණය අසාධාරණ යයිද ඔහු චෝදනා කරයි.

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය අතර ජාතික ආණ්ඩුවක් මේ වන විටත් ක‍්‍රියාත්මක වන බව තමන්ගේ මතය යයිද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

18 views

6 Comments to “අපට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ..- එජාප ජාතික සංවිධායක කියයි..”

  1. නිහාල් says:

    තමන්ගේ පියාව අකාලයේ අමු අමුවේ මරලා දාපු කොටින් ගේ දේශපාලන පක්ෂය එක්ක සම්බන්දකම් පවත්වන මෙයා වගේ පුතෙක් මේ ලෝකේ වෙන කිසිම රටක නැතිව ඇති .තමුසෙට ලජ්ජා නැද්ද ඔයි පටු දේශපාලන වාසි ගන්න තමුන්ගේ පියාගේ මිනි මරුවන්ගෙන් සහය ඉල්ලන්න .පුදුම වෙන්නත් දෙයක් නෑ තමුසෙගෙ පියා කෙසේ වෙතත් තමුන්ගේ මාමණ්ඩි ඉතින් කරු ජය සොරියනේ .ඉදකින් මෙහෙමත් පුත්තු ලෝකෙට බිහිඋනානේ

  2. අංකූරා says:

    පහුගිය දවස් වල රොඩ්රිගෝල වාගෙ කෑගැහුවට දැන් එතකොට රෙද්දෙගූ ද ?.
    ඕක තමයි අපි කිව්වේ !.

  3. gamarala says:

    රජය මහින්දට බාරදීලා පව නොදී ගෙදර පලයල්ලා කලු සුද්දෝ ටික

  4. ගරසරප says:

    පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි සෙල්ලම ඇමතිකම පගාවට දීල කරන්න ඕන.මේක එලිපිට කීම ගැන නවීන්ට ගෞරවය.

  5. lakmal says:

    yako..booruwa jathika anduwak kiyana eke theruma denagena katha karapan. bebadda

  6. siri says:

    Gamini Disanayaka was real gentle Politician,make sure to maintain his dignity.

Main News