අපට වුනේ ඉඟුරු දී මිරිස් ගත්තා වගේ වැඩක්.. දැන් ඡන්දයක් තිවුවොත් බලාගන්න පුළුවන්..

September 17, 2021 at 6:20 am | lanka C news
අපට වුනේ ඉඟුරු දී මිරිස් ගත්තා වගේ වැඩක්.. දැන් ඡන්දයක් තිවුවොත් බලාගන්න පුළුවන්..

තමන් වහන්සේලාට සිදු වී ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තා වැනි වැඩක් යැයි ද මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතාව සිටින තැන දැන ගැනීමට හැකි වනු ඇතැයි ද අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව මතින් ඉදි කිරීමට යෝජනා වූ ශරීර සුවතා මංතීරුවට විරෝධය පළ කරමින් උතුරු මැද පළාත් අධිකරණ සංඝනායක කදුරුවෙල පන්සලේ විහාරාධිපති ධම්මපාල හිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නය අභයාරාමයේ දී සංදේශයක් භාර දුන් අවස්ථාවේ දී ය.

පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ලෙස ද ධම්මපාල හිමියෝ කටයුතු කරති.

තමන් වහන්සේලා ආණ්ඩුවක් පත් කර අපේක්ෂා කළේ මෙවැනි දේවල් නොවන බව කී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මහාසංඝරත්න ඉදිරියට පැමිණියහොත් ඕනෑම කෙනකු දණගැස්වීමේ හැකියාව ඇතැයි ද සඳහන් කළහ.

.“අපි හොඳ දේට හොඳයි කියනවා. නරක දේට නරකයි කියනවා. රට විනාශයි කියන සටන් පාඨය එදා ජනතාව අතරට අපි ගෙනිච්චෙ. වෙච්ච දේත් දන්නවා. වෙන්න යන දේත් දන්නවා. ඒකෙන් මුදාගන්නයි මේ ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වෙලා සිටින්නේ.

දැන් අවශ්‍ය වෙලා තිබෙන්නේ වෙන්න යන දේ වළක්වා ගන්නයි” යැයි ද පැවසූ උන්වහන්සේ

කුමන ආකාරයේ තාන්න මාන්න වරප්‍රසාද ලැබුණත් තවමත් බහුතරයක් මහාසංඝරත්නය මේ රට ගැන කැක්කුමකින් වැඩ කරන බවත් සඳහන් කළ එහිමියෝ56 විප්ලයට ආරම්භ කළේ හත් නමකගේ මූලිකත්වයෙන් යැයි ද ඒ සඳහා අදත් බැරිකමක් නැතැයි ද පැවසූහ.

– aruna

27,651 views

33 Comments to “අපට වුනේ ඉඟුරු දී මිරිස් ගත්තා වගේ වැඩක්.. දැන් ඡන්දයක් තිවුවොත් බලාගන්න පුළුවන්..”

  1. dev says:

    ane yanwa yanna
    chande tibboth api udinma denawa me anduwata
    danna magulak naa. wasi adu athi tamnge henchaiiayn da ganna bari una eke.

  2. charin yensitha says:

    හැමදාමත් බඩවියත රැක ගත්තා ග මෙදා බැරිවුනා ඒකට පංචස්තාප වෙනව

  3. Helaya says:

    අපේ නා යක්කු ටිකයි චී වරඩාරියෝ ටිකටයි පුකට පයින් ගහලා එලවන්න කාලේ හරි.

  4. දැන් තූන පහ ව්කාණනවද? says:

    අලූත් බිස්නස් එකක් වගෙයි.

  5. sunil says:

    Garu Janaadhipathi thumani. Muru ANTHATUWE. GULLE ANAWANSA, WAGE
    Ganinnaanselaagen UPADES ARAGENA RATAK PAALANAYA KARANTA BAHA.
    SUSILWATH. NANAWATH. GUNAWATH SUPESALA SIKSAKAAMEE ,BHIKSUN
    WAHANSELAAGEN UPADES GANNA.
    ME WAGE GANINNAANSELA THWA DURATAH LANKARA GATTHOT.RATATH
    JAATHIYATH. AAGAMATH SIYALLAMA WINAASA WENAWA.

  6. Kandy Gentlemen says:

    අවංකවම දුකයි මේ හාමුදුරුවරැන්ගේ කිුයාකලාප දැක්කම. මෝහය, තන්හාව, වෛරය, අධම කම සහ චණ්ඩි කම් ඉහවහා ගිහින් මේ සිවුරු මුදලාලිලාගෙ.

  7. සනත් ඉතාලිය says:

    මීඩියා කාරයොත් දෙකට තුනට බෙදිලනෙ ඉන්නෙ.ඔය එකෙක්ගෙන්වත් මේ රටට යහපතක් වෙන්නෙ නැහැ හමුදා පාලනයක් නැතුව. සිවුරු පන්සලට සීමාකරල ලෝගු පල්ලියට සීමාකරල දේශපාලකයන් නිවාස අඩස්සියෙ තියල අවුරුදු 2ක් මේරට හමුදාව පාලනය කරල නීතිය අකුරට ක්‍රියාත්මක කලානම් රටම ගොඩ. දේශපාලකයො 98%ක් බන්දනාගාරයේ

  8. $$$ says:

    NGO $$$ මල්ලක් හෙලවෙයි

  9. Snap says:

    මෙයා kaahapu කැස්සට ඉල්ලන කුට්ටිය හම්බවෙලා නැතිව ඇති ekai oya දගලන්නේ යන තැනකට පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතිව තණ්හාව වෛරය krodaya වපුරනවා

Main News