අපට සමුපකාර ඡන්දයක්වත් දිනන්න බෑනේ.. චන්ද්‍රිකා-දුමින්ද වගකියන්න ඕනෑ.. – ශ‍්‍රීලනිප ඇමතිවරුන් එක්ව සාකච්චා

October 4, 2016 at 10:00 am | lanka C news
අපට සමුපකාර ඡන්දයක්වත් දිනන්න බෑනේ.. චන්ද්‍රිකා-දුමින්ද වගකියන්න  ඕනෑ.. – ශ‍්‍රීලනිප ඇමතිවරුන් එක්ව සාකච්චා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා ශ‍්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක විසින් විටින් විට කරන ප‍්‍රකාශ හේතුවෙන් පාක්‍ෂිකයින් තව තවත් හිටපු ජනපති මහින්ද ලගට යන බව ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරැන් පිරිසක් විසින් සාකච්චා කර ඇත.

ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුගේ කොලඹ පිහිටි නිවසේදී මෙම හමුව සිදුව ඇත්තේ තවත් ශ‍්‍රීලනිප මැති ඇමතිවරැන්ද කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙනි.

පක්‍ෂ අර්බුදය මේ තරම් දුරදිග යාමට හේතුව චන්ද්‍රිකා හා දුමින්දගේ අවිචාරවත් ප‍්‍රකාශයන් බවද ඔවුන් ඉන් සිදුවන්නේ පක්‍ෂය නැත්තටම නැති වීස බවද සදහන් කර ඇත.

අද කොතරම් කතන්දර කියූවත් සමූපකාර ඡන්දයක නියෝජිතයෙක් දිනවා ගැනීමට මහක් අසීරැ තත්වයකට පත්ව තිබීමට මේ දෙදෙනා වගකිව යුතු බවත් ඉදිරි දින කිහිපයේදී ජනාධිපතිවරයා හමුවී මේ ගැන සාකච්චා කිරීමටත් එහිදී එම පිරිස වැඩි දුරටත් කතිකා කරගෙන ඇත.

97 views
Main News