අපට හරියට යහපාලනය කරන්න බැරිවුණා.. පැරදුනේ ඒනිසා..- චම්පිකගේ විග‍්‍රහය මෙන්න..

February 12, 2018 at 6:48 pm | lanka C news
අපට හරියට යහපාලනය කරන්න බැරිවුණා.. පැරදුනේ ඒනිසා..- චම්පිකගේ විග‍්‍රහය මෙන්න..

මෙවර පැවති පළාත් පාලන මැතිවණයේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් ඇමති පාටලී චම්පික රණවක මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මෙම පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ දේශපාලන පෙරමුණට ඡන්දය ලබා දුන් සියලූ ජනතාවට පළමුකොටම අපගේ ගෞරව පූර්වක ප‍්‍රණාමය ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

මෙම මැතිවරණ ප‍්‍රතිඵලය මගින් පෙනී යන්නේ, 2015 ජනාධිපතිවරණයේදී අප විසින් පොරොන්දු වූ යහපාලනය, ජනතාවට දැනෙන අයුරින් ස්ථාපිත කිරීමට රජයක් ලෙස අප අපොහොසත් වී ඇතැයි මේ රටේ මහජනතාවගෙන් බහුතරයක් විශ්වාස කරන බවයි.

ජනතාවගේ කැමැත්ත මත පදනම්වන සහ ජනතාවට වගකියන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් හැමවිටම ජනතාවගෙන් ලැබෙන ප‍්‍රතිචාර, සාධනීය ලෙස භාර ගත යුතුය. එසේම ඒවාට උචිත ලෙස ක‍්‍රියාත්මක වීමද කළ යුතුය. ඒ අනුව, මහජනතාව සහ මෙම අවස්ථාව විසින් ඉල්ලා සිටින ප‍්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණයන්ට යොමුවීම රජයට සම්බනන්ධ සියලූම පාර්ශ්වයන්හි වගකීම බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

කෙසේවෙතත්, 2015 වර්ෂයේදී විශාල මහජනතාවක් අපේක්ෂා සහගතව අප වටා එක් වූහ. එසේම වසර තුනකට පසුව, රජයේ පාර්ශ්වයෙන් විවිධ අඩුපාඩුකම් සිදු වී තිබියදීත් විශාල ජනතාවක් අප පිළිබඳව තවදුරටත් විශ්වාසය තබා ඇති බවද මෙවර මැතිවරණ ප‍්‍රතිඵල මගින් පෙන්නුම් කෙරේ.

අපගේ පළමු ප‍්‍රමුඛතාව විය යුත්තේ එම ජනතාවයි. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී, එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පෙරමුණට ඡුන්දය ලබා දුන් එම ජනතාව අත් නොහැර, ඔවුන්ගේ අපේක්ෂාවන් වෙනුවෙන් තවදුරටත් කටයුතු කිරීම අප සියලූ දෙනාගේම වගකීම සහ යුතුකම බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

පාඨලී චම්පික රණවක
මහ ලේකම්
ජාතික හෙළ උරුමය

97 views

46 Comments to “අපට හරියට යහපාලනය කරන්න බැරිවුණා.. පැරදුනේ ඒනිසා..- චම්පිකගේ විග‍්‍රහය මෙන්න..”

  1. Hewage says:

    Now people want punishment for MY3 through Mahinda for cheating us. That is the truth of election results

  2. Mahasona says:

    Traitor. You do not represent ‘Hela’ people in the country. So please change the name of your party. Change to ‘Demala saha Thambi Urumaya’ Party.

Main News