අපදා සහන ක‍්‍රියාත්මක කර සිරගත වීමට වේ යයි රජයේ නිලධාරීන් බිය වේ.. මේ සතියේදීත් ඉහළ රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකුන් ප‍්‍රශ්ණ කෙරේ..

May 31, 2017 at 6:36 am | lanka C news
අපදා සහන ක‍්‍රියාත්මක කර සිරගත වීමට වේ යයි රජයේ නිලධාරීන් බිය වේ.. මේ සතියේදීත් ඉහළ රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකුන් ප‍්‍රශ්ණ කෙරේ..

සිවිල් සංවිධාන මෙන්ම නොයෙකුත් නිර්නාමික පෙත්සම් හරහා ලැබෙන චෝදනා විමර්ශනය කිරීමට ආණ්ඩුව විසින් ස්ථාපිත කරනු ලැබු විශේෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙන්ම මහා බරපතළ දූෂණයන් සම්බන්ධව ජනාධිපති කොමිසමේ හමුවේ විමර්ශනය කරනු ලබන පරීක්ෂණවලට සහභාගි වන ලෙස මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් කිහිපදෙනෙකුට දැනුම් දී ඇත.

මේ පසුගිය කාලයේ අල ගොවින්ගෙන් අර්තාපල් අල මිල දී ගැනීමක් සම්බන්ධයව විමර්ශනය කිරීමකටය. පසුගිය රජය සමයේදි විශේෂයෙන්ම අස්වනු කාලයට ගොවියාට සාධාරණ මිලක් ලබා දීමට රජයේ මැදිහත් වීම සඳහා වී අලෙවි මණ්ඩලය මෙන්ම සතොස හරහා විශේෂ මිලදි ගැනිමේ ජාලයක් ක්‍රියාත්මක කරමින් ජාවාරමකරායන්නේ අහිංසක ගොවි ජනතාව මුදවා ගැනිම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරනු ලැබු වැඩපිළිවෙළකි.

මේ ආකාරයෙන් හදිසි අවස්ථාවන් මෙන්ම ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ගොස් අමාත්‍යාංශය ලේකම්වරු 3 දෙනෙකු ඇතුළු අතිරේක ලේකම් මට්ටමේ නිලධාරින් 5 දෙනෙකු වැඩ තහනමට ලක්ව සිටින අතර වර්තමාන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එස් එච් සමරතුංග, වර්තමාන විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ ඇතුළු නිලධාරින් ගනණාවකට විරුද්ධවත් පෙත්සම් විභාග වෙමින් පවති.

එමෙන්ම රාජ්‍ය සේවකයින්ගේ සේවය පඩි රහිතව අත්හිටුවා පරීක්ෂණ කෙරෙන අවස්ථාවන් ගණනාවක්ම වාර්තා වන අතර රජයේ සේවකයින් සඳහා නීතිඥ ගාස්තු පවා සොයා ගැනීමට නොහැකිව තමන් දුක් මහන්සියෙන් හම්බකරගත් දේපළ පවා උගස්කොට නඩුවලට පෙනි සිටීම රාජ්‍ය නිලධාරින්ට සිදු වී ඇති බැව් වාර්තා කොට ඇත.

එහෙත් මේ දිනවල රට මුහුණ දී ඇති මහා ගංවතුර ඛේදවාචකය අවස්ථාවේ ආණ්ඩුව කිසිම ලිඛිත අවසරයක් ලබා නොදි චක්‍රලේඛන ගනන් නොගෙන රාජ්‍ය නිලධාරින් රාජකාරි කල යුතු යයි ආණ්ඩුවේ ප්‍රධානින් පැවසුවත් කවදාහරි දිනක අලුත් ආණ්ඩුවක් යටතේ සිර ගතවීමට ඇති බිය නිසා සියලුම රජයේ නිලධාරින් ඉතා බියෙන් කටයුතුවල යෙදෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

143 views
Main News