අපනයන කරුවන් ඩොලර් දී රුපියල් නොගනිති.. ඩොලර් බිලියන 02ක් එම ගිණුම්වල.. විනිමය අර්බුදය උඩුදුවයි…

September 5, 2021 at 1:20 pm | lanka C news
අපනයන කරුවන් ඩොලර් දී රුපියල් නොගනිති.. ඩොලර් බිලියන 02ක් එම ගිණුම්වල.. විනිමය අර්බුදය උඩුදුවයි…

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා අපනයනකරුවන් විසින් උපයා ගන්නා ලද ඩොලර් බිලියන 2 ක පමණ ආදායමක් රුපියල් බවට පරිවර්තනය නොකිරීමෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ එම මුදල රුපියල් බවට පරිවර්තනය නොකිරීම නිසා පවතින ආර්ථික අර්බුදයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

එම ඩොලර් ආදායම අපනයනකරුවන්ගේ ගිණුම්වලට ලැබී ඇති බවට තහවුරු වී ඇති අතර ඒවා රුපියල් බවටත් පත් නොකිරීම බරපතළ ගැටලුවක් බවද අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබඳව ආණ්ඩුවේ මූල්‍ය අංශ බලධාරීන් නිහඬව සිටීම විමතියට කරුණක් බවත් ඔහු කියා සිටියේය.

අපනයනකරුවන් දිරිගැන්වීම සඳහා දැනටමත් රජය විසින් විශාල බදු සහන පිරිනමා ඇති බවත් ලාභය මත අය කරන 28% ක් වූ බද්ද අපනයනකරුවන් ගෙන් අය කරන්නේ 14%ක් බවත් ඔහු පෙන්ව දෙයි.

එවන් සහන ලබා දෙමින් තිබියදී රටට ලැබිය යුතු මුදල් නිසි ලෙස සම්පාදනය නොකිරීම ගැන දැඩි පියවරක් ගැනීමට සිදුවනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

99,835 views

30 Comments to “අපනයන කරුවන් ඩොලර් දී රුපියල් නොගනිති.. ඩොලර් බිලියන 02ක් එම ගිණුම්වල.. විනිමය අර්බුදය උඩුදුවයි…”

  1. lolla says:

    උඹලගෙම හෙන්චයියෝ තමයි ඔවා කරන්නේ Brandix වගේ උන්ට කියලා USD ඉල්ලා ගනිල්ලා

Main News