අපවත් වූ සෝබිත හිමිට මහා අපහාසයක්, අගෞරවයක් කරලා.. පිලිමයේ විජිනිපත ඔළුවෙන් හිටවලා..- වත්මන් නාග විහාරාධිපතිගෙන් චෝදනා..

June 30, 2019 at 9:20 am | lanka C news
අපවත් වූ සෝබිත හිමිට මහා අපහාසයක්, අගෞරවයක් කරලා.. පිලිමයේ විජිනිපත ඔළුවෙන් හිටවලා..- වත්මන් නාග විහාරාධිපතිගෙන් චෝදනා..

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ ඉදිකරන ලද පිළිරුව මගින් උන්වහන්සේට බලවත් අගෞරවයක් අපහාසයක් සිදු කර ඇති බව වර්තමාන කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති රාජකීය පණ්ඩිත වතුරවිල වතුරවිල සිරි සුජාත හිමියන් චෝදනා කරති.

එම පිළිරුවේ සෝභිත හිමියන්ගේ විජිනිපත කණපිට ගසා ගෙන තබාගෙන සිටින බවත් එය පරාජයේ සංකේතයක් බවත් විහාරාධිපති හිමියන් පෙන්වා දෙති.

සෝපිත හිමියන්ගේ පිහිටෙන් බලයට ආ පාලකයන් විසින් මෙය වහා නිවැරදි කළ යුතු බවත් එසේ නොවන්නේනම් සෝභිත හිමියන්ට සදාකාලිකවම මහත් අපහාසයක් වන බවත් උන්වහන්සේ කියා සිටිති.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිළිරුව පසුගිය 25 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයට නුදුරුන් විවෘත කරන ලදී.

සෝභිත හිමියන් ජීවත් වූ අවසන් දින කිහිපයේදී තමන් වහන්සේ මැදිහත්වී බලයට පත්කරන ලද යහපාලනය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයකින් සිටි බව හිමියන්ගේ සමීපතයන් කිහිප දෙනෙකුම මෑතක දී හෙළිකර තිබිණි.

68 views

23 Comments to “අපවත් වූ සෝබිත හිමිට මහා අපහාසයක්, අගෞරවයක් කරලා.. පිලිමයේ විජිනිපත ඔළුවෙන් හිටවලා..- වත්මන් නාග විහාරාධිපතිගෙන් චෝදනා..”

  1. simion says:

    ගණන් ගන්න එපා..අපේ හාංදුරුවනේ….ඔය සෝබිත උන්නාන්සේත් මැතිවරණ වේදිකාවල කතා පැවැත්තුවේ ඔලුවෙන් හිටගෙන නොවැ…සිවුර බිම…යටට අඳනකඩයක්වත් ඇඳගෙන හිටියේ නැතුවා….

  2. asela says:

    it is intentionally done I guess as a punishment for what he did at the presidential election. He should stand on his head.

    • අංකූරා says:

      වියයුත්ත ඒ ආකාරයෙන්ම සිදුව ඇත !, සත්‍යය කිසිවිටෙකත් වසංගනු නොහැකිය !, උන්වහන්සේ කුමන ආකාරයෙන් කීවද රටට වූයේ මහා අපරාධයකි !!.

  3. Open mind says:

    ඒ ගමන් විලාශයයි .අනන්තවත් එසේ වැඩම කරන භික්ෂූන් වහන්සේලා දැක ඇත්තෙමි.

    • නිකිල් says:

      ගමන්විලාශ හදන්නේ නෑ මිනිහෝ ප්‍රතිමා හැටියට එහෙම ඒවා හදන්නේ කළා කෘති හැටියට .කෙනෙක් ගැන ගවුරවයට හදන ප්‍රතිමා ඒ ගවුරවය ඇතිවන ආකාරයෙන් ප්‍රතාපවත් විදියටයි හදන්නේ එහෙම මිසක් මේ දානෙන් පස්සේ ගෙදරයන හාමුදුරුවන්ගේ ප්‍රතිමා හදන්නේ නෑ.
      මේකෙන් පෙනෙන්නේ දුර්ජන එජාප ආණ්ඩුව හිතාමතාම තමුන්ට බලයට එන්න පාර පෙන්වූ හිමියන්ට කල අපහසයයි ඒවගේම එහෙම නෑ කියනවනම් මේකෙන් පෙන්නේ එජාප ආණ්ඩුවේ තීරණ ගන්නා නායකත්වයට බුදුදහම ගැන හෝ බෞද්ද සංස්කෘතිය ගැන කිසිම අවබෝදයක් නැති බවයි ඒ කියන්නේ උඹලගේ පක්ෂේ ඉන්න එවුන් බහුතරයක්ම විජාතික .පෙන්නේ නැද්ද අර වැඩබැරි දාස .

      • Love nature says:

        100% agree … UNP TRAITORS hate Buddhism & Buddhist people
        They are puppets of racist fanatic minority communities

  4. බුදුන් වදාළ ධර්මය කණපිට හැරී බොහෝ කල් නොවේද හිමියනනේ.
    බුදුහිමියන් ශ්‍රාවක සංඝයාට අනු දන වදාළ අට පිරිකරට විජිනිපතක් අයත්ව තිබුණාද????
    යකඩ මල්ලද ගුල්ලෝ කා ඇති විට හාල් මල්ල ගැන කුමන කතාද???
    රටට අගන මිනි පහනක් වූ සෝභිත හිමිට අජරාමර නිවන් පතමු!

  5. Kotte Api says:

    සෝභිත හිමියනගේ ප්‍රතිමාව සම්බන්ධයෙන්
    වතුරුවිල සිරි සුජාත හිමිනම කිඹුල් කදුලු
    හෙලමින් ප්‍රතිමාවේ වටාපත උඩු යටිකුරු
    වී ඇතැයි කරන ලද විග්‍රහය පිළිබද කරුණු
    දක්වන කෝට්ටේ බොදු හඬ සංවිධානයේ
    ප්‍රධාන සාමාජිකයකු කියා සිටියේ පරාදීනත්වය පමණක් නොව කම්පාවීම හා සංවේගයද
    පිළිබිඹු කිරීමක් සනිටුහන් කිරීමට වටාපත පහතට නැබුරු වීම තුලින් ලෝක වාසි බෞද්ධයන් හට පණිවිඩයක් ලැබී ඇති බවයි. .ප්‍රධානම පණිවිඩය බවට සැලකිය හැක්කේ සෝභික හිමියන් ජීවිමානව සිටියදී උන්වහන්සේට මානසිකව හා කායිකව අනේක
    හිරිහැර කිරීම හේතුවෙන් උන්වහන්සේගේ
    ශිෂයානු ශිෂ්‍ය පරම්පරරාවෙන් ඉවත් කරන ලද
    වතුරුවිල සිරි සුජාත යන හිමිනම උන්වහන්සේගේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයට කඩා වැදී උන්වහන්සේගේ ආදරනීය දායක දායිකාවන්ගෙන් නරියෙකුගේ වෙස්ගෙන මුදල් ඉපයීම අරමුණු කොට අනවසර ආකාරයෙන් කටයුතු කිරීමත් විහාරාධිපති යැයි ව්‍යාජව පෙනී සිටීමත් හැරුණු කොට

    උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් බිහිකල යහපාලන ආණ්ඩුවේ නොමනා ක්‍රියා කලාපය
    හේතුවෙන් රටට අත්වී ඇති ඉරණමත් යන කාරණා මුල් වී ඇති බවයි.

    ඉහත අරාජික කාරණා බැහැර වුන විගසම මාතෘකාවට ලක්වුණු වටාපත යාවත්කාලීන කිරීමට වගකිව යුත්තන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

Main News