අපව තුට්ටු දෙකට දාලා වැඩ කරන ආණ්ඩුවට පාඩමක් උගන්වන්න විශ්වාස භංගයේදී තීරණයක් ගන්නවා..- හකීම්

April 1, 2018 at 12:02 am | lanka C news
අපව තුට්ටු දෙකට දාලා වැඩ කරන ආණ්ඩුවට පාඩමක් උගන්වන්න විශ්වාස භංගයේදී තීරණයක් ගන්නවා..- හකීම්

හතර වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවේදී දුරදිග බලා ‍අවසන් තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සදහන් කරයි.

එම පක්‍ෂ නායක ඇමති රවුෆ් හකීම් මහතා පුත්තලමේදී පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේ මේ ආණ්ඩුවෙන් තමනටද අසාධාරණකම් සිදුවන බවයි.

තමන් ඇතුළු පිරිස් විසින්ම පත් කර ගත් ආණ්ඩුවේ නායකයින් දැන් තමන් තුට්ටු දෙකට දමා වැඩ කරන්නේ යයිද ඔහු චෝදනා කරයි.

කෙසේ වෙතත් කිසි විටක දේශපාලන තීන්දුවක් ගැනීම සදහා ඉක්මන් නොවන බවද කියූ ඔහු ජනවරම ගැනකල්පනා කර නිවැරදි තීරණයක් ගන්නා බවද කීවේය.

14 views

5 Comments to “අපව තුට්ටු දෙකට දාලා වැඩ කරන ආණ්ඩුවට පාඩමක් උගන්වන්න විශ්වාස භංගයේදී තීරණයක් ගන්නවා..- හකීම්”

  1. dedta says:

    thopiwa kare Toya ganna nisa tamai me winase

  2. Nimal R says:

    මූ තොප්පිය හැරෙන හැරෙන පැත්තට වැඩ . අන්තවාදී මුස්ලිම් කොන්ග්‍රස් නැතිව හොඳ මුස්ලිම් ජනතාව සමග මීළඟ ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේන් පිහිට විය යුතුය

  3. nimal says:

    විජමු කථානාකය කර ගත්ත වගේ ඡන්දෙ බැලන්ස් කරන්නේ මුන්…..ඒත් රනිල් අගමැති….

  4. සීගිරි says:

    මේ දේශපාලන ගණිකාව තැන තැන යන එක නවත්වන්නේ කවදාද?

Main News