අපහාසයක් වීමට තරම් ඔබට කීර්තියක් තිබේද.. නිළි හුටපයත් තිබෙනවා නේද.. – උසාවියේදී චම්පිකගේ පටි රෝල්
January 6, 2017 at 10:40 am | lanka C news
ආන්දෝලනයෙන් තුඩුපාන් තරුණයන් දෙදෙනකුට තුවාල සිදු කළ රාජගිරියේ රිය අනතුර සහ ප්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප්‍රචාර පිළිබදව ඇමැති පාඨලී චම්පික රණවක මහතාගෙන් කොළඹ දිසා අධිකරණය හමුවේදී ඊයේ (05දා) ප්‍රශ්න කරනු ලැබීය.
මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සහ එය පුවත්පතක ප්‍රචාරය කිරීම තුළින් තමන්ට සිදුවූ අපහාසයට රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා ඇමැති පාඨලී චම්පික රණවක මහතා ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුවක් ඊයේ (05දා) යළි කැදවනු ලැබිණි.
කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී පැමිණිලිකාර ඇමැති චම්පික රණවක අධිකරණය හමුවේ පෙනී සිටියේය.
පැමිණිලිකාර ඇමැති චම්පික රණවක මහතාගෙන් විත්තියේ නීතිඥවරු හරස් ප්‍රශ්න අසනු ලැබූ අතර,එලෙස අසල ලද ප්‍රශ්න කිහිපයක් මෙසේය.
විත්තියේ නීතිඥ – මේ සිද්ධියේදී ඔබට අපහාසයක් වුණා කියනවා.නමුත් ඔබට අපහාසයක් වීමට තරම් ඔබ කීර්තිමත් පුද්ගලයෙක් නොවෙයි නේද?
ඇමැති – පිළිගන්නේ නැහැ.
විත්තියේ නීතිඥ – විදුලිබල මණ්ඩලය ආසාර්ථක වුණ නිසා නේද තමා 2012 වසරේදී ඇමැති ධූරයෙන් ඉවත් කරනු ලැබුවේ?
ඇමැති – එය ප්‍රතික්ෂේප කරනවා.
විත්තියේ නීතිඥ – රාජගිරියේ රිය අනතුර,ප්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප්‍රචාර ගැන බලපුවහම මේ නඩුවට අදාළ සිද්ධිය පොඩි දෙයක් නේද?
ඇමැති – මාධ්‍ය ඔස්සේ එක එක දේවල් කියනවා.පිළිගන්නේ නෑ.
විත්තියේ නීතිඥ – ඔබ ගැන බරපතළ චෝදනා සමාජයේ තිබෙන විට සුළු සිද්ධියකට මෙවැනි නඩුවක් පවරා ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට නේද?
ඇමැති – මේ රටේ නිදහස් මාධ්‍ය නැහැ.එවැනි මාධ්‍යවේදීනුත් නැහැ.මාධ්‍ය මාෆියාවක් තමයි තිබෙන්නේ.සමාජ ජාල වෙබ් අඩවිවලින් මඩ ගහනවා.පුවත්පත් මණ්ඩලවලට කරන පැමිණිලිවලින් ප්‍රයෝජනයක් නැහැ.
නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන අපේ‍්‍රල් 07 වැනි දිනට කල් තැබිණි.
– මව්බිම
This follow is a sex maniac! He will even sell his own mother to satisfy his desires as he has sold the Sinhalese Buddhists and the country!
Who edited the photo of Dr. Lester J Peiris and misguided the people
kirthimath lestar mahaththa yage bella kapala kp karapo me nasarani manossa yata nambowak thiyena wada nathi wennda.
පාටලී….පාටලී,….පාටලී….පාටලී
පාටලී….පාටලී,….පාටලී….පාටලී//
අයියෝ මගේ 2020 ජනපතිවීමේ සිහිනය!
දෙවියනි ඔබ කොහෙද?
මූ ජනපති උනොත් යන්තම් හුස්ම වැටෙන ආච්චි කෙනෙක්වත් ඉතුරු කරන්නෙ නැහැ බොලං