අපහාස බෑ.. සමාජ විනාශ බෑ.. යහපත් දේ පමණයි.. ෆේස්බුක් යලි අරින්නේ මෙහෙමයි..- අලූත් වන ෆේස්බුක් එක ගැන ජනපති ජපානයේදී කියයි..

March 14, 2018 at 12:02 am | lanka C news
අපහාස බෑ.. සමාජ විනාශ බෑ.. යහපත් දේ පමණයි.. ෆේස්බුක් යලි අරින්නේ මෙහෙමයි..- අලූත් වන ෆේස්බුක් එක ගැන ජනපති ජපානයේදී කියයි..

ෆෙස්බුක් ඇතුළු සමාජ ජාලා තාවකිලාකව අවහිර කර ඇත්තේ මහනුවර හා අම්පාරේ ඇති වූ සිදුවීම්වලදී ඒවායේ හැසීම නිරීක්‍ෂණය කරමින් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙම තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේ ජපාන සංචාරයේ නිරතවන අතරවායේ ටෝකියෝ නගරයේදී ලාංකිකයන් හමු වූ අවස්ථාවේදීය.

සමාජ යහපතට ප‍්‍රවාහයනට ඉඩ දුන්නත් සමාජය විනාශ කරන දේවල් පාලනය කිරීමට ක‍්‍රමයක් අවශ්‍ යයිද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

මානවයාගේ යහපත සදහා නිර්මාණය වූ ජංගම දුරකථන, පරිගණක, අන්තර්ජාලය මෙන්ම සමාජ මාධ්‍ය මගින් ලෝකයේ දැනුම ලබා ගත හැකි වුවත් ශී‍්‍ර ලංකාවේ ඇතැමුන් ඒකා භාවිත කරන්නේ රට විනාශ කිරීමට යයිද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

මේවා නිසි පරදි භාවිතා කිරීම සදහා ඉදිරියේදී නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත්කියා සිටියේය.

ජාතික සමගියට ජාතික ආරක්‍ෂාවට හානි කරන, පුද්ගලයන්ට බරපතළ නින්දා ආදී දේ ඉවත් කර නිවැරදි තොරතුරු පමණක් හුවමාරු කරන මාධ්‍යයන් වැඩියෙන් උවමනා යයිද ඔහු තව දුරත් කීවේය.

42 views

23 Comments to “අපහාස බෑ.. සමාජ විනාශ බෑ.. යහපත් දේ පමණයි.. ෆේස්බුක් යලි අරින්නේ මෙහෙමයි..- අලූත් වන ෆේස්බුක් එක ගැන ජනපති ජපානයේදී කියයි..”

  1. පිංගුත්තර​ says:

    දෙන්නම් හැබැයි අපහාස අවලාද බැහැ හොඳේ.ඒව කරන්න වෙනම ඇමති කෙනෙකුයි එයාට උපදෙස් දෙන එයාගෙම පුතයි අපි පත් කරල ඉන්නෙ.ඒ ගොල්ලන්ගෙ සහයට ඕන වැඩක් ගොන් වැඩක් කරගන්න හොඳ කිරි ගොනෙකුත් අපට ඉන්නව හොඳේ.

  2. David Milli-banda says:

    Then…. Chathurika ta kotu juump dannath behe.

Main News