අප්පච්චි මලා නං අම්මගෙ හොර මිනිහ එක්ක හරි එකතුවෙලා දින්න ඔ්නෑ.. නැතොත් අපේ දේශපාලනය ඉවරයි..- විජයමුණි..

November 26, 2017 at 10:40 am | lanka C news
අප්පච්චි මලා නං අම්මගෙ හොර මිනිහ එක්ක හරි එකතුවෙලා දින්න ඔ්නෑ.. නැතොත් අපේ දේශපාලනය ඉවරයි..- විජයමුණි..

‘මේ ගමන අපි අම්මත් එක්ක හරි, පුංචි අම්මත් එක්ක හරි, මාමත් එක්ක හරි, බාප්පත් එක්ක හරි අඩුම තරමේ අම්මට තව මිනිහෙක් ඉන්නව නම් ඒ මිනිහත් එක්ක හරි යන්න ඔ්න.

ප‍්‍රාදේශීය සභාවල බලය අපි ගත්තෙ නැත්නම් මතක තියාගන්න අපට මේ රටේ දේශපාලන බලය රැකගන්න අවස්තාවක් ලැබෙන්නෙ නෑ.’ යයි ඇමති විජිතමුණි සොයිසා මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී සම්මුතිවාදී ආණ්ඩුවකට එක් වූයේ පොදු වැඩපිලිවෙලකට බවත් කී ඔහු එම පාපකර්මයට එක් වූ නිසා ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් ඡන්දය නොදුන් බවද සදහන් කලේය.

එක පතේ කෑවත් බොක්ක වෙනස් බවත් කිසිසේත්ම එජාපයට යටත් වී දේශපාලනය කරන්න සූදානම් නැති බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කලේ බිබිල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

1,311 views
Main News