අප්පුහාමි, නලින් පැණි ඉල්ලයි… බෙහෙත් ඇමතිගෙන් කණ පිරෙන්න පැණි ලැබෙයි….
November 13, 2020 at 10:26 pm | lanka C news
කොරෝනා තත්වය හදුනා ගැනීමේ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව ගැන විශේෂ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් ලෙස අවස්ථාව ඉල්ලා සිටියේය. මන්ත්‍රීවරයා විවාදය යෝජනා කරමින් කතාව ඇරඹූ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යෝජනාව ස්ථීර කරන ලදි.
රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලංකාවට ගෙන්වීමේ දී දැවැන්ත අක්‍රමිකතාවක් සිදුවී ඇති බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවසීය. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක් වූ මහාචාර්ය චන්න ජයසුමන විපක්ෂය ගෙනහැර දැක් වූ කරුණු එකින් එක බිඳදමමින් එල්ල කළ චෝදනා අසත්‍ය බව ලේඛන සහිතව පෙන්වා දුන්නේය.
ඔහුගේ කතාවට බාධා කළ පුත්තලම් දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සුදර්ශන පැණිය පිළිබඳව ද ප්‍රශ්න නගන්නට විය. ඒ අවස්ථාවේ අමත්‍යවරයා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා කට්ටලයක් ගෙනහැර පාමින් අදහස් ඉදිරිපත් කළේය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම මීට පෙර පවසා තිබුණේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා කට්ටලය යනු ඖෂධයක් බවයි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේ නලින් බණ්ඩාර මහතාට අයත් නිවසක මත්පැන් පෙරූ බවට චෝදනා එල්ල විය. එය මතක් කිරීමත් සමඟ මන්ත්‍රීවරයා නිහඬ විය.
කොරෝනා මර්දනය පිළිබඳව රජයේ වැඩපිළිවෙළට පසුගිය සති කිහිපයේ බොහෝ විවේචනයට එල්ල වූ හෙයින් එය අවස්ථාවක් කර කරගෙන වාසියක් ලබා ගැනීමට විපක්ෂය හදිසි විවාදයක් ඉල්ලා සිටියද අද දින ඔවුන්ගේ බලාපොරොත්තු වූ ඉෂ්ඨ නො වූ බව පෙනී ගියේය. ඊට මුලික ලෙස හේතු වුයේ විවාදයට අදාල නොවන මඩ ප්‍රහාර එල්ල කලා මිස සංවිධානාත්මකව අදහස් දැක්වීමක් විපක්ෂය සිදු නොකිරීමයි.
– ප්‍රියංකර විමලසුරිය
එක්සත්ජාතික පක්ෂය මෙන්ම දැන් සජිත් ජලනි පක්ෂය නියම නොම්මර එකේ ගොන් තඩියන් මේ රටේ දේශපාලනයට දායක කරන්න පුරෝගාමී වූ පක්ෂයක් . ගොන්ජන් රාමනායක ,හරින ෆෙර්නන්ඩෝ ,සේෂා ,රංගේ බණ්ඩාර මේ චරිත වලින් කිහිපදෙනෙක් .මේ අතරින් දිදුලන ගොන් තඩියෙක් තමයි නලින් බණ්ඩාර කියන්නේ .නුගත්කම මරි මෝඩකම වචනයක් වචනයක් පාසා වැහෙනවා .රටේ කෙදවාචකය කියන්නේ මහාචාර්ය චන්න ජයසුමන මෙන්ම මේ කසිප්පු බණ්ඩාර නියෝජනය කරන්නේ එකම දිස්ත්‍රික්කයක් වීම .පක්ෂ දෙකෙක නියෝජිතයන් දෙදෙනෙකුගේ වෙනස .කසිප්පු බණ්ඩාර අනුරාධපුරයෙන් පැමිණුනාඋනත් මිනිහා අපහස කරන්නේ අපේ මුතුන්මිතන්ගේ දැනුමට නුගත් ගොන් තඩියන් කියන්නේ අන්න ඒවගේ නොමිනිසුන්ට .සජිත්ගේ පක්ෂය කියන්නේ ලුම්පන්ලගේ එකතුවක් දැන් රටේ නුගත් ලුම්පන්ලාට පක්ෂ දෙකක් ම තියෙනව එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනතා පෙරමුණ
වෙන්නප්පුවෙ කසිප්පු කාරයයි කුරුණෑගල කසිප්පු කාරයයි එක්කහු වෙලා.
අරක්කු පෙරන උන් ටයි කෝට් ගහල බලහල්ලකො ඉන්න උජාරුව.අරක්කු බොන හැට්ටරය නැෂනල් ගහල බලහල්ලකො අපූරුව.අනේ මුන්ව රාජ සබේට යැව්වෙ හොඳටම බීපු උන්ද?මුන් දෙන්න වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙච්ච උන්ද?