අප්‍රෙල් පළමුවැනිදා සිට මාසික වැටුපට 4% සිට 24% දක්වා ආදායම් බදු පැනවේ.. බදු පෝරියල් එකක් ඇරඹෙයි.. සම්පූර්ණ විස්තරේ මෙන්න..

March 31, 2018 at 11:11 pm | lanka C news
අප්‍රෙල් පළමුවැනිදා සිට මාසික වැටුපට 4% සිට 24% දක්වා ආදායම් බදු පැනවේ.. බදු පෝරියල් එකක් ඇරඹෙයි.. සම්පූර්ණ විස්තරේ මෙන්න..

නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය හෙට (01) සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.

නව ප්‍රතිපත්තියෙන් ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්ව ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ආදායම මත බදු පනවා තිබීම විශේෂත්වයකි.

2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනතේ බදු විධිවිධාන අප්‍රේල් 01 වැනිදා සිට එනම් හෙට සිට ක්‍රියාත්මක කෙරෙන අතර එමඟින් ක්ෂේත්‍ර රැසක බදු ප්‍රතිපත්ති වෙනස්කම්වලට ලක් කෙරෙයි.

ඒ අනුව සේවා නියුක්තිකයෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් නම් ඔහුගෙන් බදු අය කිරීමෙන් නිදහස් වේ.

කෙසේවෙතත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ පනස් දහස දක්වා 4%ක් ද රුපියල් එක්ලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂ 02 සියයට 8%ක් ද රුපියල් දෙලක්ෂයේ සිට රුපියල් දෙලක්ෂ පනස් දහස දක්වා සියයට 12%ක් ද රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂ 03 දක්වා සියයට 16%ක් ද රුපියල් ලක්ෂ 03 සිට රුපියල් තුන්ලක්ෂ පනස් දහස දක්වා සියයට 20%ක් ලෙස ද බදු ගණනය කෙරෙයි.

රුපියල් තුන්ලක්ෂ පනස් දහසට වැඩි අය සඳහා බදු ගණනය කිරීමේ ප්‍රතිශතය සියයට 24% කි

මෙම බදු අයකිරීමට සේවා නියුක්තිකයෙකුගේ වැටුප්,කොමිස් මුදල්,අතිකාල දීමනා, පාරිතෝෂික, ප්‍රවාහන හා අනෙකුත් දීමනා, ගෙවල් කුලී,විදුලි හා දුරකථන දීමනා,විනෝද දීමනා ඇතුළු ඊට සමාන්තර ගෙවීම් රැසක් ඇතුළත්ය
.
කෙසේවෙතත් සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් මෙම බදුවලින් නිදහස් කර තිබේ.

මීට අමතරව විදෙස්ගත ශ්‍රමිකයින් විසින් සම්ප්‍රේෂණය කරන හෝ මෙරට පුද්ගලයෙකු විසින් තැන්පත් කර ඇති බැංකුගත මුදල්වලට ලැබෙන පොලිය මත ද සියයට 5 ක් බද්දක් නව බදු ක්‍රමයෙන් අය කෙරෙයි.

මේ අතර අමතර නිවාස,ඉඩම් හෝ වාහන පැවති මිලට වඩා වැඩි මිලට විකිණීමෙන් ලැබෙන ලාභය මත ද බද්දක් හඳුන්වා දී තිබේ.

ප්‍රාග්ධන ලාභ මත බද්ද වන එමගින් ලාභයෙන් සියයට 10ක් බදු ලෙස ගෙවිය යුතු නමුත් බදු ගණනය කරන්නේ එම දේපළ 2017 වසරේ සැප්තැම්බර් 30 වන දිනට පැවති වෙළඳපළ වටිනාකම අදාළ කරගනිමින්ය.

කෙසේවෙතත් තමන් වසර 03 කට වැඩි කාලයක් පදිංචිව සිටි නිවසක් විකුණනන්නේ නම් එම නිවසින් ලැබෙන ලාභය ප්‍රාග්ධන ලාභ මත බද්දෙන් නිදහස් කර තිබේ.

කොටස් වෙළඳපලෙහි කොටස් වැඩි මිලට විකිණීමේදීත් මෙම බදු අයකිරීම සිදු නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර මෙරට පැමිණෙන විදේශිකයින් විසින් මිලදී ගන්නා විවිධ භාණ්ඩ මත පනවා ඇති වැට් බද්ද, එම විදේශිකයින් මෙරටින් පිටත්ව යන අවස්ථාවේ ගුවන්තොටුපළේදී එම මුදල නැවත ලබා දීම ද නව ප්‍රතිපත්තියේ විශේෂත්වයක් වන අතර එය එළඹෙන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

– webgossip.lk

83 views

13 Comments to “අප්‍රෙල් පළමුවැනිදා සිට මාසික වැටුපට 4% සිට 24% දක්වා ආදායම් බදු පැනවේ.. බදු පෝරියල් එකක් ඇරඹෙයි.. සම්පූර්ණ විස්තරේ මෙන්න..”

  1. indunil says:

    MALA [NO]THALA RONN GANEEMA…….?

  2. Asoka says:

    පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීන් 225ට තව ඩියුටි ෆ්‍රී පර්මිට් රවුන්ඩ් එකක් යයි වගේ

  3. Ratawasiya says:

    Thopila hora kaapapalla. Ewa hoyaganna janathaawagen huura kaapalla. Dan sathtuida?

  4. Baba says:

    Most of the Sinhalese are fool bcs government try to focus ur mind to racism and get ur hard work money easily. Most of the intelligent civilian sharing lot of articles and images regarding minority culture, now u guys even can’t survive with ur European culture.

  5. ruwan says:

    Actually good Tax system. High income High Tax. Good for poor peoples.

    • Dilan says:

      Ruwan, How can it be a good tax system??? They have imposed 5% tax from all FDs. Not separated whether they are poor or rich. I know how heard to collect money and open a FD account…

  6. manapperuma says:

    car NIKAN tax free, deemana wedi kala, padi wedi kala tpone petrol mobile nikan nattalata auruddata tyaga pirenawa gas nikan light ikan gewal nikan lipidravya nikan mewa lebena me despalakayo sura sepa windinawa. janathawata niraduk JANAPATHI NIDIDA???? theerana ganna berida gattoth job eka neeedaaa?

  7. Sampath says:

    I have seen this news and laughing my self . increase tax mean you will never find the solution. you want to be control economy we have to start production for export market. මීට අමතරව විදෙස්ගත ශ්‍රමිකයින් විසින් සම්ප්‍රේෂණය කරන හෝ මෙරට පුද්ගලයෙකු විසින් තැන්පත් කර ඇති බැංකුගත මුදල්වලට ලැබෙන පොලිය මත ද සියයට 5 ක් බද්දක් නව බදු ක්‍රමයෙන් අය කෙරෙයි. it will demotivate for send the money to country and make county hell very soon. this is whom introduce i don’t know. F– this Govt.

  8. nnuiag says:

    රටේ සංවර්ධනය සදහා සැලසුමක් නැත. ඒ නිසා ආර්ථික වර්ධනය අඩාල වෙලා, බදු පැනවීමෙන් ජනතාව අමාරුවේ දැමීමක්, වෙන දන්න දෙයකුත් නැනේ ?!!!!

  9. මාරම්බරී says:

    මේ කියන කථාව ගැන මට ගැටලුවක් තියනවා
    උදාහරනයකට රු 100,000 – 150,000 අතර පඩි ලබන කෙනෙකුට ගෙවන්න වෙන්නේ 4% ක් ද 4% න් රු 4000 අඩු කර පසු ලැබෙන අගයද
    මගේ දැනුමට අනුව මෙම තොරතුරු පැහැදිලි සත්‍යතාවයෙන් තොරයි

Main News