අපිට ඕනෑ පිට කොන්දක් තියෙන නායකයෙක්.. O/L වත් නැති අයට තීන්දු ගන්න ඉඩ දෙන්න බෑ..- අගරදගුරුගෙන් දැඩි ප්‍රහාරයක්…
February 20, 2021 at 10:02 pm | lanka C news
සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් නැති අයට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩදිය නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
උන්වහන්සේ මේ බව කියාසිටියේ, නව කමිටුවට එරෙහිව කටුවාපිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත කාදිනල් හිමියන් අද (20) හදිසියේ පැමිණි අවස්ථාවේ දීය.
උන්වහන්සේගේ පැමිණිම සැලවු ප්‍රදේශවාසින් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා මඟ දෙපස රැස්ව සිටියේය.
“අපිට ඕනේ සාධාරණය. රජය නිහඬ ඇයි? තවත් කමිටු පත්කරන්න එපා. අපේ දරුවෝ දෙමව්පියෝ ගොඩාක් මැරිලා තියෙන්නේ. අපි ඔබ වහන්සේ සමඟ ඉන්නවා.ඔබ වහන්සේව තනි කරන්නේ නෑ. ඔබ වහන්සේ කාටත් බියවෙන්න එපා. සත්‍යය කතා කරන්න. මේ රජය කරන බොරුව අනිවාර්යෙන්ම මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ. අපි තාමත් අඬනවා.“ යනුවෙන් ජනතාව පැවසීය.
එයට පිළිතුරු දෙමින් කාදිනල් හිමියන් පවසා සිටියේ, “ඔයාලා විතරක් නෙමෙයි අපිත් අඬනවා. එහෙම කිසිම අසාධාරණයක් කරන්න ඉඩ තියෙන්නේ නෑ. පාස්කු කොමිසමේ වාර්තාව අපි ඉල්ලුවා. ඒක ලැබෙනකල් මම ඉන්නේ. නමුත් කමිටු තාලා තමන්ට අවශ්‍යයි කියන දේ තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නෑ. අපි ඉල්ලන්නේ මේ වාර්තාව සම්පූර්ණයෙන් එළදරව් කරන්න. වාර්තාවේ තියෙන සමහර දේවල් හංගන්න එපා. එතකොට අපි තීරණය ගන්නම් කරන්න ඕනේ දේ. යම් ආකාරයට රජය බයවෙලා මේක හංගනවා කියලා හැඟීමක් අපිට එනවා. කමිටුව අපි පිළිගන්නේ නෑ. නිලධාරින් ටික දෙනෙක්ව හිරේ දාලා මේකට පිටුපසින් ඉන්න බලවේග හංගන්න දෙන්න බෑ. “
ප්රශ්නය – මේකේ විසඳුම් ලැබුණේ නැතිනම් මොකද්ද හිමියනි ඊළඟ පියවර?
“අපි කිව්වා නේ අපි ජාත්‍යන්තරයට යනවා. “
ප්රශ්නය – ඔබ වහන්සේ වතිකානුවේ පාප් වහන්සේව දැනුවත් කරලා තියෙනවා ද මේ සම්බන්ධයෙන් ?
“උන් වහන්සේලා දන්නවා. උන් වහන්සේලා සමග සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේම විවිධ සංවිධාන තියෙනවා අපේ ජාත්‍යන්තර ඒවට කරුණු ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි.“
අනතුරුව කටුවාපිටිය දේවස්ථානය වෙත පැමිණි කාදිනල් හිමිපාණන් එහිදි ද ප්‍රදේශවාසි ජනතාව සමඟ සාකච්ඡාවක නිරත විය.
“ඔයාලා බය වෙන්න එපා. අපි ඔක්කෝම මෙතෙන ඉන්නේ ඒකට යි. කමිටුවලින් කරන්නේ සමහර යෝජනා යටපත් කරලා අනිත් යෝජනා විතරක් ඉදිරියට ගේනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පිටකොන්දක් තියෙන නායකයෙක් ව. අපේ නායකත්වයෙන් වැඩක් නෑ කියන කියන දේට ඔලුව පාත්කරන්න ගියාම.ඔයාලගේ පැත්තේ මම ඉන්නේ. පාලනය වැරදියට කරනවා නම් අපි ඒකට විවේචනය කරනවා. උගත් මිනිස්සු 5කගෙන් සමන්විත කොමිසම දුන්න විනිශ්චය දුන්නේ ඒ කරුණු ඉෂ්ඨ කරන්න. ඒ නිසා O/L පාස් නැති මිනිස්සුන්ට මේක තීරණය කරන්න ඉඩදෙන්න බෑ.“
මේ අතර සහරාන් හෂීම්ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ වයස අවුරුදු 24ක තරුණියක් මාවනැල්ලේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්ව තිබේ.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු ත්රස්තවාදීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ තරුණියක් ඊයේ මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණි.
ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසිනි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ඊබ්‍රාහිම් සහිඩා නම් 24 හැවිරිදි තරුණියකි.
ඇය මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ෂාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනාගේ නැගණියයි.
ත්‍රස්ත ප්‍රහාරයෙන් සතියකට පසු මෙම හක් සහෝදරයින් දෙදෙනා ගම්පොල පාවහන් වෙළෙඳසැලක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණු අතර ඉන් පසු අවස්ථාවකදී ඔවුන්ගේ පියා ද අත්අඩංගුවට පත්විය.
ඔවුන් මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින අතර ඊයේ අත්අඩංගුවට පත් තරුණිය ද ප්‍රහාරය එල්ල වූ කාලයේදී ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇති බව වාර්තා වේ.
– adaderana
Why dont you choose GOD
God any way no Back Borne
may be he think now Non back borne God worst than O/l pass politician ,he is looking to find Life Truth……….
කාදිනල් තුමා එක ගලෙන් කුරුල්ලො රොත්තක් බිම හෙලයි.ආණ්ඩුවෙ 50%ක් ඕලෙවල් ෆේල්.විපක්ෂ නායක ඕලෙවල් ෆේල්.මුන්ව පත්කල උන් හැට හුට හමාරක් ඕලෙවල් ෆේල්?
We should not take those remarks lightly and he highlighter the ‘quality’ of the Cabinet.
O/L fail gon sajiya gana kiyanne