අපිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබෙනවා.. චන්ද්‍රිකාගේ හිතවතා මාධ්‍ය හමුවක් කැදවා කියයි..

February 1, 2017 at 10:00 am | lanka C news
අපිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබෙනවා.. චන්ද්‍රිකාගේ හිතවතා මාධ්‍ය හමුවක් කැදවා කියයි..

ශ්‍රී ලංකන් මිලට ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක ලංසු තැබූ පීස් එයාර් ගුවන් සමාගම ප්‍රකාශ කළේ ඔවුන් නිසැකවම ශ්‍රී ලංකන් මිලට ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඔවුන් ඒ සඳහා සියලු සුදුසුකම් සපුරා තිබෙන බවද පැවසීය.

අද පැවති මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති කිහිපයකම ප්‍රධාන නියෝජිතයින් සහභාගී වී සිටිනු දැකගත හැකි විය. ඔවුන් සමග ඉදිරියේදී ගිවිසුම් ගතවීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් ශ්‍රී ලංකන් බාර ගත් පසු ඇමරිකානු ක්‍රමයට වෘත්තීය සමිතිද ගුවන්සමාගම පාලනය කිරීමට සම්බන්ධ කර ගන්නා බවත් පීස් එයාර් සභාපති ගාමිණී වෙත්තසිංහ මහතා පැවසීය.

මේ වන විටත් සාකච්ඡා වලට අවසන් වටය සඳහා පීස් එයාර් තේරී ඇති අතර පීස් එයාර් සභාපතිවරයා හිටපු ජනාධිපතිනියගේ කිට්ටු හිතවතකු බවද වාර්තා වේ.

– සමීර

135 views
Main News