අපිනම් ජනතා මුදල් විනාශ කරන්නේ නෑ.. අන්න රාජපක්ෂලාගේ හොරකම් නිවුයෝක් ටයිම්ස් දාලා තියෙනවා..
June 30, 2018 at 6:48 pm | lanka C news
අප රජය හිට්ලර් තීන්දු ගැනීමට කටයුතු නොකරනවා මෙන්ම ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ඍජු තීන්දු ගැනීමට පසුබටවන්නේ නැහැ යනුවෙන් ව්‍යාපෘති කළමනාකාර,තරුණ කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මොරවක ජාතික පාසල් ශ්රවනාගායේදී ඊයේ (29) පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ 2017 ගංවතුරෙන් දේපළ හානි වූ පිටබැද්දර ප්‍රාදේශීය ලේඛම් කාර්යාල බලප්‍රදේශයට අයත් ප්‍රතිලාභී පවුල් හාරසිය හැටතුනක් සඳහා රුපියල් පන් කෝටි හැටනම ලක්ෂයක මුදල් චෙක් පත් ලබා දීමේ වැඩසටහනේදීය.
වැඩිදුරටත් දහස් දැක්වූ ඒ මහතා,
ජනතාවගේ මුදල් ගසා කන්න අපි ඉඩ දෙන්නේ නැහැ.ජනතාවගේ මුදල් අපි නාස්ති කරන්නේ නැහැ,අර කෝටි හාරසීයක් ගෙව්වා චන්දෙට දවස් තුනකට කළින්.මොකටද ගෙව්වේ කියලා දන්නේ නැහැ.ඕව ගැන නේ අර ඇමෙරිකාවේ ප්‍රසිද්ධ ලොකුම පුවත්පත නිව්යෝක් ටයිම් පුවත්පත,එකෙත් කතා කරලා තියෙනවා පසුගිය රජය කාලයේ සිදුවෙච්ච දුෂණ ගැන.
හරි අපරාධයක් මේක,අපේ අටට මේ අපකීර්තියක් ගෙනත් දෙන්නේ,ඒ විතරක් නෙමෙයි ඒ ඔබේ මුදල්.ඒ මුදල් තියෙන්නේ ඔබ වෙනුවෙන් නිවැරදි වැඩ කටයුතු කරන්න.
මෙතන ඉන්නේ ගංවතුරෙන් විපතට පත්වෙලා අසරණ වුනු පිරිස්.මේ ය බලාපොරොත්තුවක් තිබුනේ නැහැ වන්දි ලැබෙයි කියලා.ඔබ විතරක් නෙමේ නිලධාරීන්,මන්ත්‍රී වරුන් සියළු දෙනා බලාපොරොත්තු වුනේ නැහැ.
වසරක් ගතවෙලා හෝ ඒ යට මුදල් දෙන්න අපිට හැකිවෙලා තියෙනවා.
මට පුළුවන් නිලධාරීන්ට ගරහන්න,මම පහුගිය දවසක රැස්වීමක ගිහින් හිටියා.
දේශපාලන අධිකාරිය රැස්වෙලා හිටියා.ඒ ය රැස්වීම පටන්ගත් වෙලේ ඉඳලා නිලධාරීන්ගේ අඩුපාඩු කියනවා.මම ටිකක් අහගෙන හිටියා.වෙලාව ගතවුනත් රැස්වීමේ වැඩ කටයුතු සිද්ද වෙන්නේ නැහැ.මම අවසානයේ කිව්වේ මේ රැස්වීම නිලධාරීන්ට ගරහන්න තියෙන තැනක නෙමෙයි.මේ රැස්වීම තියෙන්නේ ජනතාවට සේවය කරන්න.අඩු පාඩු වෙනතැන් ඇති.අපි ඒ ගැන වෙනම ප්‍රාදේශීය ලේඛම් තුමා එක්ක කතා කරමු,මහජන දිනය තියෙනවා,ඊට අමතරව දවස් හතරක් තියෙනවා.ප්‍රාදේශීය ලේඛම් තුමා ඉන්නවා එය එක්ක කතා කරමු.කතා කරලා ඒක විසඳගමු.
මෙතන වෙන්නේ ජනතාවට වැඩිපුර සේවය කරන්න තීන්දු තීරණ ගන්න කියලා.එකයි අරමුණ.අපි හැමෝම එකතු වෙලා එකට වැඩ කරමු යනුවෙන් පැවසීය.
එම අවස්ථාව සඳහා පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් ජේ.ඩබ්ලිව් ජයනාත් මහතා සහ පිටබැද්දර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහභාගී වුහ.
– මොරවක ප්‍රියංකර ගමගේ
The alleged money is Chinese money. This pigs boss stole our money from Central Bank and made us suffer from 2015 which is still continuing
Yako ratata pitin salli ena ekai , rata athule thiyena salli mankolla kanaa ekai dekak
64 wathawak ponil helikopter eken awe janatha sewayatada – netham ube ……………….. balannada
කොහෙවත් රටක පත්තරේක ආර්ටිකල් එකක් ගිය පලියට ඒක ඇත්ත කියලා අපි පිලි ගන්න ඕනද?එහෙම පලිගන්නවන්න ගොබෙල්ස් න්‍යායාචාර්යය අහවල් ඇමති සෑමහන්න උත්සාහ ගන්නවා…රටේ බුද්ධිමත් මිනිස්සු දන්නවා ඇමරිකාව ප්රමුඛ බටහාර ඉවැන්ජලික රෙජිමයට ඕන ගෙේටාභය ජනපති ධූරයට ඒම වලකන්න…ඒකට උන් ඕන දහදුරා වැඩක් කරනවා…හැබැයි ලංකාවෙ බහුතරය දැන් මෝඩයො නෙවෙය..චන්දයක් තියපල්ලාකෝ හොරැන්ට උත්තර දෙන්න හරියටම…
හරිම සුරතල් කතා ඕයි!
you are a pleasant and popular politician. Never misuse peoples money ahead, God is with you sir
aaa
How come NYT found out about these monies and not the all powerful FCID?