අපිසූදානම්.. අපේ ජනාධිපති අපේක්‍ෂක පොහොට්ටුවෙන්.. ඔහු දෙසැම්බර් 09 දා ජනාධිපති ලෙස දිවුරුම් දෙනවා.. මහින්ද-ගෝටා සමග පින්තූරයක් මුදා හරිමින් බැසිල් කියයි.. ජනපතිට ප‍්‍රතිචාර දක්වයි..

June 6, 2019 at 12:02 am | lanka C news
අපිසූදානම්.. අපේ ජනාධිපති අපේක්‍ෂක පොහොට්ටුවෙන්.. ඔහු දෙසැම්බර් 09 දා ජනාධිපති ලෙස දිවුරුම් දෙනවා.. මහින්ද-ගෝටා සමග පින්තූරයක් මුදා හරිමින් බැසිල් කියයි.. ජනපතිට ප‍්‍රතිචාර දක්වයි..

මීළඟ ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයා ඉදිරි දිනයක දී පැවැත්වෙන පක්ෂයේ ජාතික සම්මේලනයේ දී ප්‍රසිද්ධියට පත් කරන බව හිටපු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කරන්නේ දෙසැම්බර් මස 9 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්‍ෂකයා මෙරට ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දෙනු ඇති බවයි.

මෙම සටහන තබා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේද පින්තූරයක් එක් කරමිනි.

මීළඟ ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවන බව බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයටද සහයෝගය නොදෙන බවටත් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් පසුව එජාප ඇමතිවරුන් සමග පැවසූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා මෙම සටඑන තබා ඇත.

225 views
Main News