අපි අද ආණ්ඩුව ගත්තොත් හෙට ඉදන් ඩොලර් එනවා.. පෝලිං අවසන් කරනවා.. මහින්ද යාපා ජනාධිපති කල යුතුයි…

May 30, 2022 at 3:00 pm | lanka C news
අපි අද ආණ්ඩුව ගත්තොත් හෙට ඉදන් ඩොලර් එනවා.. පෝලිං අවසන් කරනවා.. මහින්ද යාපා ජනාධිපති කල යුතුයි…

ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුව බාරගත්තොත් හෙට සිට ලංකාවට ඩොලර් එන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව බාරගතහොත් විදේශගත ශ්‍රමිකයන් හරහා මාසිකව ඩොලර් බිලියන එක හමාරක ගෙන්වා ගැනීමට හැකියාව ඇති බවද හෙතෙම පැවසීය.

ලොව පුරා රටවල තම පක්ෂයේ කමිටු ඇති බවත් ඔවුන් හරහා මෙසේ ඩොලර් ගෙන්වා ගැනීමට හැකියාව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වූ බව තම පක්‍ෂය ආණ්ඩුව බාර ගැනීමට සූදානම් යයි ජනාධිපතිවරයාට දැන්වූ බවත් ජනාධිපතිවරයා ඊට එකඟ නොවී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ බවත් ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

තම පක්‍ෂය ආණ්ඩුව බාරගන්නේ නම් නාධිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවත් වැඩබලන ජනාධිපති ධුරයට කතානායකවරයා පත් විය යුතු බවටත් යෝජනා කරන ලද බවත් හෙතෙම කියා සිටියේ.

ආණ්ඩුව බාර ගත්තේ නම් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉතින් තුන්දෙනා සහ පාර්ලිමේන්තුවේ සිටින සොරකම් අඩුවෙන් කරන ලද දස දෙනෙකු පමණ සොයාගෙන කුඩා කැබිනට් මණ්ඩලයක් පිහිටුවන්නට සූදානමින් සිටි බවද ඔහු තවදුරටත් පැවසීය.

එම සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් හෙතෙම මේ අදහස් පල කරන ලදී.

83,234 views

89 Comments to “අපි අද ආණ්ඩුව ගත්තොත් හෙට ඉදන් ඩොලර් එනවා.. පෝලිං අවසන් කරනවා.. මහින්ද යාපා ජනාධිපති කල යුතුයි…”

  1. Citizens of Lanka says:

    The USA Dollars also that printed curreacy,there is no backing on any gurantee vauable assests to US dollars like by wealth of Gold
    USA is country which Printed Trillons of $$$$ comes to Trillons by USA Tresureary and FRB since after Second World War.It volocity of US $ currecy in that largest by circularing World among other currencies.
    Given to JVP a billon of USA Dollars is matter of Printing is not that so NOT much complex issue to US by FRB.

  2. Priyantha says:

    අපි ඉස්කෝලේ යන කාලෙත්… වැඩක් දුන්නම මග හැරලා.. ලොරි ටෝක් දුන්න උන් හිටියා මුන් වගේ…

  3. jay says:

    ලංකාවෙ මගේ මිතුරන් කිහිප දෙනෙකුට මම උදවු කරමි. ඔවුන්ගේ ළමයි විදේශ ගතව ඉගෙන ගන්න නිසා $ අවශ්‍යව ඇත. මම ළමයින්ගේ ගිනුම් වලට $ ඩිපොසිට් කරන අතර ඔවුන් ලංකාවේ මගේ ගිනුමට එයට සමානව රුපියල් ඩිපොසිට් කරයි.
    වෙන්නේ මෙයයි. එයද එක්තරා විදියක උන්ඩියල් ක්‍රමයකි.
    ලංකාවේ $ මිළදි ගන්න පුුලුවන් වනතෙක් මෙය පවතිනු ඇත. දේෂපාලනය මෙයට අදාල නැත.

  4. Love Nature says:

    බලේට ආපු ගමන් මේ රටේ සෑම කෙනෙකුටම සතියකට ඇට වර්ග අටක් නොමිලෙ දෙනවයි කියල J.R ලොක්කා කිව්වවගේ, ජනාධිපති වුනහම බොත්තමක් ඔබල මිඩ්වයිෆ් ගෙන්ව ගන්නවයි කියල ආසයි-බයයි පුතානෝ කිව්ව වගේ,  3% ජවිපාවොත් බලේට එන්ඩ ඕනැම වැල්බයිලයක් ගහයි.
    අපි ආයෙ ඔව්වට අහුවෙන්නෙ නෑ, සිල්වෝ.

  5. Gamarala says:

    චන්දයක් තිබ්බොත් අනිවාර්යෙන් ජාතික ජන බල වේගයට ජනතාව රොක්වෙනවා නියතයි.

    • RANJITH DE ALWIS says:

      ඔව් ඔව් “රොක්” වෙයි. බලාගෙන හිටපන්

  6. cw says:

    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් ඕනලු, නේද?

  7. Lalla says:

    අපි දන්නව අමාත්‍යාංශ කරනකොට ලයිට් නිවට ගෙදර ගියා කියල. ඒවයින් රටට ඩොලර් ගේන්න බෑ. ඉස්සර වෙලාම මන්ත්‍රී වරු 50ක් පත්කරගෙන කයිය ගහමුද… ආවේගශීලී කතාවලින් සියලු ජන කොටස්වල සහය ගන්න බෑ…

  8. fotr says:

    “ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව බාරගතහොත් විදේශගත ශ්‍රමිකයන් හරහා මාසිකව ඩොලර් බිලියන එක හමාරක ගෙන්වා ගැනීමට හැකියාව ඇති බවද හෙතෙම පැවසීය.”

    ඒ කියන්නේ විදේශගත ශ්‍රමිකයන් විසින් වෙනත් ක්‍රම වලින් මාසෙකට ඩොලර් බිලියන එක හමාරක් ලංකාවට එවන බවද ?

  9. RATA SURAKIMU says:

    Till Win Ane Hu… Thopi hanadama kale lori talk dena eka witharai..

  10. Kandy Whip says:

    Very sad to hear that JVP leadership also living in make beliving world. I thought they have much better reading about countries situation than others but sadly I am mistaken

Main News