අපි ආණ්ඩුව හදන්න කෝටි ගණන් වියදම් කලා.. දැන් අපව අමතක කරලා..- ධනසිරි අමරතුංග

January 13, 2022 at 11:20 am | lanka C news
අපි ආණ්ඩුව හදන්න කෝටි ගණන් වියදම් කලා.. දැන් අපව අමතක කරලා..- ධනසිරි අමරතුංග

කොහුවල මංසන්ධියේ ගුවන් පාලමක් සෑදීම සඳහා මුල්ගල් තැබූ අවස්ථාවට තමන්ට ආරාධනා නොකල බව දෙහිවල-ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් තම කණගාටුව සඳහන් කරමින් සම තම සමාජජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව බිහි කිරීම සඳහා මුදල් කෝටි ගණන් වියදම් කල අය දැන් ආණ්ඩුවට අමතක වී ඇති බවයි.

එම සම්පූර්න සටහන මෙසේය.

අද දින කොහුවල හන්දියේ ගුවන් පාලමක් හැදීමට මුල්ගල තියන්න පිටරටක ඇමති කෙනෙක් සහ අපේ රටේ මහා මාර්ග ඇමති ‘මගේ මිත්‍ර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මා’ ඇවිත් මුල්ගල තියලා ගිහිල්ලා තියනවා. කියන්න කණගාටුයි දෙහිවල ආසනේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මම. නමුත් මට කවුරුත්ම ආරාධනා කරෙත් නෑ මම දන්නෙත් නෑ. මම අද මගේ පෞද්ගලික වැඩකට නුගේගොඩ පාරෙන් යද්දි මම දකිනවා පොලිසියයි මිනිස්සුයි එතන පිරිලා ඉන්නවා. එතන පොලීසියෙන් හිටිය නිසා මම දුරකථන ඇමතුමක් දුන්නා එතැන හිටිය පොලිස් නිලධාරි මහත්මයෙකුට. එතුමා තමයි මට කිව්වේ එතන ගුවන් පාලමකට අද මුල්ගල තියෙනවා කියලා. හයියෝ පුදුම ආණ්ඩුවක්…. අපිම ආණ්ඩුව හදලා, අපි ආණ්ඩුව හදන්න කෝටි ගණන් වියදම් කරලා, අපි ආණ්ඩුව හදන්න මහන්සිවෙලා හිඟාකාලා හිඟාකාලා ඡන්ද ටික එකතු කරල ආණ්ඩුව හැදුනට පස්සේ ආණ්ඩුවේ ඉන්න ලොකු මහත්තුරුන්ට ආණ්ඩුව හදන්න මහන්සි වුණ අපිව දැන් අමතකයි හරිම කණගාටුයි…!😐😳
මම තාමත් මහින්ද මහත්තයා ට පන වගේ ආදරෙයි ❤️

68,903 views

28 Comments to “අපි ආණ්ඩුව හදන්න කෝටි ගණන් වියදම් කලා.. දැන් අපව අමතක කරලා..- ධනසිරි අමරතුංග”

  1. Sandun Dhammika says:

    මගේ ප්‍රශ්නයක් නෙමයි.උබල කෙවත් එකයි හිගා කෙවත් එකයි මට.
    මගේ ප්‍රශ්නේ තීරු බදු නැතුව මම ගන්න ඉන්න ඊලග වාහනේ, Toyota ප්රිමියෝ එක ගැන ප්‍රශ්නේ.
    එක තීරු බදු නැතුව ගන්න පුළුවන් වෙයිද ?

  2. ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් වැඩ කලානම් ඒක හරි නැහැ.

    • MD says:

      අම්මා තාත්තා වුනත් දුක්මහන්සි වෙලා දරුවන් හදන්නේ වඩන්නෙත් යම් දවසක දරුවෙක් දෙන්නෙක් ඵයාලට හොඳින් බලා ගනියි කියලා පුංචි හෝ බලාපොරොත්තුවක් තියාගෙනනේඒ?යථාර්තය ඵ්කනේ.ඵ්කනිසාඋදව්වට උදව්වක් කිරීම සාධාරණය

      • Boo says:

        ඒ කියන්නෙ උදවු කරලා තියෙන්නෙ අර පරන සුපුරැදු ක්රමේටම පස්සෙ වාසි ගන්න බලාගෙන මිසක් රට ගොඩගන්න නෙමෙයි. ඔන්න ඔය මානසිකත්වය දේසපාලුවන්ට තියෙන තාක් මේ රට හදනු බොරැ.

  3. Mahesh says:

    Koti ganan viyadam kireema methiwaranayakadee neethyanukula wedakda, allas deemakda?

  4. Mevan says:

    Mathak wenna salli tikak denna.

  5. 0.00069 BIYYO says:

    ආණ්ඩුව හදන්න කෝටි ගණන් වියදම් කරන්න කියල කවුද කීවේ. උඹල කෝටි ගණන් වියදම් කරල ,ඇත්ත නැත්ත කරලා ,නැත්ත ඇත්ත කරන නිසා තමයි පාර්ලිමේන්තුවට හරිහමන් එකෙක් යවාගන්න බැරිවෙලා තියෙන්නේ

    වියදම් නොකර හිටපල්ලා ,එතකොට මිනිස්සු හරි එකෙකුට චන්දෙ දෙයි.

  6. Mssilva says:

    Mun okkoma ekai. Mul gala thiyannath uthsawa. Hariyata amathiya paara design karala amathiyage salliwalin paara handanawa wage. Lajjai. Paalama haduwata passe thawath උත්සව k. Ane gota nidida ba. Niyama system mewa.

  7. Power says:

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවට ඇමරිකාවේ සිටින ඔහුගේ පුතා මුල ඉදන්ම දැඩි අකමැත්තක් ප්‍රකාශ කරලා තිබුණා. අවසානයේ ගෝඨාභයව ජනජනාධිපතිවරණයට ඉදිරිපත් කර ගැනීමට කැමැත්ත ලබා ගැනීම සඳහා ධනසිරි අමරතුංග තමයි ඇමරිකාවට ගිහිල්ලා ගෝඨාභයයේ පුතාව හමුවෙලා සාකච්ඡා කරලා තිබුණේ. එහෙම උදව් කරපු මිනිස්සුන්ටත් කැපිල්ල දානවා නම්, රටේ සාමාන්‍ය මහ ජනතාව වන අපට මෙහෙම හරි සලකන එක ගැන සතුටු වෙයල්ලා. 😂

  8. රජරට බයියා says:

    අපිත් චන්දේ දීලා කැපිල ඉන්නේ.

  9. බුල්ජන්ස් says:

    මූත් දෙහිවල නගරසභාව කාපු එකෙක්. කාලයක් UNP යට සෙට්වෙලා හිටියා. දැන් මහින්ද රාජපක්ෂට සෙට්වෙලා. මහින්ද පස්සෙ යන එවුන්ට ගෝ්‍ඨගෙන් නෝ චාන්ස්. තාත්ත වගේ හැලි අරක්කු බිස්නස් එකටවත් බැහැපං.

  10. Namal says:

    සර්ට ඔහොම සලකනවා නම් අපි ගැන කවර කතාද

Leave a Comment

Main News