අපි ආණ්ඩු කලා නම් කොරෝනාවෙන් 15,000ක් මැරෙන්න දෙන්නෑ…

February 2, 2022 at 1:20 pm | lanka C news
අපි ආණ්ඩු කලා නම් කොරෝනාවෙන් 15,000ක් මැරෙන්න දෙන්නෑ…

යහපාලන ආණ්ඩුව බලය සිටියේ නම් කොරෝනා වසන්ගතයෙන් පුද්ගලයන් 15,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වීමට ඉඩ ලබා නොදෙන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

එන්නත්කරණය ප‍්‍රමාද කරමින් ධම්මික පැණිය, සුදර්ශන පැණිය ආදී සංදර්ශන වල යෙදුණු ආණ්ඩුව එන්නත්කරණයට අවුරුද්දක් සැපිරීම පෙනුමෙන් උත්සව පැවැත්වීම ලැජ්ජාවට කරුණක් යයිද ඔහු පැවසීය.

එන්නත්කරණයට වසරක් සැපිරීම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත් හෙතෙම සඳහන් කළේය.

අද වන විට කොරෝනා වෛරසය ඉතාම සීඝ‍්‍රයෙන් පැතිරෙන බවත් හඳුනා ගන්නා ප්‍රමාණයට වඩා හඳුනා නොගන්නා ආසාදිතයන් සමාජයේ සිටින බවද ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

15,920 views

38 Comments to “අපි ආණ්ඩු කලා නම් කොරෝනාවෙන් 15,000ක් මැරෙන්න දෙන්නෑ…”

  1. ලපයා says:

    මූ බලයේ හිටියනං කොවිඩ් වලින් තව නැව් 25 ක් වත් අරගෙන .

  2. On The Spot says:

    රාජිත, ඔබ දැන් කිඹුල් කඳුලු(ඔබේ වර්ගයේ කඳුලු)හෙලන්නේ මන්ද කියා අපි දනිමු.ඔබ එතරම් සුවපතියෙක් නම් හදවත රැක ගන්නට(එවැන්නක් තිබුනාද යන්න සැක සහිතය​)එකල මවුන්ට් එළිසබෙත් සොයා පියෑඹුවේ මන්ද?ඔබ උන්නා නම්,,මේ වන විටත් අපතේ දමන කල් ඉකුත්වූ බෙහෙත් කර මත තබාගෙන ගෙනැවිත් අපේ උන්ට දී උන් හැට හුට හමාරක් මරා අවසන් බව කිව යුතුය​.ඔබේ නැව් ප්‍රමාණය දෙගුණ තෙගුණ වී ලක් මවට පේන නොපෙනෙන මානයෙන් යාත්‍රා කරන අයුරු බලන්නට ඔබේ බෙහෙත් නොගත් අතලොස්සක් වූ ඔබේම මිතුරන් හැරෙන්නට වෙන කිසිවෙක් ජීවතුන් අතර නොමැත​.අඩුම තරමේ ප්ලැකුනිල් හඳුන්වා දුන් පියානෝ වාදක පුතාණෝද වල කජ්ජ ගස්සවා හමාරය​.පියා සුවපති ජනපති වී පුතා බහුශ්‍රත අගමැති වී බිරිඳ දෙදෙනාගේම උපදේශක වී කිඹුල් පවුලක් රාජ්‍ය කරවන කිඹුල් දනව්වක් බිහි වීමට ඉඩ තිබුනි.ගල්කිස්ස මුහුදේද දැන් කිඹුල්ලුය.ඔබට දැන් සතුටු ඇති නේද?

  3. NuwanJ says:

    ඇත්ත එහෙනම් 50,000 යි

  4. කැපුවත් පොහොට්ටුවට says:

    කුනු දතා මොනව දෙඩෙව්වත් කවදාවත් මෝඩ පුටානෝ බලයට එන්නෙ නෑ. පොහොට්ටු ආන්ඩු පමණයි…

  5. තොපේ ආණ්ඩුවක් තිබුනා නම් මැරෙන්න මිනිස්සු නැහැ. ඔක්කොම මැරිලා.

  6. ශාන් ප්‍රනාන්දු says:

    රට කරානම් අද හතරෙන් එකයි ඉතුරු වෙන්නේ 😂. පිලිකා රෝහලේ ස්කෑන් මැෂින් ඒක ගෙනල්ලා දීපන් මුලින්ම

  7. Saradiel says:

    Ane pala kimbulo yanna….
    Tho hitiya nam rate million 21n 10kma marala

Main News