අපි ආවේ දුෂණ වංචා නවත්වන්නයි.. බැදුම්කරය හොද ආරම්භයක්.. බැදුම්කර හොරුන්ට දඬුවම් දෙනවා.. අගමැතිගේ විශේෂ ප‍්‍රකාශය මෙන්න..[Video]

January 19, 2018 at 3:26 am | lanka C news
අපි ආවේ දුෂණ වංචා නවත්වන්නයි.. බැදුම්කරය හොද ආරම්භයක්.. බැදුම්කර හොරුන්ට දඬුවම් දෙනවා.. අගමැතිගේ විශේෂ ප‍්‍රකාශය මෙන්න..[Video]

බැඳුම්කර වාර්තාව හා එහි නිර්දේශ, චෝදනා ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අදහස් පල කලේය.

ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් අගමැතිවරයා පල කරන සම්පූර්ණ අදහස් දැක්වීම මෙසේය.

‘අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්ෂ‍ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි. බලයට පත් වී ටික කලෙකින් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාවක් නැගුනා. අපි එය පාපිස්ස යටට දැම්මේ නෑ.

සති දෙකක් ඇතුළත විමර්ශන කමිටුවක් පත් කළා. විමර්ශන කාලය තුළ මහබැංකු අධිපති රාජකාරි කටයුතු වලින් ඉවත් වුණා. පාර්ලිමේන්තුව දැනුම්වත් කළා. පාර්ලිමේන්තුවට වුවමනා නම් තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස මම දැනුම් දුන්නා. විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙතෙක් කල් කෝප් කමිටුවේ සභාපතීත්වය දැරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. වත්මන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතිත්වය විපක්ෂ මන්ත්‍රීවරයෙකුට දුන්නා. කමිටුව මගින් බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවාද කළා.

මේ වාර්තාව පිළිබඳ සුදුසු ක්‍රියා මාර්ග ගැනීම සඳහා 2016 ඔක්තෝබර 31 වන දා නීතිපතිවරයාට යොමු කළා. මේ ගැන, විශේෂයෙන්ම පර්පචුවෙල් ටේර ෂරීස් සමාගම ගැන වැඩි දුර පරීක්ෂ්ණ පැවැත්විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා මා සමගත් සාකච්ඡා කර ජනාධිපති කොමිසම පත් කළා. කොමිසමේ කටයුතු වලට අපි සහය දුන්නා. අපේ ඇමතිවරු කොමිසම හමුවට ගියා. මමත් ගියා. චෝදනාවක් එල්ල වූ විට එය විමර්ෂණය කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කළ කිසිම ආණ්ඩුවක් නෑ. තුන් වතාවක් අප මේ ගැන පරීක්ෂණ කළා.

පසුගිය ආණ්ඩුව සමයේ අවස්ථා ගණනාවකදීත් මේ ආකාරයෙන් චෝදනා එල්ල වුණා. නමුත් ඒ කිසිම අවස්ථාවක ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළේ නෑ. පාර්ලිමේන්තුවට කරුණු හෙළි කළේ නෑ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවන්හි පවා පිළිතුරු දුන්නේ නෑ.

ලංකාවේ මූල්‍ය පාලනය සතු පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවේ මේ බලය අමතක කර තිබුණා. අපි පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය යලිත් තහවුරු කිරීමටයි කෝප් කම්ටුව සහ පාර්ලිමේන්තුවට මේ වගකීම භාර දුන්නේ.එම වගකීම එතනින් ඉවත් කිරීමට බැහැ. පාර්ලිමේන්තුව සිය මූල්‍ය පාලන බලතල නිසි අයුරින් පාවිච්චි කළ අවස්ථාවක් ප්‍රදර්ශනය කිරීමක් ලෙස බැඳුම්කර සිදුවීම උඩ අපි දැක්කා. ආණ්ඩුව විනිවද භාවයෙන් යුතුව ක්‍රියා කරන බවට හොඳම උදාහරණයක්.

මේ බැඳුම්කර නිසා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම අයුතු ලෙස බිලියන 9.2 ක් උපයා ගෙන ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන්. මා ඇමති ධූරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලයන 12 ක මුදලක් රඳවා ගෙන තිබෙනවා. ඒ නිසා කොමිසම නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9. 2 ක නැවත ලබා ගන්න පුළුවන්. අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. එවිට මේ මුළු මුදලම රජයට ලබා ගන්න පුළුවන්. රජයට කිසිදු අලාභයක් සිදු වන්නේ නෑ.
ඒ වගේම මේ වංචාවට කිසියම් හෝ නිලධාරීන් පිරිසක් හවුල් නම් ඒ අයට නීතිය අනුව ක්‍රියා කරනවා.

බැඳුම්කර පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ පටන් ඒ සඳහා අවශ්‍ය විමර්ශන කරන්නට අපි උපරිම සහය දුන්නා. දැන් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් අපි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. අපේ ආණ්ඩුව ප්‍රතිපත්ති ගරුක, විනය ගරුක, ශීලාචාර ආණ්ඩුවක් බව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා.

මෑත ඉතිහාසයේ මේ ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කළ අවස්ථාවක් අප දුටුවේ නැහැ. අපේ ඇමතිවරු සම්ප්‍රදාය කඩ කිරීම පිළිබඳව ඉල්ලා අස්වුණා. නීතිය ක්‍රියාත්මක වුණා. ඇඟිලි ගැසීම් නොමැතිව අධිකරණය තීන්දු දුන්නා. ජනතාව නිදහසේ අදහස් දැක්වූවා. ජනමාධ්‍ය බයක් නැතුව කටයුතු කළා.

ඒ විතරක් නෙවෙයි. බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන අපේ පක්ෂතයේ සාමාජිකයන් ඉන්නවා නම්, ඒ අය පිළිබඳව සොයා බලා තීරණයක් ගන්නට අපි තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. කමිටු නිර්දේශය අනුව අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ එක්සත් ජාතික පක්ෂ සම්ප්‍රදාය. ඒ අප ඇති කරමින් ක්‍රියාත්මක කරන සම්ප්‍රදායයි. අපේ පක්ෂ්යේ සම්ප්‍රදාය සහ යහපාලන සංකල්පය අනුව යමින් අපි රට හදනවා. ගම හදනවා. යහපත් හෙටක් මේ රටට උදා කරනවා.

ජනවාරි 08 වන දා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනස, යහපත් සමාජය අපි උදාකරනවා. එය එක දවසින්, එක රැයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ විභාගයත් එයට ආරම්භයක් ලෙස සළකන්න පුළුවන්. අපි අතීතයත් වර්තමානයත් පිළිබඳව එක සේම අවධානය යොමු කරනවා. අපි හරි පාරේ ඉදිරියට යනවා. වැරදි නිවැරදි කර ගන්නවා. අඩුපාඩු සකස් කර ගන්නවා.

බැඳුම්කරය පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ සිට මේ දක්වා අප ගත් ක්‍රියා මාර්ග මගින් පෙන්නුම් කරන්නේ අප හොඳ ආරම්භයක් ගෙන ඇති බවයි. අප සොයා බලන්නේ පසුගිය රජයේ දූෂණ වංචා ගැන පමණක් නෙවෙයි. වර්තමානයේ එල්ල වන දූෂණ චෝදනා ගැනත් අප සොයා බලනවා. විමර්ෂණය කරනවා. නිසි පියවර ගන්නවා.

අපේ රටට යහපත් අනාගතයක් උදා කර දීම අපේ අරමුණයි. අපේ රට යහපත් හා පොහොසත් රටක් බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ අරමුණ ජය ගැනීම සඳහා අපි එකට එක්ව කටයුතු කරමු. අභියෝග ජය ගනිමු. බලගතු ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කරමු”

රනිල් වික‍්‍රමසිංහ
අග‍්‍රාමාත්‍ය

73 views

17 Comments to “අපි ආවේ දුෂණ වංචා නවත්වන්නයි.. බැදුම්කරය හොද ආරම්භයක්.. බැදුම්කර හොරුන්ට දඬුවම් දෙනවා.. අගමැතිගේ විශේෂ ප‍්‍රකාශය මෙන්න..[Video]”

  1. Sepala says:

    In Srilanka Prime Minister’s became Bank robber’s. And President became Protector of the Bank Robber, And finally they both become Judges. What a country.

    • ජනක says:

      මේ වැඩ හරියන්නේ නෑ මේවා ඔක්කොම බයිලා .පේනවද මේකාගේ මුණ ?අලුත් ආණ්ඩුවක් ආවගමන් කරන්න ඕනා මෙන්න මේ හොරකමට සම්බන්ද වුනු වගඋත්තර කාරයි ඔක්කොම එක රැයින් අත්අඩංගුවට අරගෙන හිරේ දාලා නඩු අහන එක ඒවගේම ඔය අදාළ සමාගමේ සියලුම එවුන්ගේ වත්කම් ආණ්ඩුවට ගන්න ඕනා ඒවගේම අර්ජුන් මහේන්ද්‍රන් කියන එකාව ලංකාවට ඉල්ලලා ගන්න ඕනා බැරිවුනොත් ඔකාව අර kp උස්සන් ආව වගේ කුදලාගෙන එන්න ඕනා .ෆූට් නොට් දාපු උන් ඇමතියෝ අගමැතියෝ ජනපතියෝ ඔක්කොම මේකේ වගඋත්තර කාරයො

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  2. Nandasoma says:

    දැන් හොරු හොරුම පේන කියන්න පටන් ගෙන.

    මහ බැංකුව තමන්ගෙ යටතට ගත්තෙ කවුද?

    පර්පච්වල් එකට අයුතු ලාභ ලබන්න හැකි වන විදියට අර්ජුන මහේන්ද්‍රන්ව මහබැංකුවට පත් කලේ කවුද??

    කැබිනට් මණ්ඩලය විරුද්ධ වුන වෙලාවෙ ඒකෙ වගකීම භාර ගත්තෙ කවුද???

  3. රාහුල මල්ලී says:

    මේ රටේ හිටපු අගමැතිවරුන් අතරින් විලි ලැඡ්ඡාව කියන එක ගෑවිලාවත් නැති අගමැති…. මහේන්ද්‍රන්ට හොරකම් කරන්න ඉඩ දීලා… ඒක වහන්න කරන්න පුළුවන් හැම මගඩියම කරලා… දැන් ඡාතිය අමතන්නත් හිතට ධෛර්ය අරගෙන….

  4. siyarata says:

    ඔබ හෑමදාම කළේ රටට ජාතියට ද්‍රෝහීකම් , ඒක්ටා සහ යෝජිත බෙදුම්වාදී ෆෙඩරල් ව්‍යවස්ථාව වහාම හකුළා ගන්න . ඉස්සෙල්ලාම දඬුවම තමන්ටම දීගන්න , කාගේවත් බසට ඇහුම් කන් නොදී මහේන්ද්‍රන් නමති සින්ගප්පූරු හොරාව අධිපති කළාට . ඔබට ඡන්දය පාවිච්චි කරන එවුන් සියල්ලම රටේ අනාගතය විනාස කිරීමටයි රට කීතු කිරීමටයි ඡන්දය දෙන්නේ .

  5. GOD ANGEL says:

    Ane H…k..
    Nann name😂😠

  6. හාවා says:

    අ.ල. (අපි නොදන්න ලයිව්)

  7. මුවා says:

    ටිකක් බය වෙලා වගේද?

  8. ExUNPer says:

    I had always some respect to Ranil.
    He was a good gentleman.
    Sad to see that he has now become a joker 😀.
    May be he got the virus fro the president. 😀😀

    • Sepala says:

      ExUNPer, Ranil is not only a Joker but a very cunning thief. He acted like the way a Joker just to brush off the accusations levelled against him. That is why in the Parliament he said,” what Bond the only bond I know is James Bond” when Opposition inquies about it. He still thinks majority in this country are fools. If he did this Bond Scam in USA, he must be in the jail now. And will get at least 25 years sentence. He is the great Betrayer of SL.

  9. Sunil says:

    Great Sir, just like this please kick off Prof.Thattil the son of a butch and the bastard who introduced the Z score system for the university entrance.

  10. Kings says:

    මට අර ලස්සන සින්දුවෙන් කෑල්ලක් මතක් උනා
    “මහ කකුලුවො ඇදට ගිහින් පොඩි එවුන්ට කෙලින් යන්න කියනවා”

Main News