අපි ඉන්න තුරු හම්බන්තොට වරාය විකුණන්න දෙන්නේ නෑ..- අමරවීර

August 1, 2017 at 3:50 pm | lanka C news
අපි ඉන්න තුරු හම්බන්තොට වරාය විකුණන්න දෙන්නේ නෑ..- අමරවීර

අපි සිටිනා තුරු හම්බන්තොට වරාය විකුණන්න දෙන්නේ නැතැයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

‘අද කැබිනට් මණ්ඩලයේ පැය ගණන් කතා කරනවා. වාද විවාද කරනවා. ආණ්ඩු පක්ෂ රැස්වීමේ පැය ගණන් කතා කරනවා. එජාපයේ අය අපේ යෝජනා ගැන කතා කරනවා. අපි එජාපයේ මැති ඇමැතිවරුන්ගේ යෝජනා ගැන කතා කරනවා. දැන් ගොඩක් අය කියනවා. හම්බන්තොට වරාය විකුණුවා කියලා. කොහෙද හම්බන්තොට වරාය විකුණන්නේ. අපි ඉන්නකම් හම්බන්තොට වරාය විකුණන්න දෙන්නේ නැති බව හම්බන්තොට ජනතාව දන්නවා.

එක වෙලාවකට කීවා අවුරුදු 198කට බදු දෙනවා කියලා. පස්සේ අවුරුදු 99කට බදු දෙන්න කියලා ආවා. අපි ඒක අද අවුරුදු 70වකට අඩු කරලා තියෙනවා. මේක බද්දකට වඩා ආයෝජනයක්. මෙහි එකම ඉඩමක්වත් විකුණන්නේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්න මේ ආණ්ඩුවේ අපි මේ රටේ එක බිම් අඟලක්වත් චීනයට හෝ ඉන්දියාවට විකුණන්න දෙන්නේ නැහැ. එජාපය ඉස්සර ආණ්ඩු කරන කාලයේ හා ශ්‍රී ලනිපයේ ආණ්ඩු කරන කාලයේ එහෙම විකිණීම් කරලා තියෙනවා. පෝට් සිටි එක චීනයට විකුණලා තිබුණා. ජනතාව මුළා කරන්න හදනවා සම්පත් විකුණනවා කියලා. හම්බන්තොට වරායේ ආරක්ෂාව සම්පූර්ණයෙන් කරන්නේ නාවික හමුදාව හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟිනි. ඉඩම්වල පූර්ණ අයිතිය ආණ්ඩුව සතුව තියාගෙන තමයි මේ කටයුතු කරන්නේ. වාණිජ්‍ය කටයුතුවලට හැර හම්බන්තොට වරාය වෙනත් කටයුතු සඳහා යොදා ගන්න අපි ඉඩ තියෙන්නේ නැහැ. විවිධ අය මේ ගැන අසත්‍ය ප්‍රචාර ගෙනියනවා’

– Mawbima

231 views

12 Comments to “අපි ඉන්න තුරු හම්බන්තොට වරාය විකුණන්න දෙන්නේ නෑ..- අමරවීර”

  1. සෙල්ලං සේන​ says:

    අමරෙ ඉන්න තුරු වරාය විකුණන්න ලැබෙන්නෙ නැහැල්ලු.
    අමරෙ නැති වෙලාවෙ වරාය බදු දුන්නලු.
    අවුරුදු හැත්තෑවකට පස්සෙ බද්ද ඉවර වෙනවලු.
    ඒ වෙනකොටත් මිනිස්සු අමරෙලාට ශාප දානවලු.