අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන්.. පුටුවෙන් ඉල්ලා සිරිසේනගෙ හිරකාරයො වෙන්න බෑ… අකමැති උන් වෙනම තරග කරනු..

January 1, 2020 at 3:50 pm | lanka C news
අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන්.. පුටුවෙන් ඉල්ලා සිරිසේනගෙ හිරකාරයො වෙන්න බෑ… අකමැති උන් වෙනම තරග කරනු..

ඉදිරි මහ මැතිවරණය පුටුවෙන් හෝ බුලත් කොලයෙන්  තරග කර කාගේවත් සිරකරුවන් වීමට තමන් සුදානම් නැති බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන , සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ පොහොට්ටුවෙන් ඉල්ලීමට අකමැති අයට වෙනම තරග කරන්නැයි පවසා ඉදිරි මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම තරග කලයුතු බවයි.

ඉදිරි මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ ඒ ආසන ලබා ගත යුතු ජන්ද ඉලක්ක ලබා දීම සදහා මහර හා වත්තල ආසන වල පළාත් පාලන නියෝජිතයන් සමග අද (01)  පැවති සකච්ජාවක දී   රණතුංග මහතා මේ බව  සදහන් කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද  කීවේය

“පසුගිය පළාත් ගැන මැතිවරණයේදී අපිට මේ වගේම බලපෑමක් ආවා. බුලත් කොලයෙන් එකතු වෙලා තරග කරමු කියලා.හැබැයි මම එදත් විරුද්ධ වුනා.මම එදා කිව්වා එහෙම වුනොත් මම තනිවම හරි පොහොට්ටුවෙන් තරග කරනවා කියලා.එදා අපි බුලත් කොලයෙන් ඉල්ලුවා නම් මේ තරම් මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙන්නේ නෑ.ඒ වගේම එහෙම වුනානම් අපිට ඉන්න වෙන්නේ බුලත් කොලේ හිර කාරයෙක් වෙලාබුලත් කොලේ ප්‍රධානියා වුන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රූකඩ වෙලා තමයි එහෙම වුනානම් අපිට වැඩ කරන්න වෙන්නේ .

අපි පොහොට්ටුව හැදුවේ අමාරුවෙන් . හැබැයි ඒ පොහොට්ටුවට තමයි අද ජනතාව කැමති. ඒ හින්දා ඉදිරි මහ මැතිවරණය අපි පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වෙන්න ඕන කියලා අපි අපේ පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීම් කරලා තියෙන්නේ . අපේ පක්ෂයේ ඉන්නේ ජනතාවගේ හද ගැස්ම දැනෙන නායකයෝ . ඒ නිසා අපේ ඉල්ලීම ඉටුවන බව අපිට විශ්වාසයි.

2019 අපිට සතුටු වෙන්න පුලුවන් අවුරුද්දක් . 2020 අපිට අභියෝගාත්මක අවුරුද්දක් .අපි මේ අවුරුද්දේ මහ මැතිවරණයකට වගේම පලාත් සභා මැතිවරණයකටත් මුහුණ දිය යුතුයි. මේ මැතිවරණ දෙකෙන්ම අපි විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබන එක ඒකාන්තයි.  පසුගිය ජනාධිපති වරණයේ දී අපි ජන්දය ඉල්ලුවේ මහින්ද මහත්තයා වෙනුවෙන් .  මහින්ද මහත්තයා වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවන්න කියලයි අපි කිව්වේ. හැබැයි අපි මේපාර ජන්දය ඉල්ලන්නේ මහින්ද මහත්තයා අගමැති කරන්නයි.

අපි දැන් අලුත් ආණ්ඩුවක් පිහිටුවලා මාසයක් විතර වෙනවා. අපි රටේ ජනතාවට දැනෙන වෙනසක් සිදු කරමින් ඉන්නවා. දැන් එක්සත් ජාතික  පක්ෂය ඇතුලු ආණ්ඩු විරෝධී බලවේග දැන් නැවතත් සුපුරුදු බොරු කීම පටන් අරන්.මම දැක්ක සමහරු රාජිත ඇප මත නිදහස් වුන එකටත් ආණ්ඩුවට චෝදනා කරනවා.ඇත්තටම පසුගිය ආණ්ඩුව කලේ නීතිය නමලා තමන්ට ඕන දේ .අපි එහෙම කරන්නේ නෑ.අපි නීතියට බලපෑම් කරන්නේ නෑ.බන්ධනාගාරගතවූ සිරකරුවෙක් පෞද්ගලික රෝහලක තියන්න බෑ.මේ සිද්ධියේදී බන්ධනාගාර කොමසාරිස්වරයා පක්ෂග්‍රාහීව කටයුතු කල තිබෙනවා.ඒ වගේම පෞද්ගලික රෝහල් වෛද්‍යවරුන් කටයුතු කල ආකාරයත් සැක සහිතයි.මේ ගැන වහාම විමර්ශණ ආරම්භ කල යුතුයි.

අලුත් ආණ්ඩුවට වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් නෙමේ තියෙන්නේ . මේ පාර්ලිමේන්තුව නීත්‍යාකූලව ජනාධිපතිවරණය විසුරුවන්න පුලුවන් වෙන්නේ පෙබරවාරි මාසෙ අන්තිමේ දි . ඒ නිසා මේ පාර්ලිමෙන්තුව විසුරුවන්න අවස්ථාව ලැබෙන පලමු පැයේ දී අපි විසුරුවා හැරලා අපි මැතිවරණයකට යනවා.ඒ මැතිවරණයේ දී ගෝඨාභය මහත්තයට වැඩ කරන්න පුලුවන් ආණ්ඩුවක් හදන්න අපි හැමෝම එකතු වෙන්න ඕන.

ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, හිටපු පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන යන මහත්වරුන්ද මෙහීදී අදහස් පල කලහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

24,683 Viewers

14 Comments to “අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන්.. පුටුවෙන් ඉල්ලා සිරිසේනගෙ හිරකාරයො වෙන්න බෑ… අකමැති උන් වෙනම තරග කරනු..”

  1. Sudeva says:

    Mun hadanne ape sir va alle natavanna. Ahuvenna epa dayasirilage amaraveeralage gatavalata.

  2. Ratnamalala says:

    තරඟ කරන්නේ මොකෙන්ද කියල පක්ෂ නායකයෝ එකතුවෙලා තීරණය කරයි.මහා පොරක් කියල හිතාගෙන බයිලා කීම නතර කලොත් හොඳයි.

    • ගිගිරි says:

      හරියට හරි. ජනාධිපතිතුමා සහ අගමැති තුමා ඒක තීරණය කරයි. ඔයා සද්දෙ ඕෆ් කරලා ලැබුන ඇමති කම කරගෙන ඉන්නකෝ.

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    හොද තීරණයක්. හිටං කොහොමත් විස්වාස කරන්න එපා. සර්පයා සර්පයාම තමයි. 2015 අගෝස්තු කල දේ අපිට මතකයි. අපි 2/3අරන් දෙන්න උපරිම දේ කරන්නම්. ව්‍යවස්ථා සංශෝදනයක් මගින් මනාප ක්‍රමය නැති කරලා කොට්ටාශ ක්‍රමයට යන්න. එතකොට ඔය හොරු, තක්කඩි, දේශද්‍රෝහීන් ටික එලවල දාන්න පුළුවන්. පිරිසිදු පාර්ලිමේන්තුවක් හදාගන්න පුළුවන්.

  4. cw says:

    I don’t make political comments. But, this is a must. Totally agree with you, Sir.

  5. Aurora says:

    පක්‍ෂ සන්ධානයකින් චන්දෙ ඉල්ලනකොට පොදු ලකුණකින් ඉල්ලන්න සිදුවෙනවා වගේම සියලුදෙනාටම යම් තරමක කැපවීම් කරන්න සිද්ධ වෙනවා. නමුත් අතීත ඇත දැකීම් ඇති කිසිවෙක් මේ රටේ ඉන්න අලජ්ජිම පාවාදෙන්නා නායකත්වය දරන බුලත් කොළෙන් හෝ පුටුවෙන් චන්දෙ ඉල්ලිය යුතු නැහැ. මහින්ද මහතාට සහ ගෝඨාභය මැතිතුමන්ට ඇති ජනප්‍රසාදයෙන් සිරිසේනගේ කුණුගොඩ වහන්න බැරිබව සියලුදෙනාම මතක තබාගත යුතුයි. කාටහරි ඕනනම් බුලත් කොළෙන් හෝ පුටුවෙන් චන්දෙ ඉල්ලන්න ඔවුන් නියත පරාජයේ හිමිකරුවන් වේවි.

  6. Aurora says:

    ප්‍රසන්න ඇමතිතුමනි, ගුවන්තොටුපොළේ ඉතාම පහළ සහ නොදියුණු මට්ටමේ ක්‍රියාත්මකවන මගී ගමන්බඩු හැසිරවීම කරුණාකර නිවැරදි කරන්න. පිටුපස විවෘත ලොරි රථයක් තුලට තම සුට්කේස් ඇතුළු භාණ්ඩ විසිකරන ක්‍රමවේදය කිසිම ජාත්‍යන්තර ගුවන් තොටුපලක දක්නට නැත. මෙම සුට්කේස් තුල නොයෙක් වටිනා භාණ්ඩ කැමරා ආදිය තිබීමට හැකිය. 2015ට පෙර කටුනායකද නිසි පිළිවෙලකට මගී ගමන්බඩු හැසිරවීම සිදුවිය. යහපාලකයෝ රට මෙන්ම ගුවන්තොටද කා ඇතිබව සනාථ වෙයි. ඔබතුමාගේ ඉක්මන් අවධානයට යොමුකරමි.

    • අනේ ඒ එක්කම සූට් කේස් වල අලවන බාල, නැවත නොගැලවිය හැකි, බෑග් විනාශ කරන ස්ටිකර් ටිකත් ඉවත් කර, බෑග් වලින් පහසුවෙන් ගැලවිය හැකි ස්ටිකරයක් ආරකෂක අංශ වලට හදුන්වා දෙන්න.

  7. john the baptice says:

    දැන් සිරිසේනගේ පක්ෂය අවලංගු කාසියක් වෙලා රටට කරපු සෙතක් නැහැ රට නය කාරයෙක් කෙරුවා පමණයි

  8. sayumi says:

    තරඟ කරන ලකුණ, නායකයා තීරණය කරයි. මොකෙන් ආවත් එක සංධානෙකින් තරඟ කල යුතුමයි. තමන්ගෙ මන්ත්‍රී කම රැක ගන්නවට වඩා රටට වැදගත් 2/3 බහුතරය ලබා ගන්න එක.

    • මයිත්‍රීපාලගෙ පුටු, බුලත් කොල වලට අහු උනොත් තුනෙන් එකක්වත් බේර ගන්න ලැබෙන්නෙ නෑ.. දෙපත් නයා රට කන්නම ආව එකෙක්…

  9. Duminda says:

    උඹ පට්ටම හොරෙකු නේද ?

  10. හෂාන් says:

    ආප්ප සිරිසේනවත්,රිලාසිරිවත් නෙමෙයි ශ්‍රිලනිපය කියන්නෙ….
    කවුරු මොනව කිව්වත් ලංකාවෙ 15% කැපුවත් නිල් තියෙනවා….
    තව පොහොට්ටුවෙ තියෙන කල්ලිවාදය හින්ද,UNP,JVP,පාවෙන ඡන්ද
    එන්නෙත් ශ්‍රිලනිපය….
    ශ්‍රිලනිපය නැතුව 110 විතර ආසන ගන්න පුලුවන්වෙයි
    එතකොට දැන් තියෙනව වගෙ තමයි……
    19 අයින්කරල 18 ගේන්න ඒවගෙ ආණ්ඩුවකින් බැරිවෙයි

Main News