අපි එනවා.. ගන්නකෝ.. ආණ්ඩුවට 10ක් ඉතුරුකරමින් ශ‍්‍රීලනිපයේ 30ක් මහින්දට අමතති.. මහින්ද ප‍්‍රතිචාර නොදක්වයි..

February 21, 2018 at 10:40 am | lanka C news
අපි එනවා.. ගන්නකෝ.. ආණ්ඩුවට 10ක් ඉතුරුකරමින් ශ‍්‍රීලනිපයේ 30ක් මහින්දට අමතති.. මහින්ද ප‍්‍රතිචාර නොදක්වයි..

තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂය සමග ආණ්ඩු කිරීමට හවුල් වීමට කිසිම සූදානමක් නැතැයි ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් 30කට ආසන්න පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයට දන්වා තිබේ.

මෙනිසා තමන් සම්බන්දයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ගයක් පිලිබද දන්වන ලෙසද ඔවුන් විසින් රාජපක්‍ෂ මහතා වෙත දන්වා ඇත.

තව දුරටත් ආණ්ඩුව සමගින් කටයුතු කිරීමට සූදානමින් සිටින්නේ 10ක පමණ කණ්ඩායමක් බවත් ඔවුන්ද සිටින්නේ විපක්‍ෂයට එක්වීමට බැරිකම නිසා බවත් සදහන් කර ඇති ආණ්ඩුවේ මෙම ඇමතිවරයා ඉදිරි මැතිවරණයන්ට පෙර විපක්‍ෂයට එක්වී හිටපු ජනාදිපතිවරයා සමග දේශපාලනය කිරීමට අපේක්‍ෂා කරන බවද දන්වා ඇතැයි සදහන්ය.

තමන් සියළු දෙනාගේ ආසන පරාජය වී ඇති පසුබිමක තව දුරටත් ආණ්ඩුවේ සිටින්නේ නම් දේශපාලනය ඊළග මැතිවරණයේදී අවසන් කිරීමට තීරණය කර තිබිය යුතු බවද එම පිරිසේ අදහසයි.

ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද පස් දෙනෙක් හා තවත් හතර පස් දෙනෙකු ඔ්නෑම තත්වයක් යටතේ තව දුරටත් ආණ්ඩුව සමග එක්ව සිටීමට තීරණය කර ඇති බවද හිටපු ජනාදිපතිවරයාට දන්වා ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ස්ථිර ප‍්‍රතිචාරයක් දක්වා නැත.

64 views

32 Comments to “අපි එනවා.. ගන්නකෝ.. ආණ්ඩුවට 10ක් ඉතුරුකරමින් ශ‍්‍රීලනිපයේ 30ක් මහින්දට අමතති.. මහින්ද ප‍්‍රතිචාර නොදක්වයි..”

  1. sarath says:

    they will be late in day to join Mahinda.

Main News