අපි එන්නකරණයෙන් ලෝකයේ පළමුවැනියා.. දැන් රෝගීන් අඩුයි..

September 14, 2021 at 3:00 pm | lanka C news
අපි එන්නකරණයෙන් ලෝකයේ පළමුවැනියා.. දැන් රෝගීන් අඩුයි..

ශ්‍රී ලංකාව එන්නකරණයෙන් ලෝකයේ පළමු ස්ථානයට පත් වී ඇති බවත් ලොව පුරා තත්වය සමග බලද්දී එය සතුටු විය හැකි තත්වයක් බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

අද වන විට සෑම රෝහලකටම කොරෝනා ආසාදිතයන් පැමිණීමේ අඩුවක් ඇති වී තිබෙන බවත් එයින් පෙනී යන්නේ වෛරසය පාලනය වී ගෙන යන බවද ඔහු පැවසීය.

රජය සෑම විටම වෙහෙසෙන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

16,593 views

41 Comments to “අපි එන්නකරණයෙන් ලෝකයේ පළමුවැනියා.. දැන් රෝගීන් අඩුයි..”

  1. මරණ අඩුම රටද? says:

    එන්නත්කරණයෙන් ලෝකෙ අංක 01 නම් කෝරෝනා මරණවලින් ලෝකෙ අන්තිමය වෙන්න එපෑයැ…
    (තේරෙනවද මන්ද)

  2. Saradiel says:

    The whole world knows that Sri Lankan politicians are no1 plunders and thieves. The world knows that majority of Sri Lanka’s voters are cattle and keep on electing these rouges as parliamentary members.

  3. තේරුම් ගනිත්වා says:

    එන්නත් දෙකම අරගත් 183ක් එක සතියක මියගිහින්! එක එන්නතක් ගත් 428ක්!

    අගෝස්තු මස 28 වැනි දිනෙන් ආරම්භ වී සැප්තැම්බර් මස 03 වැනි දිනෙන් අවසන් වූ සතිය තුළ මෙරට එක් කොවිඩ් මාත‍්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 428 දෙනෙකු හා මාත‍්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් 183 දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    එම සතිය තුළ මියගිය පුද්ගලයින්ගෙන් 824 දෙනෙකු කිසිඳු කොවිඩ් මාත‍්‍රාවක් ලබාගෙන නොතිබූ අතර ප‍්‍රතිශයක් වශයෙන් ගත් කළ එය සියයට 57.4කි. එම සතිය තුළ කොවිඩ් ආසාදිත මරණ 1435ක් වාර්තා වී ඇති බැව් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ගෙන් වන අතර එම මරණ සංඛ්‍යාව 1115කි. ප‍්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 77.7කි. වයස අවුරුදු 30ත් 59ත් අතර කොවිඩ් ආසාදිත මරණ 295ක් වාර්තා වී ඇති අතර එය සියයට 20.6කි. අවුරුදු 30ට අඩු මරණ 25ක් වාර්තා වී ඇති අතර එය ප‍්‍රතිශතයක් වශයෙන් ගත් කළ එය සියයට 1.7කි.

    මෙම සතිය තුළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 760කි. ප‍්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 53.0කි. මෙම සතිය තුළ වූ කොවිඩ් මරණවලින් 1110ක් රෝහල්වලින් වාර්තා වී ඇති අතර නිවෙස්වලදී මියගොස් ඇති සංඛ්‍යාව 245කි. රෝහලට ඇතුලත් කරන විට 80 දෙනෙකු මියගොස් ඇත. කොවිඩ් මරණවලින් සියයට 17.1ක් නිවෙස්වලින් වාර්තාවී ඇති අතර රෝහල්වලින් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව සියයට 77.4කි.

    එන්නතෙන් මරණ වලක්වා නැත. හරියටම බැලුවොත් එයට සාක්ෂි නොමැත.

  4. පළවෙනියා වෙන්න ගිහින් තමයි ඔක්කොම කෙලවලා ගියේ .

  5. Open mind says:

    පිලියන්දල පොකුර නිර්මාතෘ.

  6. Saman says:

    කොරොනා මරන හා රෝගීන් අඩු වීමට ප්‍රදාන හේතුව PCR අඩු කිරීම හා රෝගීන් රෝහල් වලට අතුලත් වීමක් නැතුව නිවසේ සිටීම. ගොඩක් අය රෝගය වැලදුනත් phi දැනුවත් කිරීමකින් තොරව සිටීම හා pcr කිරීමෙන් වැලකී නිවෙස් වල සිටිනවා.. සමහරෙක්ට pcr කිරීමට අවස්තාව නොලැබී යනවා.මේ මන්ද මානසික මිනිස්සු වාසියට මේක හන්ගන්න හැදුවට..අත්තටම අපේ රටේ මේ වෙනකොට කොරොනා පාලනය වෙලා කියන එක කියන්න අමාරුයි..

  7. SAMAN says:

    කොහෙද අප්පේ ගිහින් හිටියෙ ඔහේගෙ කොරෝනා ඇඩ්වයිස් වලින් පිලියන්දලට කෙලෙව්වට පස්සෙ දැක්කෙත් නෑ ආයි ආව ඇඩ්වයිසර් තඩි ප්‍රසාටම සෙට් වෙනව ඌත් කොරෝනා ස්පෙසලිස්ට් නෙ

Leave a Comment

Main News