අපි එය වෙනස් කලා.. කාන්තාවන්ටත් පුහුණු කලා.. – අර්ජුන
December 22, 2016 at 5:30 pm | lanka C news
ලංකාවේ පළමු ගැන්ට්‍රි ක්‍රේන් ක්‍රියාකාරිනිය නුදුරු දිනයකදීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් හඳුන්වා දෙනු ලබනු ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ Colombo Maritime සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදී පැවැති එම උත්සවයට වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහත සහ වෙළඳ ලේකම් නාවික කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් අජිත් සෙනවිරත්න, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක අධ්යක්ෂ සංජීව වීජයරත්න යන මහත්වරුන්ද සහභාගි වූහ.
Colombo Maritime සම්මන්ත්‍රණය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කර පැවැත්වෙන්නකි. වරාය සහ නාවික විෂය පිළිබඳ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීම සහ රැකියා අවස්ථා ගැන අවබෝධයක් තරුණ තරුණියන්ට ලබා දීම එහි අරමුණ වේ. පාසල් සහ යෞවන සමාජ නියෝජනය කරමින් පන්සියයක පිරිසක් එම වැඩමුළුවට සහභාගි වූහ.
විද්වත් දේශන සහ කොළඹ වරාය නැරඹීමේ චාරිකාවක්ද ඊට ඇතුළත් වේ. සම්මන්ත්‍රණය ආරම්භ කරමින් අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේ පුහුණුවීම් ලබන ගැන්ට්රික්රේන් ක්‍රියා කරවීමේ කාන්තා කණ්ඩායම ලබන 8වැනිදා විසිර යාමට නියමිත බවයි.
‘සාමාන්‍යයෙන් ලංකාවේ ග්රැන්ටි දොඹකර හසුරුවන්නේ පිරිමින්. අපි එය වෙනස් කළා. අපි කාන්තාවන්ටත් ඒ පුහුණුව ලබා දුන්නා. ලබන මාර්තු මාසයේ 8 වැනිදා ඔවුන් දොඹකර ක්‍රියාකරුවන් විදියට මේ වරාය අධිකාරියේ පත්වීම් ලබනවා. මමත් දැනගෙන සිටියේ නැහැ නාවික ක්ෂේත්රයේ රැකියාවල වැටුප් ප්‍රමාණය ගැන. සාමාන්‍ය පුහුණුවීම් ලබන අයෙකුට අඩුම තරමින් රුපියල් ලක්ෂයක, එක් ලක්ෂ පනස්දාහක වැනි මුදලක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම නාවික කැප්ටන්වරයෙක් වුණාම රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා ගන්න පුළුවන්. අපේ වරාය අධිකාරියෙත් රුපියල් ලක්ෂ 5ක් 6ක් ආදායම් ලබන නියමුවන් සිටිනවා. ඒ මුදල ගෙවන්නේ ඒ සියලුදෙනාගේම කැපවීම, පුහුණු වීම මතයි. මේ නිසා නාවික ක්ෂේත්රයේ රැකියා ඉහළ වටිනාමක් තියෙන රැකියා. අපි දන්නවා ලොව ප්‍රධාන නෞකා මාර්ගය යන්නේ මේ අපේ පුංචි රට ළඟින්. ඒකට ප්‍රධානම හේතුව වන්නේ අපේ රටේ වාසනාවන්ත භූගෝලීය පිහිටීම. මේ නිසා නාවික ක්ෂේත්රය පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් කරුණක්. කොළඹ පාසල් කිහිපයකට පමණක් සීමා වූ ඒ දැනුම ගමේ දරුවන්ට ලබා දීම අපේ ඉලක්කය වෙනවා.’
– තමීර මංජු
Karunakara kanthawanta wiya agra ganda witharak purudhu karanda epa, captain, menna wandha!
Kantha Wiyagra:
http://www.medicalnewstoday.com/articles/298349.php
මලා කොල්ලොනම් ගැන්ට්රියේ බෝතලයක් තියන් පිප්පි කරනවා, කෙල්ලන්ට ඉතින් බාල්දියක්වත් ගෙනියන්න වෙයිද දන්නෑ… ඕක හරි යන්නෙ නෑ…… යට ඉන්න අයට නාන්න තමයි වෙන්නෙ නේද බොස් 😉
තමීර මංජු is back in action again, poor fellow can’t blame him, that’s his job even though its filthy.
ane mage lori bage elawanna kenek nee okkoma hoyanne loku loku eewaa elawanna. deyyo saakki.
මේ උන්නැහෙත් හොඳ වියාග්රාකාරයෙක් තමයි…දොඹකරේ උස්ස ගත්ත ගමන් තමා කොයි වෙලාවෙත් ඉන්නේ…