අපි කරන්නේ පිනක්.. පිං කලාම දෙවියොත් හොදට සලකනවා…
January 3, 2018 at 8:40 am | lanka C news
2018 වසරේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (02) සිදු කෙරිනි.
මෙහිදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු සේවක සේවිකාවන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
“2015, 2016, 2017 යන වසර වල දී සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් විශාල කැපකිරීමක් ඔබ විසින් සිදුකර තිබෙනවා. ඊට වඩා කැපකිරීමක් 2018 වසරේ දී සිදු කිරීමට ඔබට සිදු වෙනවා. සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා තීන්දු තීරණ රැසක් ගෙන ඇතත් ඇතැම් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙනවා. තීන්දු තීරණ වේගවත්ව ක්‍රියාත්මක කළ යුතුයි. ලංකාවේ රාජ්‍ය සේවාව වේගවත් විය යුතුයි.
වෛද්‍ය පරිපාලක තනතුරු 80 දශකයේ ලබාගත්තේ සටන් ජයග්‍රහණයකින් පසුවයි. එහිදී අපේ අවධානය යොමු වුයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ දැනුම තිබෙන නිලධාරින් එම තනතුරුවලට පත් කළ යුතු බවයි. එම වෛද්‍ය විද්‍යා දැනුමෙන් ජනතාවට සේවය කළ යුතුයි. ඥානය හොදින් මෙහෙය වන්න. එමගින් ගැටලු විසදා ගත හැකියි. කඩිනමින් තම විෂයට අදාල තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න. මම සෞඛ්‍යට අදාල තීන්දු තීරණ ගන්නේ සාකච්ඡා මාර්ගයෙන්. තනියෙන් තීන්දු තීරණ ගන්නේ නැහැ. රාජ්‍ය පරිපාලන නිලධාරීන් ද තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතුයි. 2016 වසරේ ගත් ඇතැම් තීන්දු මෙතෙක් ක්‍රියාත්මක වෙලා නැහැ. එම තීන්දු 2018 වසරේදීවත් ක්‍රියාත්මක කරන්න. පෞද්ගලික අංශයේ තීන්දුවක් ගත් විට එය කඩිනමින් ක්‍රියාත්මක කරනවා. අපි තීන්දු තීරණ ගන්නේ රෝගීන් වෙනුවෙන්. එම තින්දු ක්‍රියාත්මක කිරීම විශාල පුන්‍යකර්මයක්. ප්‍රමාද කලාම රෝගීන් අසරණ වෙනවා. පුණ්‍යකර්මයක් කලාම දෙවියොත් හොදට සළකනවා.
තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ලිපිගොනු වලට කොටුවෙන්න එපා. ලිපිගොනු වලින් රටක් හදන්න බැහැ. ලිපි ගොනු නොමැතිව රට හදන්න පුලුවන්. සෘජු නායකත්වය ගන්න. රෝගීන්ට සළකන්න. උදව් කරන්න. නිරෝගී බව ලබාදෙන්න. ජිවිත වෙනසකට ලක් කරන්න. සෑම වළාකුලක් යටින් ම රිදී රේඛාවක් තියෙනවා. දුම්රිය සේවක වැඩවර්ජනයක් ක්‍රියාත්මක වුනා. එහි ප්රශ්නය විසදන්න අමාත්‍ය අනුකමිටුවක් පත් කළා. එම කමිටු රැස්වීමේ දී මම යෝජනා කළා සෞඛ්‍ය, අධ්‍යාපනය, දුම්රිය හා තැපෑල සංවෘත සේවාවක් කළ යුතු බවට. එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. එම යෝජනාව 2018 වසරේ සිට ක්‍රියාත්මක වෙයි.”
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, සියලුම අතිරේක ලේකම්වරු, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු, සියලුම නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරු, අධ්යක්ෂවරු, ආයතන ප්‍රධානීන්, සියලුම සේවක සේවිකාවන් එක්ව සිටියහ.
– ප්‍රසන්න අධිකාරී
මැරෙන්න ලන්වෙනවිට එක එක පින්කම් කරනවා, කුනු දතාටත් පින් මතක් වෙලා ,ලඟදීම ජරා මර යම ලොව යැමට සුදානමින්.
ඔබටනම් දෙවියො හොඳට සලකලා වගේ
දියවන්නාවම චන්දෙ කතා දෙවියො වගේ
අලුත් පක්ෂයෙ අපෙ දෙයිය රටවටේම වගේ
දහවැනිදා උඹලට දෙයියො සිහිවෙයි වගේ
Aka thamai meyata C deviyai A deviyai dennama hari hariyata salakanava. A nisa thamai Sinhala Bauddhayanta hama thissema hama thanakadeema vala kapanne.
සෝභිත බලාසිටි රාජිතට බන කියන්නට
එක්ක එන්න කියලා පනිවිඩෙ දුන්නෙ මට
මාශල් උන්දැත් එකතුකර දෙන්නම එකට
එනකම් බලාසිටි පුටුව රත්කරවා හොඳට
මට මේ මනුස්සයාගේ පින්තූරයක් දකින කොටත් පුදුම කේන්තියක් එන්නේ. මේ වගේ රටට හෙනයක් වෙච්ච, විනයක් වෙච්ච තවත් කෙනෙක් නැතිව ඇති. කට ඇරියොත් බොරු කියන, මිනිස්සු රවටන, රටට හෙන ගහල ගියත් තමන්ගේ මල්ල පිරෙනවා නම් ඕනෑම ජරා වැඩක් කරන මනුස්සයෙක් තවත් නැතිව ඇති. බුදු දහමට, සිංහල ජාතියට වින කටින මේ වසලයා දේශපාලනයෙන් ඉවත් කිරීම සියලුම චන්ද දායකයින්ගේ යුතුකමක්.
RAJITHA, YOU ARE A BLOODY NAIL TO THE PUBLIC. Please stay away little time.
Giya aathmawala pin karala thibuna nisa wennathi deviyo balala singaporuwe mount elizabath hospital eke bila mahajana mudalin gewwe. Habai me aathmedi karapu saha karana pawu walata nam eelanga aarthma waladinam aniwaaryenma poliyath ekka gewanna wenawamai.