අපි කරන්න ආ දේවල් කරන්න බැරිවුනා.. ජනතාව අද ලොකු අසහනයකින් ඉන්නේ..- ගොඩහේවා

October 3, 2021 at 10:40 am | lanka C news
අපි කරන්න ආ දේවල් කරන්න බැරිවුනා.. ජනතාව අද ලොකු අසහනයකින් ඉන්නේ..- ගොඩහේවා

ිමාධ්‍ය තුළින් නොදැක්කාට මේ වසර දෙක තුළ මෙරට යටිතල පහසුකම්වල විශාල සංවර්ධනයක් සිදුවුණා. ගමේ සංවර්ධනය සඳහා අයවැයෙන් විශාල මුදලක් වෙන්කර තිබෙනවා’ යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන ජනාවාස සංවර්ධන වැඩපිළිවෙලේ ‘සෞභාග්‍යා නැණබල’ වැඩසටහන යටතේ මිනුවන්ගොඩ ඉඳිහේන ජනාවාසයේ ලෝක ළමා දිනය – 2021 මෙවර තේමාවන ‘සියල්ලන්ටම පෙර දරුවන්’ වෙනුවෙන් සංවිධානය කර තිබූ පාසල් දරුවන්ට පොත්පත්, පාසල් උපකරණ කට්ටල ලබාදීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘අද මේ ස්ථානයේ අපේ ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් කි‍්‍රයාත්මක කරන ජනාවාස සංවර්ධන වැඩපිළිවෙල යටතේ පාසල් දරුවන්ට පොත්පත්, පාසල් උපකරණ කට්ටල ලබාදීමේ වැඩපිළිවෙලට සහභාගීවන්නට ලැබීම ගැන සතුටු වෙනවා. ඉඩෝරයට පිණිබිංදුවක් වගේ හැමෝම අමාරුවෙන්, අසහනයෙන් සිටින වෙලාවක, විශේෂයෙන් මේ දරුවෝ පාසල් යන්න බැරිව දැඩි පීඩනයකින් සිටින වෙලාවක මේ වගේ දෙයක් සිදු කිරීම යම්කිසි සහනයක් කියලා අපි විශ්වාස කරනවා.

අපේ මේ ව්‍යාපෘතියේ අරමුණ මීට වඩා එහාට ගිය දෙයක්. ඇත්ත වශයෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සිදු කරන්නේ රටේ තිබෙන දුෂ්කර ගම්මාන තෝරාගෙන එම ගම්මානවල ජීවත්වන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සිදු කරන එක. ඒ දීර්ඝ කාලීන වැඩපිළිවෙල යටතේ එක් පැත්තකින් දරුවන්ගේ අධ්‍යාපනයට අතහිත දෙනව වාගේම තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණුවට, ඔවුන් ස්වයං රැකියාවලට යොමු කිරීමට වගේම රැකියාවලට යොමු කිරීමටත්, ජනතාවගේ අනෙකුත් විවිධ අවශ්‍යතා සඳහාත්, ඔවුනගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය පැත්තෙන් කළහැකි උපකාර රාශියක් සිදු කිරීම තමයි මෙම වැඩසටහනේ අරමුණ. තමුන්නාන්සේලාගේ ප‍්‍රදේශය ඒ යටතේ තෝරාගෙන ඇති ගම්මානයක්. ඒ නිසා අපි ඉදිරියටත් ඔබලා සමග මේ සම්බන්ධයෙන් සම්බන්ධ වී සිටිනවා.

අපි හොඳින්ම දන්නවා මේ අවස්ථාවේ මේ රටේ හැම කෙනෙක්ම ලොකු අසහනයකින්, අසීරුතාවයකින් ඉන්නේ. එහි ගැටළුවක් නැහැ. එය තමයි යතාර්ථය. හැබැයි සමහරවිට අපි නොදන්නා දේ තමයි මෙම ගැටළුව අපට, අපේ රටට සීමා වූ ප‍්‍රශ්නයක් නෙමෙයි. මෙය ගෝලීය අර්බුදයක්. 2019 අවසාන කාලයේ චීනයෙන් පටන් ගත් මේ කොවිඞ් වසංගතය මුළු ලෝකය පුරාම පැතිර ගිහින් 2020 සහ 2021 වසරවල ලෝකය පුරා අර්බුද රාශියක් නිර්මාණය කර තිබෙනවා. ලෝකයේ හැමතැනකම, හැම දියුණු රටකම ආර්ථිකය මේ නිසා කඩා වැටුණා. අද ලෝකයේ දියුණු සමහර රටවල බලශක්ති, ආහාර, තෙල්, රැකියා අර්බුද පවා නිර්මාණය වෙලා තිබෙනවා. මේවා පොදු ප‍්‍රශ්න. මේ පොදු ප‍්‍රශ්න තමයි ලංකාවටත් බලපාල තියෙන්නේ. අපේ ආනයන වියදම වැඩිවෙලා, අපේ නිෂ්පාදනයන්ට ඒවා බලපාලා. අන්තිමට රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවෙලා තිබෙන්නේ මේ ගෝලීය අර්බුදයේ ප‍්‍රතිපළයක් වශයෙන්.

2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රජයක් වශයෙන් බලයට පත්වෙනකොට අපි ප‍්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරලා බලයට ආවේ. අපේ විශාල බලාපොරොත්තුවක් තිබුණා කෙටිකාලයක් තුළ මේ රටේ කඩා වැටෙමින් තිබුණ ආර්ථිකය නැවත ගොඩනංවලා මෙරට ජනතාවට සමෘද්ධිය ගෙන එන්නට. නමුත් ඒ වැඩපිළිවෙල යම්තාක් දුරකට යටපත් උනා. මේ කොරෝනා අර්බුදය නිසාය. තමුන්නාන්සේලා දන්නවා පසුගිය වසර දෙක ගතහොත් වැඩි කාලයක් අපේ රට වසා දමලා තිබුණේ. විටින් විට වසා දමනවා, එහෙමත් නැත්නම් සීමා දමලා. රැකියාවලට යන්න බැහැ. ව්‍යාපාර කරන්න බැහැ. තමුන්ගේ වෘත්තීය කරන්න බැහැ. මෙවැනි තත්වයක් තුළ සාමාන්‍ය තත්වයක් යටතේ නෙමෙයි ජනාධිපතිතුමාට රට පාලනය කරන්න සිදුවුණේ.

කෙසේ වෙතත් එතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය හැකිතාක් දුරට සැලසුම්කරගෙන ආ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කළා. අපි විශ්වාස කළ එක දෙයක් තමයි මේ වසංගතය හැමදාම පවතින්නේ නැහැ. වසංගතය අවසන් වෙනවා. එන්නත්කරණය ඉතාමත් සාර්ථකව සිදුකරන රටක් ලෙස අපි මේ වසර අවසානය වන විට වසංගතය බොහෝ දුරට පාලනය වේවි. රටේ සංවර්ධන කි‍්‍රයාවලිය නැවතත් වේගවත් වේවි. ඒ තත්වයට සූදානම් වීම සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික අපි දිගටම හදාගෙන යන්න ඕනෙ කියන ප‍්‍රතිපත්තියේ රජය හිටියා. ඒ නිසා මාධ්‍ය තුළින් ඔබලා නොදැක්කාට මේ වසර දෙක තුළ මෙරට යටිතල පහසුකම්වල විශාල සංවර්ධනයක් සිදුවුුණා. මාර්ග ඉදිවුණා. පාලම් ඉදිවුණා. පානීය ජලය මුළු රටටම ලැබෙන තත්වයක් තිබෙනවා. සෑම නිවසකටම වගේ විදුලිය ලැබිලා තිබෙනවා. එවැනි යටිතල පහසුකම් සංවර්ධනයේ විශාල වැඩකොටසක් සිදුව තිබෙනවා.

ඒ අතර ගම්පහ දිස්ත‍්‍රික්කයටත් විශාල සංවර්ධනයක් සිදුවුණා. ඒ සංවර්ධන කි‍්‍රයාවලියේදී අපේ අමාත්‍යාංශයත් බොහෝ දුරට දායකත්වය ලබාදුන්නා. අපි තවත් එක් වැදගත් දෙයක් මතක් කළ යුතුයි. මෙම රජය පත්වුණාට පසුව අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය ගැන ලොකු අවධානයක් යොමු කළා. මොකද අපි විශ්වාස කරනවා අධ්‍යාපනය තමයි රටේ අනාගතය ඒ නිසා අපේ පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රටපුරා පළාත් සභා යටතේ තිබූ පාසල් දහසක් ජාතික පාසල් වශයෙන් රජයට පවරාගෙන දියුණු කරන්නට අපි ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. ඒ තීන්දුවේදී අපට පුළුවන් උනා මේ ගම්පහ දිස්ත‍්‍රික්කයටම පාසල් 70 ක් ජාතික පාසල් බවට පත් කරන්න. මිනුවන්ගොඩ ප‍්‍රදේශයට පාසල් 05 ක් පමණ එයින් ලැබී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපට පුළුවන් උනා ගම්පහට අලූත් විශ්ව විද්‍යාලයක් ලබාගන්න. යක්කල ආයුර්වේද විද්‍යායතනය ලංකාවේ 16 වෙනි විශ්ව විද්‍යාලය බවට පත් කිරීමට අපට පුළුවන් උනා. ඒ හරහා මේ ප‍්‍රදේශයේ අධ්‍යාපනය දියුණුවනවා වගේම රැකියා අවස්ථාත් රාශියක් බිහිවුණා. එම විශ්ව විද්‍යාලය අවට ප‍්‍රදේශය අපි දේශීය වෛද්‍ය කලාපයක් වශයෙන් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දේශීය වෛද්‍ය විද්‍යාවට අදාල ව්‍යාපාරික කටයුතු සඳහාත් එතන අවස්ථාව ලැබෙනවා.

මිනුවන්ගොඩ පොදුවෙළඳපොලේ කටයුතු මේ වසරේ අවසන් කාලය වන විට අවසන් කර විවෘත කරන්න ලැබේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක කරන ‘සියක් නගර’ වැඩසටහන යටතේ මිනුවන්ගොඩ නගරයත් සංවර්ධනය කෙරෙනවා. මෙම සංවර්ධන කටයුතු දිගටම සිදු වෙමින් පැවතුණා. ඊ ළඟ කාරණය වෙන්නේ මේ ආර්ථික කටයුතු සංවර්ධනයට පුළුවන් තරම් යොමු වීම. ඒ සඳහා රජය මෙවර අයවැයෙන් විශාල අවධානයක් යොමුකර තිබෙනවා ග‍්‍රාමීය සංවර්ධනයට. ගම සංවර්ධනය කිරීම සඳහා වෙනම විශාල මුදලක් වෙන්කර එම මුදල් දිසාපතිවරු හරහා, පාර්ලිමේන්තු, පළාත් සභා, ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරු හරහා අවසානයේ ගමේ ග‍්‍රාමීය සංවර්ධන කමිටුවේ යෝජනා පදනම්ව ගම වෙනුවෙන් වෙන් කරන්නට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. සෑම ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරයෙකු හරහා ලක්ෂ 40 කුත්, දිසාපතිවරු හරහා ලක්ෂ 30 කුත් වගේම ප‍්‍රදේශයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු හරහා ලක්ෂ 200 කුත්, අවසානයේදී දිස්ත‍්‍රික්කය සඳහා මන්ත‍්‍රීවරයෙකුට ලැබෙන ලක්ෂ දහසකුත් ලෙස මෙම මුදල්වලින් කොටසක් වෙන් කරලා ගමේ සංවර්ධන කටයුතු හඳුනාගෙන කටයුතු කරන අතර විශේෂයෙන්ම ගමේ ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීම සඳහා ඉන් 50% කට වඩා වැඩි මුදලක් වියදම් කරන්නේ. ඒ කියන්නේ තමුනාන්සේලා අතර ස්වයංරැකියා කරන අය සිටිනවා නම් ඒ අයට මෙම ප‍්‍රතිපාදනවලින් කොටසක් ලබාදී තමුන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න උදව්කරන්න. අපි ගම්පහ දිස්ත‍්‍රික්කයේ ගම්මාන කිහිපයක එවැනි ස්වයං රැකියා කරන අයට ඔවුන් දැනටමත් කරන ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා විවිධ උපකරණ බෙදා දුන්නා. මිනුවන්ගොඩ ප‍්‍රදේශයෙත් එම කි‍්‍රයාවලිය ඒ ආකාරයෙන්ම සිදු වනවා ඇති. මා විශ්වාස කරනවා ඒ හරහා බොහෝ දෙනෙකුට තමන්ගේ ස්වයං රැකියා කටයුතු ආදිය වර්ධනය කර ගැනීමට හැකිවේවි කියා.

ඒ වගේම ගමට රටට ආදරය කරන මිනිසුන්ගේ එකතුවෙන් මාගේ නායකත්වයෙන් නිර්මාණය වූ ස්වේච්ඡාවෙන් ප‍්‍රජාසත්කාරක වැඩසටහන් සිදු කරන ස්වේච්ඡා සංවිධානයක් වන සියනෑ කතිකාව හරහා දිස්ත‍්‍රික්කය පුරාම රජයේ සංවර්ධන කටයුතුවලට අමතරව අපේ හැකියාව අනුව පුද්ගලික මට්ටමින් හා සාමූහික මට්ටමින් ඒ ඒ ගම්මාන දියුණු කිරීම සඳහා වැඩකටයුතු කරනවා. ඒ අයටත් මම ස්තූතිවන්ත වෙනවා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අපවෙත ලබාදුන් සහයෝගය ගැන. ඉදිරියේදීත් අප බලාපොරොත්තුවෙනවා තමුන්නාන්සෙලාත් මේ ප‍්‍රජා සත්කාරක කටයුතුවලට එකතු වෙයි කියලා’ යැයි පැවසීය.

– ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර

17,609 views

20 Comments to “අපි කරන්න ආ දේවල් කරන්න බැරිවුනා.. ජනතාව අද ලොකු අසහනයකින් ඉන්නේ..- ගොඩහේවා”

  1. On The Spot says:

    මෙතුමා උගත්කම යනු බුද්ධිය නොවන බවට පරමාදර්ශී උදාහරණයකි.උගත්කම හා බුද්ධිය තිබුනා නම් කැස්බෑවුන් වාරකන් කාලයේදී ගල්වල හැපී ගිනි ගෙන මැරෙන බව කීමට දිව නැමෙන්නේ නැත.උපාධි තුන හතරකින් සන්නද්ධ වූවාට පලක් නැති බව දැනෙන්නේ එවිටය.අහෝ,වියත් මග ඔබට මග වැරදුනාද?

    • ගෞම් ඊයාරාජ් says:

      මේ බොර්න් එගේන් පිල්ලිය විතරක් නෙමේ , අනිත් පාර්ලීමේන්තුවේ වියත්මග ,එළිය නියොජනය කරන එවුනුත් පේපර් කොලිෆයිඩ් දාර ඉම්ප්‍රැක්ටිකල් කවටයො කියලා ඔප්පූ කරලා හමාරයි. එ ලාෆීන් ස්ටොක්… 😂😂

    • චතුර says:

      මට කණගාටුව මමත් තමුසෙට මනාපයක් දුන්න හින්ද.

  2. ගෞම් ඊයාරාජ් says:

    වියත් මගෙන් ආපූ ගොන්නු ටිකයි , අර ඉස්සර හිටපු ගොන්නු ටිකයි එකතුවෙලා හැදුවා සුපිරී ගොං මඩුවක් , දැන් මුං උම්බෑ ගානවා විතරයි . හැබැයි මේ රටේ අමූ ගොං බෛයො ටිකටයි , ලක්ශ69කරපු ඉතිරි උදවියටයි ස්තුති කරන්නම ඔනේ , මුන් අවුරුදු 10 ක් රට වලපල්ලට ඇරලා , යහපාලනේ කාලෙ අන්චි ඇදලා කිව්වෙව් මොකක්ද ? අපිට තමයි හොදටම කරන්න පුලුවන් කියලා , 2019 මුන් පරාද වුනානං මුං අද නාඩගම් දහටම නටලා , කරන්න පුලුවන් ඔක්කොම කුප්ප වැඩ කරලා , ගත්ත එකාට කරන්න දෙන්නෑ , ස්වභාවධර්මය දුන්නා ඇට්ටී හැලෙන්න , මුන් මරි මෝඩ හැත්තක් කියලා දැන් ප්‍රායොගීකව ඔප්පු කරලා ඉවරයි , මේ රටේ සබුද්ධික ජනතාව , මෙ ගොලන්නව ගෙදර අරින්න ඔනේ ආපහු පත්වෙන රජයකට කිසිම බලපෑමක් නොකරන තත්වෙට තටු කපලා . වැඩබැරි ටාර්සෑන් ලා.. 😂😂

  3. Sirisena Yatawara says:

    Long speech by Dr Nalaka Godahewa .but it is better part of that speech is mostly propaganda activities by his his performs. Of cause credits goes to him . But our Island seek new line of thinking of shifting New Era of development of ECONOMY.
    Be honest Otherwise we are still in unprecedented crisis of overall situation is so bad among majority People of Islanders.

  4. REAL MAN says:

    සල්ලි අරගෙන ලොකු ලොකු ආයතන වලට ලොසාල පත්කළ කමිටුවේ සභාපති
    සභාපති නේද මෙි….උබ තමයි මේ විනාසෙට මුල….උබ තමයි ජනතාව , ජනාධිපති අන්දන හොරැ රැලක් ආයතන වලට පත්කලේ…ඩයන් කියන පරයත් හිටියා…..උබ ජනාධිපති ට තෙල් නැතිව ඇරිය පරයා….උබට සාප වේවා ….

  5. Sakshi says:

    But you collected wealth for next five generations by robbing and looting poor people money. That is OK.

  6. SAMAN says:

    මෙතුමා උගත්කම යනු බුද්ධිය නොවන බවට පරමාදර්ශී උදාහරණයකි.උගත්කම හා බුද්ධිය තිබුනා නම් කැස්බෑවුන් වාරකන් කාලයේදී ගල්වල හැපී ගිනි ගෙන මැරෙන බව කීමට දිව නැමෙන්නේ නැත.උපාධි තුන හතරකින් සන්නද්ධ වූවාට පලක් නැති බව දැනෙන්නේ එවිටය.අහෝ,වියත් මග ඔබට මග වැරදුනාද?

    මේ බොර්න් එගේන් පිල්ලිය විතරක් නෙමේ , අනිත් පාර්ලීමේන්තුවේ වියත්මග ,එළිය නියොජනය කරන එවුනුත් පේපර් කොලිෆයිඩ් දාර ඉම්ප්‍රැක්ටිකල් කවටයො කියලා ඔප්පූ කරලා හමාරයි. එ ලාෆීන් ස්ටොක්… 😂😂

Main News