අපි කරන දේවල් පේන්නෙ නෑ.. මේ ප‍්‍රශ්න ඒ නිසා.. ඉදිරි අවුරුදු දෙකේ නොසිතූ දියුණුවක් එනවා..- අගමැති

May 5, 2018 at 6:48 pm | lanka C news
අපි කරන දේවල් පේන්නෙ නෑ.. මේ ප‍්‍රශ්න ඒ නිසා.. ඉදිරි අවුරුදු දෙකේ නොසිතූ දියුණුවක් එනවා..- අගමැති

අද ආණ්ඩුවට කරන දේ එක්වරම නොපෙනීම ආණ්ඩුවට වී ඇති ප‍්‍රශ්ණය බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ආණ්ඩුව කලේ කුමක්දැයි අසන ඇතැමුන් ආණ්ඩුව කිසිත් නොකල බවටද චෝදනා කරන බවද ඔහු කියා සිටී.

වත්මන් රජය විසින් ආරම්භ කරන ලද වැඩසටහන්වල ප‍්‍රතිඵල ඉදිරි අවුරුදු දෙක තුන ඇතුලත එන බවත් එය නොසිතන දියුණවක් වනු ඇති බවත් අගමැතිවරයා සදහන් කරයි.

මිල්ලනිය ප‍්‍රාදේහිය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

67 views
Main News