ජනපතිගේ බැණුම් වැලට මහ බැංකු දෙවැනියා ප‍්‍රතිචාර දක්වයි.. ජනපති වැරදි වැටහීමකලු..

June 25, 2020 at 10:00 am | lanka C news
ජනපතිගේ බැණුම් වැලට මහ බැංකු දෙවැනියා ප‍්‍රතිචාර දක්වයි.. ජනපති වැරදි වැටහීමකලු..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ට දෝෂාරෝපනය කලේ වැරදි වැටහීමකින් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

මහබැංකුවේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ට නිවැරදි තොරතුරු ලබා දී තිබූ බවත් එහි ප්‍රමාදයක් සිදු වූ බව පිළිගන්නා නමුත් ඒ සිදුව ඇත්තේ මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් බවත් ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමිනි.

කොරෝනා හේතුවෙන් අඩාල වූ ව්‍යාපාර ගොඩනැගීම සඳහා රජය විසින් යෝජනා කර ඇති ණය ලබාදීමේ දී ඒවා නිකුත් කිරීමට වාණිජ බැංකු මැති කමක් දක්වන බවත් ඒ අඩු පොලියට ලබා දෙන ණය පියවා ගත නොහැකි වුවත් විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදුවේවි යැයි බියෙන් බවත් ඔහු පවසයි.

දැනටමත් මහ බැංකුව විසින් රුපියල් බිලියන 300 ක් මුද්‍රණය කර ඇති බවත් වත් රුපියල් බිලියන 120 ක් මුද්‍රණය කිරීම ගැන ඉක්මනින්ම තීරණය කරන බවත් ඔහු සඳහන් කළේය.

351 views

58 Comments to “ජනපතිගේ බැණුම් වැලට මහ බැංකු දෙවැනියා ප‍්‍රතිචාර දක්වයි.. ජනපති වැරදි වැටහීමකලු..”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    සෙප්පඩ යූ ටියුබ් චැනල් වලට රාජ්‍ය සේවකයන් නිවේදන දීම තහනම් කලයුතුයි. වාචාල නිවේදකයන් තමන්ගේ කටේ හැටි දැනගෙන සංවර විය යුතුයි. මේ නිවේදකයත් අඩුකුලේ එකෙක්වගේ වාචාල විධිහට කියවන එකෙක්.

  2. මලික් ලක්ෂාන් says:

    ද ෆිනෑන්ස් එක වසර 10 ක දුර්වල පාලනයක් ගෙන ගියේ මහ බැංකුව නේද?මේක ඔය කියන තරම් පාඩු ලබනවනම් වසර 10 ක් පවත්වාගන ගියේ කොහොමද?මහ බැංකු නිළධාරීන් දන්නේ පාඩු ලබනකම් ඉදලා ආයතන වහල දාන්නම් මොකටද එම නිළධාරීන්ගෙන් ඇති වැඩේ ? පාලනාධිකාරීය දැනුවත් නොකර මේ පාර වහල දැම්ම නම් 2008 ඒ විදිහට වැහුවේ නැත්තේ ඇයි? ඔයාලගේ තියෙන දුර්වල හා අකාර්යක්ෂමතාවයට නිදහසට හේතු කියන්න එපා……………………කරන්න බැරි නම් පුළුන් කෙනෙක්ට දීල ඉල්ලා අස්වෙලා යන්න.මේච්චර දේවල් වෙලත් අස්වෙල යන්න තරම්වත් සදාචාරයක්වත් නැද්ද……….ඔයාලා කිසි දෙයක් නොදන්න තොත්ත බබාලනම් මොකටද ඔයාලගෙන් ඇති වැඩේ……….අපිටත් පුළුවන්නේ ඔය විදිහට මහ බැංකුව පාලනය කරන්න…පාඩු ලබනවනම් විසදුම් හොයන්නේ නැතුව වහල දාන්න…මේවා තේ කඩද?

    • Boo says:

      Agree 100%
      ගත් නය ගෙවිය නොහැකි වන්නේ කුමන හේතුනිසාද කියා සොයා ඒවාට විසඳුම් රජයට යේජනා කිරීම මේගොල්ලගෙ වගකීම. නැතුව පැන්සන් කාරයින්ගෙ ස්තාවර තැන්පත් වල සල්ලි, ආපහු නොගෙවුවොත් මාර ලෙඩේ, ඒ නිසා මුකුත් නොකර නිකංඉමු කියල කියන්න ලක්ස ගනන් පඩි දෙන්න ඕනෙද? මොකුත් නොකර නිකං හිටියම ඔක්කොම හරියනවනං ඉතිං මහ බැංකුව වහලා දාලා ඒ වියදමත් ඉතුරැ කරන්න තිබුනා.

  3. 77 UNP says:

    නියෝජ්‍ය අධිපති තුමාට කරන්න තියෙන්නේ රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු විසින් ව්‍යාපාරිකයන්ට දෙනලද 4% නය ලබගත්තවුන්ගේ ලැයිස්තුව අරන් ජනාධිපති තුමාට දෙන එක. එතුමා හොයාගනීවී ඇත්ත ව්‍යපරිකයෝද නැතිනම් බැංකු නිලධාරීන්ගේ නෑයෝ / හිතවතුන්ද 4% නය මුදල අරන් තියෙන්නේ කියල.

  4. sunanda says:

    බැදුම්කරේ ගැන කට ඇරල කියා ගන්න බැරි වෙච්ච මහ බැංකු ඈයන්ගැන මොන කතාද?

    • sana says:

      Nodanna magul gana katha nokara hitu. Me manussayata mechchara kapilla ea horakama gana issarahata avilla katha karapu nisa. Onama nam ahagannawa visthere CB eke inna anith ona kenekgen nathnam evakata commision eke hitiya dan neethipathithumagen.

  5. Heahan says:

    NANDALAL IS NO 1 SMUGLER. HE HAS RENTED HIS OWN BUILDING TO NSB . NSB DIKWELLA BRANCH NOW AT THAT BUILDING. ITS A HOUSE NOT SUITABLE FOR BANK. BUT NANDE NOT ALLOWED TO BANK TO MOVE FROM THAT BUILDING

  6. Sujatha says:

    Agreed. Mohu prabala gunp paramparawakin pewath ennek. Movun president wa apahasuthaeayata lak karanawa viya heka.

    • saroja says:

      Dan unp??? Ethakota bondscam ekedi Mahendranta viruddawa kiyanakota MR ge. Ane nikan boru nokiya hitapan. Okata thamai issara minissu kiyanne ‘Diya yatin bella kapima kiyala.

      • Sujatha says:

        Hondin danna nisai kiyanne. Gam pradeshayen thorathuru soya balanna. Thorathuru soya reply karanna. 😑
        Pls mind ur language.

  7. ත්‍රීවීල් මල්ලි says:

    නන්දලාල් මහත්තයො මට ඔය එක 5000 කොලයක් දෙන්නකො බන්දුල ගුණවර්දන ශූරීන්ට පෙන්නන්න.,, එයා දේශපාලනයෙන් සමු ගන්නවා කිව්වා එක කොලයක් පෙන්නුවොත්

  8. john the baptice says:

    මහබැංකුව රනිල් බාරගත් බැවින් ප්‍රශ්න ඇසිය යුත්තේ රනිල්ගෙන්

  9. Upul says:

    Please, no need to give excuses. If you cannot do your job properly, then, step down and let someone who is capable handle it.

  10. වෙබ් බුවා says:

    මහ වී මෝල් කාරයන්ට යට නොවී ගොවි සංවිධාන සවිමත් කර ට්‍රැක්ටරයට සවිකල හැකි කුඩා වී මෝල් චීනයෙන් ගෙන්වා ගැනීමට උදව් ලබා දෙන්න .විදුලි බල මණ්ඩලයේ මාෆියාව බිඳ දමා පාරිභෝගිකයන්ට චීනයෙන් අඩු මුදලට සූරිය පැනල මිලදී ගැනීමට ආධාර කරන්න . බැංකු ණය ලබාදීමේදි මෙවැනි ඵලදායි ව්යාපාර ගැන අවධානය යොමු කරන්න .

Main News