ජනපතිගේ බැණුම් වැලට මහ බැංකු දෙවැනියා ප‍්‍රතිචාර දක්වයි.. ජනපති වැරදි වැටහීමකලු..

June 25, 2020 at 10:00 am | lanka C news
ජනපතිගේ බැණුම් වැලට මහ බැංකු දෙවැනියා ප‍්‍රතිචාර දක්වයි.. ජනපති වැරදි වැටහීමකලු..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ට දෝෂාරෝපනය කලේ වැරදි වැටහීමකින් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

මහබැංකුවේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ට නිවැරදි තොරතුරු ලබා දී තිබූ බවත් එහි ප්‍රමාදයක් සිදු වූ බව පිළිගන්නා නමුත් ඒ සිදුව ඇත්තේ මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් බවත් ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමිනි.

කොරෝනා හේතුවෙන් අඩාල වූ ව්‍යාපාර ගොඩනැගීම සඳහා රජය විසින් යෝජනා කර ඇති ණය ලබාදීමේ දී ඒවා නිකුත් කිරීමට වාණිජ බැංකු මැති කමක් දක්වන බවත් ඒ අඩු පොලියට ලබා දෙන ණය පියවා ගත නොහැකි වුවත් විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදුවේවි යැයි බියෙන් බවත් ඔහු පවසයි.

දැනටමත් මහ බැංකුව විසින් රුපියල් බිලියන 300 ක් මුද්‍රණය කර ඇති බවත් වත් රුපියල් බිලියන 120 ක් මුද්‍රණය කිරීම ගැන ඉක්මනින්ම තීරණය කරන බවත් ඔහු සඳහන් කළේය.

361 views

58 Comments to “ජනපතිගේ බැණුම් වැලට මහ බැංකු දෙවැනියා ප‍්‍රතිචාර දක්වයි.. ජනපති වැරදි වැටහීමකලු..”

  1. sena says:

    දැන් ඉතින් කාපුවා වාමරපල්ලා

  2. Rasika says:

    මේ ඉන්නේ මංගලට ලියුම ලියල දීපු කෙනා. මංගලගේ ලියුමේත් තිබුනේ මෙවම තමයි

  3. thus says:

    මේ මහතා පුවත් පත් සාඛච්චාවේදී අහන ප්‍රශ්ණ වලට දෙන උත්තර හරියට රහස් පොලිස් පරික්ෂනයේදී පොලිසියට දෙන කට උත්තර වගේ තමනුත් තමන්ගේ හිතවත් බැංකු සගයින් ආරක්ෂා කරගැණීමට දෙන කටඋත්ර..
    වංචා හා දූෂන කොමිසමට දමන පැමිනිල්ලත් එවැනිම ඇගබේරා ගැණීමට හා තමන් පිරිසුදු යැ’යි ඇගවීමට කරන දෙයක්
    මොකද මොහු මෙම සාඛච්චාවේන් පිලිබුමු වෙනවා මහබැංකුවේ වංචනිකයන් ඉන්නවානම් මම කියන්නේ නෑ ඔබලාට පුලුවන්නම් හොයාගන්න යන කාරණය -කටේ බුදුරැස් බොක්කේ දඩමස්
    නමුත් මහබැංකු වංචාවේදී මෙම නිදා සිටින්නන් යුහුසුලු වුන ආකාරයෙන් පේනවා සමස්තයක් වසයෙන් මෙහි වැඩිපිරිසක් ඩීල් වලට බරයි හෝ අභ්‍යන්තර දේශපාලනයක් තියෙනවා මෙහෙම මිණිසුන්ගෙන් කොහොමද ජනාධිපති තුමා හිතන ආකාරයට රටක් දියුනු කරන්නේ රට වෙනුවෙන් නිර්භීතව ගන්නා තීන්දු නෑ සියල්ල තමන්ගේ බේරුමට මොවුන්ටද සමහර දේශපාලන පක්ෂවල අය උගතුන් කියන්නේ මොවුනුත් ඔවුන්සේම කයිරාටිකයන්

  4. Maha Banku Hora says:

    Golf sellam karanna ena M/Benz eka kaageda? Bond Scam eka wenakota hitiye koheda? Hora finance company 11,200 thibenakota hitiye koheda?…..

  5. Sarath Bulathsinghala says:

    මහ බැංකු සොරකම වෙනකම් මුනිවත රැකූ මොවුන් දැන් හරි වැරදි කතා කරනවා. එදා පොතක සටහනක් තබන්නටවත් හිටියේ එක නිර්භීත කාන්තාවක් පමණයි!

    රටේ උසස්ම ප්‍රතිපාදන වැටුප් සහ විදේශ ලැජ්ජා විය යුතුයි!

  6. Sarath Bulathsinghala says:

    මහ බැංකු සොරකම වෙනකම් මුනිවත රැකූ මොවුන් දැන් හරි වැරදි කතා කරනවා. එදා පොතක සටහනක් තබන්නටවත් හිටියේ එක නිර්භීත කාන්තාවක් පමණයි!

    රටේ උසස්ම ප්‍රතිපාදන, වැටුප් සහ විදේශ ශිෂ්‍යත්ව ලබන මොවුන් තමාගේ වගකීම් වලට සරිලන පරිදි බලාපොරොත්තු ඉටුනොකිරීම ගැන ලැජ්ජා විය යුතුයි!

  7. Maha bankuwe weda karana mahathwaruni, Umbala ETI eken jarawakala rate duppath thenpath karuwantath owunge darupawulwalatath karapu aparadayata wehi nethi henagahanawa. umbalage daruwantath ekamawewi. Umbalata salli onanam lensuwak pare elagena hingakapan. ahinsaka thanpathkaruwanta hingakanna nodi.

    Umbala me athme hondin hitiyata mewa gewa nimakaranna beri akusala karmayan

  8. NuwanJ says:

    ජනපතිගෙ අදහස් දැක්වීමෙ දි කිව්වා ඒයාලට අදහස් කියන්න කියලා ඒ් අවස්තාව දුන්නා
    ඒ වෙලාවෙ මුකුත් නොකියා මොනවද මේ දැං කියන්නෙ

  9. samarapaaala says:

    “Weradi Wataheemak”
    ee kiyanne Sir wa andala ?

Main News