අපි කියන දේවල් ආණ්ඩුව අහන්නෙ නෑ.. යුගදනවි ගිවිසුම වලකන්න බැරිවුවේ අපට බලයක් නැති නිසා…

September 29, 2021 at 6:20 am | lanka C news
අපි කියන දේවල් ආණ්ඩුව අහන්නෙ නෑ.. යුගදනවි ගිවිසුම වලකන්න බැරිවුවේ අපට බලයක් නැති නිසා…

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමේ ගිවිසුම වැළකීමට නොහැකි වූයේ තමන් ඇතුළු කුඩා පක්ෂවලට ආණ්ඩුව තුළ ප්‍රමාණවත් බලයක් නැති නිසා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

අදාළ ගිවිසුම අත්සන් කිරීමේ දී කැබිනට් මණ්ඩලය ද එහි අන්තර්ගතය නොදන්වා අත්සන් කළ එකක් බවත් පවසන ඔහු තමන් ද එම ගිවිසුම දැක නැති බවද පැවසීය.

මෙම ගිවිසුමට විරුද්ධව හවුල්කාර පක්ෂ මතු කරන කරුණු නොසලකන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනමතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා කියා සිටියි.

‘එක්තරා වෙලාවක වතුර උණුවෙලා උතුරන වෙලාවක් එනවා’ යැයි ද ඔහු සඳහන් කළේ රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

26,537 views

24 Comments to “අපි කියන දේවල් ආණ්ඩුව අහන්නෙ නෑ.. යුගදනවි ගිවිසුම වලකන්න බැරිවුවේ අපට බලයක් නැති නිසා…”

  1. එහෙමනන් ඔය ඇමැති කම පැත්තකට දාල සාමාන්‍ය මන්ත්‍රී වරයෙකු ලෙස පාර්ලිමේන්තුවට ගිහින් වැදගත් දේවල් වලට විතරක් පක්ෂ වෙන්න නුසුදුසු යෝජනා වලට විරුද්ධ වෙන්න නැතිව අපිට බයිලා කියන්න එපා

    • ගෞම් ඊයාරාජ් says:

      එහෙම ගිහින් කොහොමද බන් , ෆයිල් ටික තියෙන්නේ ලොක්කා ගාවනේ , අනික බං කුඩේ ඉදලා හැම දේම පිනට හම්බවෙන හින්දා ආන්ඩුව දාලා යන්න කොහොමද ? ආත්මේ පාවලා දුන්නත් මේ සැප දාලා කොහො යන්නද බන් ? ආත්ම ගරුත්වය තියෙන්නේ උබලා අපිට විතරයි , මුන්ට ආත්මයක් නෑ ,ගෞරුත්වයක් නෑ , අමු බොරුව සහ වංචාව විතරයි .

    • cobra says:

      කුරහන් සාටකේ එල්ලිලා ඉදන් මොනවන මේ කියන බහුභූත …ජනතාවට බොරු කියන්න එපා ඇමති තුමෝ ….

  2. ASK says:

    Naaki unata danuma saha pranggnawa wadila naha.
    Nikan baila gahuwata kawuruwath ahanne naha.
    Ithin Palayaw gewalwalata, wedak karana ekekuta wedak karanna deela.
    Mokakda me wigadama?

  3. assanga says:

    Why not become a great politicians Like Dudly Denanayaka, who resigned form PM whne police killed one man.Gamini Jayasooriya, MDH Jayawardena, resigned form their senior CABINET ministry roles against JR’s decision. Great people like Lalith and Gamini left their senior ministry roles and they lost their lives. They resigned not because their boos used filth and asked them to getout.
    If you area so called genuine bastard resign tomorrow and go home and mind your last few days of your life.

  4. NuwanJ says:

    ඔක අවු. 15ක ගිවිසුමක් මෙක කවදාවත් ඒ කොම්පනියට අයිතිවෙන්නෙ 15න් ඉවරයි. ඊට පස්සෙ සංවර්ධනය කල දේපල රටට අයිති නෙව.

    ඔයිට වැඩිය හම්බන්තොට වරාය දුන්නෙ අවු. 180කට කැබිනට් නැ පාර්ලිමේන්තු නැ කතාකරපු අයට නෙලුව මදිනොකියන්න එතනදිම.
    මෙව කරනකො ජාතයන්තරය බැලනස් කරන්නත් වෙනව චිනෙටම දෙනව කියෙන එකෙන් ගැලවෙන්න. අපි වගෙ රටකට වෙන මගක් නැ

    • තමාලි says:

      අපි මේ ආණ්ඩුව පත්කලේ මෙවාට කැක්කුමක් තිබුණ හින්දා නේද?

  5. Jagath Silva says:

    ethakota handi gane hitiye mona paiyakatada

  6. Lalith m says:

    බලය නැතිවුනාට බය තිබෙන බව අමතකද. කියවන්නේ නැතුව දැන්වත් ගෙදර යනවා. කාලකන්නි කමට රට තවත් කන්නේ නැතිව.

  7. Jagath says:

    Muge loku putha chiro royal eke rugger gahuwa amu matta podi eka sankajaya patta matta..jr ta wadala amarika yawwa ugena ganna..mahindata wadala unta gewal aran dunna ekara loku eka tna eke ltt karayekge duwekuta bandala dunna okkoma inne amaricawe..dan me boru kqranne kawa rawatannada