අපි කොරෝනා පාලනය කලා.. ඒ ජනපති අපට දුන් නිදහස නිසයි.. දැන් අපි කොරෝනා ව්‍යාප්තියේ උපරිමය පසු කරමින්..- සෞඛ්‍ය ප‍්‍රධානී කියයි..

April 15, 2020 at 9:20 am | lanka C news
අපි කොරෝනා පාලනය කලා.. ඒ ජනපති අපට දුන් නිදහස නිසයි.. දැන් අපි කොරෝනා ව්‍යාප්තියේ උපරිමය පසු කරමින්..- සෞඛ්‍ය ප‍්‍රධානී කියයි..

අද වන විට මෙරට කොරෝනා වෛරම ව්‍යාප්තිය පාලනය කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එසේ හැකියාව ලැබී ඇත්තේ එකී කටයුත්ත සිදු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු රජය විසින් ලබාදී ඇති නිදහස සහ උපදෙස් නිසා බවද ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් මෙම කොරෝනා වෛරසය මේ වන විට විද්‍යානුකූලව පාලනය කරගැනීමට හැකි වී ඇති බව ද ඔහු පැවසීය.

මේ වන විට සියළුම රෝගීන් හමුවන්නේ වෙන් කර ඇති ප‍්‍රදේශ හා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් බවත් කී ඔහු රට තුල රෝගයේ පැතිරීමක් සිදුව නැති බවද කියා සිටියේය.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ වෛරසය පැතිරීයාම උපරිම මට්ටම පසු කරමින් සිටින බවද ඔහු පැවසීය.

නමුත් වෛරසය පාලනය කිරීමට සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග තව දුරටත් පවත්වාගෙන නොගියහොත් තත්වය වෙනස් විය හැකි බවත් ඔහු සඳහන් කලේය.

234 views

31 Comments to “අපි කොරෝනා පාලනය කලා.. ඒ ජනපති අපට දුන් නිදහස නිසයි.. දැන් අපි කොරෝනා ව්‍යාප්තියේ උපරිමය පසු කරමින්..- සෞඛ්‍ය ප‍්‍රධානී කියයි..”

  1. Sathya says:

    Excellent work of our leader HE Gotabhaya and his team.
    We are grateful to you all for saving our lives.
    Theruwan Saranai!!!!!

  2. Liyanage says:

    Greatly appreciated your leadership as the President of the country and Commander in Chief of Security forces. However, the magnanimous management carried out by acting Chief of defence staff and commander of the Army should not be overshadowed or neglected! We also salute you sir.

  3. Liyanage says:

  4. chandana says:

    මේ පිං බිමේ සුදුසුවෙලාවට සුදුසු නායකයා පත්වෙනවා.හොර සමනලයින්ට වඩා.

  5. merlin says:

    Don’t be delighted. There are 15 new cases.

  6. siri says:

    Wijebahu umbalage wickrama dan ivarai, lajjada habanamin enna.

  7. ලොලිපොප් මොංගල් says:

    අපිට චන්දත් එපා, 225ත් එපා, පාර්ලිමේන්තුවත් එපා. මේ යන විදිහ හොදටම හොදයි. පරිපාලනය ගැන හොද දැනුමක් තියෙන වැඩ පෙන්නපු හමුදා නිලධාරීන් සහ උගත් පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කරගෙන ඉදිරි අවුරුදු පහ මෙහෙම යමු. දියවන්නාවේ කිරි ගන්න ගව පට්ටියක් හදමු.

Main News