අපි ගෙනා මැතිවරණ ක‍්‍රමය අවුල් ජාලයක්.. පැරණි ක‍්‍රමයම ඔ්නෑ..- එජාප මහ ලේකම්

June 4, 2018 at 6:48 pm | lanka C news
අපි ගෙනා මැතිවරණ ක‍්‍රමය අවුල් ජාලයක්.. පැරණි ක‍්‍රමයම ඔ්නෑ..- එජාප මහ ලේකම්

එක්සත් ජාතික පක්‍ෂය ඔ්නෑම අවස්ථාවක මැතිවරණය සදහා සූදානම් යයි එහි මහලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා බලපිටියේදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

කෙසේ වෙතත් නව මැතිවරණ ක්‍රමයේ ගැටළු රැුසක් ඇති බව පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදීද සාකච්චාවට ගත් බවත් මීලග පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ පැරණි ක‍්‍රමයටම බවත් ඔහු පැවසීය.

බහුතරය දිනූ කිසිදු පක්‍ෂයකට වුවද නව ක්‍රමය අනුව ස්වාධීනව බලය පිහිටුවීමට නොහැකි වීම ආදී ගැටලු රැසක් එම ක‍්‍රමයෙන් ඇති වී තිබෙන බවද කී මහ ලේකම්වරයා ඒ සදහා සංශෝධන කරන තෙක් පැරණි ක්‍රමයට මැතිවරණ පැවැත්විය යුතු යයිද කියා සිටියේය.

66 views
Main News