අපි ජනාධිපතිවරණයෙන් ලක්‍ෂ 22ක මහා පරාජයක් ලැබුවේ.. උතුර නැගෙනහිර නිසා ලැජ්ජාව බේරුනා.. හම්බන්තොටත් අන්ත පරාදයි.. සජිත්ට බැරි බව අපි දන්නවා..

January 20, 2020 at 10:40 am | lanka C news
අපි ජනාධිපතිවරණයෙන් ලක්‍ෂ 22ක මහා පරාජයක් ලැබුවේ.. උතුර නැගෙනහිර නිසා ලැජ්ජාව බේරුනා.. හම්බන්තොටත් අන්ත පරාදයි.. සජිත්ට බැරි බව අපි දන්නවා..

ව්‍යවස්ථාව අනුව කළ යුතු දෙයක් වෙනත් ආකාරයකින් කළ නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා තෝරා ගැනීම පාර්ලිමේන්තු කණ්ඩායමේ වැඩක් නොවන බවත් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

අද වන විට එක්සත් ජාතික පක්ෂය විනයක් නැති දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නායකයා යැයි කැලෑ නීතියක් යටතේ පුද්ගලයෙක් නිවේදනය කළ ද මේ මොහොතේ පක්ෂ නායකත්වය වෙනස් නොවිය යුතු බවද ඔහු පැවසීය.

පසුගිය ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කය එජාපය අන්ත පරාජයකට ලක් වූ බවත් සජිත් ප්‍රේමදාස මහතාට ඔහු චෝදනාවක් ද එල්ල කළේය.

නායකත්වය ඉල්ලා පොරකෑම ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් තමන් වෙනත් දේශපාලන පක්ෂයක එවන් තත්ත්වයක් දැක නැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජය ගත නොහැකි බව තමන්ගේ මතය වූ බවත් පැවසූ ඔහු එම ජනාධිපතිවරණයේ දී පක්ෂයේ ලැජ්ජාව වැසී ගිය උතුරු නැගෙනහිර පළාත නිසා යැයිද සඳහන් කළේය.

එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 22 බරපතළ පරාජයකට මුහුණ දී ඇතැයි ද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවැති ‘මොකද වුනේ’ වැඩසටහන සමග එක්වෙමිනි.

37,581 Viewers

11 Comments to “අපි ජනාධිපතිවරණයෙන් ලක්‍ෂ 22ක මහා පරාජයක් ලැබුවේ.. උතුර නැගෙනහිර නිසා ලැජ්ජාව බේරුනා.. හම්බන්තොටත් අන්ත පරාදයි.. සජිත්ට බැරි බව අපි දන්නවා..”

  1. Hudson says:

    Moo 2/3 porak. Kalakanniya bahapan UNP Eken Dotta. Nathnam gahala elawanawa.

    • Lapaya says:

      Buruwa ubata threnne nathi unata e manusayata aththa therenawa.

      • Jeewanee Kariyawasam , chilaw says:

        ane nikan palayan yanna , mewa MR ge Ranil ge plan , uba nikan gona wenna epa ..

      • HELAWESIYO says:

        It was clearly evident that the U.N.P.could get only nearly one third votes of the Majority race votes.From every three persons ,two had voted against them,which is about 66 to 67per cent. Overlooking the Country’s long standing civilisation and culture ,seeking minority votes, and also weakening the national intelligent services had greatly attributed to that
        situation.

    • Janaka from Matara says:

      හඩ්සන් බොස්: මං බැලුවා ජනදිපතිවරන චංද කොට්ටාස ප්‍රතිපල​. හම්බන්තොට මිනිස්සු සජිත් මහත්තයා ගේ අමුඩෙත් ගලෝ ගන්නකොට මේ වජිර ලොක්කා එයැයිගේ සීට් එක යාන්තන් ගොඩ දා ගෙන නේ. ඇයි ඔහේ ඔය හැටි පරල් වෙලා.

  2. Anju says:

    It appears that a lot of sajith supporters r reading this website & writing comments..

  3. වක්වැල්ලෙ ඩික්මන් says:

    මූ තනිකරම ඩීල්කාරය. මුලින්ම ගාමිණී දිසානායකට සෙටිවෙලා ප්‍රයෝජන අරං ගාමිණීටම ගේම දුන්නා. මහින්දට සියළු රහස් දීලා ඒ පැත්තෙන් හොඳට කෑවා. ඇවන්ගාඩි කාරයගෙනුත් කෑවා. රනිල්ට අන්දල රනිලත් විනාශ කළා. අහිංසක තිලක් මාරපනටත් ඇන්දුවා. දිල්රැක්ෂි ඩයස්ගෙ දුරකතන සංවාද ඇවන්ගාඩිකාරයා පටිගත කළේ මුගේ උපදෙස් පිට. කොටා අණ්ඩයා.

  4. Chinthana says:

    Dear UNP People, We are in 2020 upwards now. This is not a Horse Race… Some people go to the Bucky & make bets for Horses. Do not think about this way. Think about the future of the country.

  5. බිල්ල says:

    කොහොමහරි සජිත් පේමදාස නායකයා කරගෙන චන්දෙ ඉල්ලමු. රනිල් අලියා දෙන්නේ නැතිනම් පියාණන්ගේ ටයර් එකෙන් හරි චන්දෙ ඉල්ලලා දිනාගන්න පුළුවන්. ජයවේවා!

  6. ගාල්ලේ කොල්ලා says:

    අවුරුදු. 35ක්. යූ එන් පියේ. සිට
    දැරුවා මැති. ඇමති කම් දිගු කලක සිට
    ගැහුවා කොමිස් ඕසෙට රවටලා. රට
    කියප්ං. නුබ. කලේ. මොනවද. ගාල්ලට

  7. Aj says:

    සහොදරය කෝ ඔයගෙ බෙල්ල​.

Main News