අපි ණය ගෙවා රට බේරාගත්තා.. භාණ්ඩාගාරයේ සතයක් තිබුනේ නෑ.. මහින්ද රට උගස් කර තිබුනේ..

May 24, 2018 at 10:40 am | lanka C news
අපි ණය ගෙවා රට බේරාගත්තා.. භාණ්ඩාගාරයේ සතයක් තිබුනේ නෑ.. මහින්ද රට උගස් කර තිබුනේ..

2015දී තඹ සතයක් හෝ නොතිබූ රට බාරගෙන ජනතාවට අනාගතයක් ලබා දීමට යහපාලන රජයට හැකි වූයේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අසීමිතව ණය ගෙන ඒවා ගොවාගත නොහැකිව දුක්විදින යුගයකට යලි යන්නට ජනතාවට දැන් කිසිදු උවමනාවක් නැතැයිද ඒ මහතා සදහන් කරයි.

2015 දී රට බාරගත් පසු බිලියන 17ක ණයක් ගෙවා රට ණය උගුලෙන් බේරා ගත් බවත් නැවත ණය බරින් පිරුනු යුගයකට යාමට උවමනා නැති බවත් අගමැතිවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මෝදර ප‍්‍රදේශයේදී නිවාස ව්‍යාපෘතියක් ජනසතු කිරීමේ උත්සවයක් අමතමිනි.

2015 ආණ්ඩුව බාර ගන්නා විට මහා භාණ්ඩාගාරයේ මුදල් නොතිබූ බවත් රට උගස් කර තිබූ බවත් යහපාලනයට රට බේරාගත හැකි වූ බවත් ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.

206 views
Main News