‘අපි තරහයි’ අති විශිෂ්ඨ රංගනයට ජනපතිට ඔස්කාර් සම්මානයට යෝජනා කරයි..

February 12, 2018 at 5:30 pm | lanka C news
‘අපි තරහයි’ අති විශිෂ්ඨ රංගනයට ජනපතිට ඔස්කාර් සම්මානයට යෝජනා කරයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කරන ලදී.

‘අපි මැතිවරණ වේදිකාව පුරා දිගින් දිගටම කිව්වා ජනපතිගෙයි අගමැතිගෙයි තියෙන්නේ  රංගනයක් . මේක ඡන්දය තෙක් අපි තරහයි චිත්‍රපටියයි මේ ජනපතියි අගමැතියි රඟපාන්නේ මේ රණ්ඩුවට රැවටෙන්න එපා කියලා. ජනතාව අපිව විශ්වාස කලා. අවාසනාවකට ටික දෙනෙක් රැවටුනා.

ඡන්ද ප්‍රථිපල පිටවෙන්නත් කළින් ජනාධිපතිතුමන් අගමැතිතුමන් හමුවෙලා කරට අතදාගෙන කිරිබත් කලා රණ්ඩුව දැන් ඉවරයි කියලා 2020 තෙක් එකට යනවා කියන තීන්දුව අරන් තියෙනවා. ඒ කියන්නේ අපි කිව්ව ආකාරයටම ජනාධිපතිත් අගමැතිත් කරල තියෙන්නේ රඟපෑමක්.

අගමැතිතුමන් ජනපති හමුවී ඇහැව්ව ලු ජනපතිතුමනි කඩුවෙන් මා කැපේවිදෝ කියලා. එතකොට ජනපතිතුමන් කිව්වලු නාඬන් මල්ලි නාඬන් මම විහිලු කලා කියලා.

කෙසේ වෙතත් හොඳම නළුවා සම්මානය ජනාධිපතිතුමාටත් හොඳම සහය නළුවා සම්මානය අගමැතිතුමාටත් පුද කිරීමට වටිනවා.  ලංකාවේ එහෙම නොවේ.  ඇමෙරිකාවේ ඔස්කාර් සම්මාන උළෙලේ. මොකද ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ඨ රංගනයක් එතුමන් ඉදිරිපත් කලේ.

– අරවින්ද අතුකෝරල

73 views

13 Comments to “‘අපි තරහයි’ අති විශිෂ්ඨ රංගනයට ජනපතිට ඔස්කාර් සම්මානයට යෝජනා කරයි..”

  1. නාට්‍යයේ නම අපි ඇරවා ගත්තා. says:

    නාට්‍යයේ නම අපි කියලා ඇරවා ගත්තා.අම්මගේ මැහි පාලනය. බැංකුව කැඩුවා. වරාය වික්කා. අම්මත් වික්කා දුවත් වික්කා රටම වික්කා. ආප්පෙට. නෙ නාටකය අපි කියලා ඇරවා ගත්තා.අය්යෝ හොර ගොල්ලේ නායකත්වය. 1956 බණ්ඩාර නායක නාමය නැවත පාවා දුන්නා. හිවලුනි. me මල ගිය පරාන කාරයෝ පස්සෙන් එනවා. තොපේ බෙල්ල කනවා. දාලා පලයව්. නාඩගම් පෙන්නුවා ඇති. පරාදය පිලි අරන් අර්ථ නිරුපන දෙන රාජිතයලා මංගලා තමන්ගේ වසමත් පරාදයි. ග්‍රාම සේවකත් එහෙමයි.

Main News