අපි පැදුරෙන් බිමට වැටිලා ඉවරයි… ආයේ වැටෙන්න තැනක් නෑ…- ශ‍්‍රීපාදස්ථානාධිපති

May 5, 2022 at 8:02 am | lanka C news
අපි පැදුරෙන් බිමට වැටිලා ඉවරයි… ආයේ වැටෙන්න තැනක් නෑ…- ශ‍්‍රීපාදස්ථානාධිපති

අපි පැදුරෙන් බිමට වැටිලා ඉවරයි , ආයේ වැටෙන්න තැනක් නැ ඒ නිසා සියළු දෙනා එකට එකතු වි කටයුතු කල යුතු බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , පැල්මඩුල්ල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.

ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් (03) දින ඒ බැව් කියා සිටියේ 2021-2022 වසර සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති රැස්විමකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ

ලංකාවේ තිබෙන දර්ශනයන් අතරින් උසස්ම ධර්මය බෞද්ධ දර්ශනය,එම දර්ශනයට විරුද්ධව කටයුතු කරනවා නම් යම් රජෙක් , නායකයෙක්.

එම නායකයා නැති වෙනවා මිසක් බුදු දහම හෝ රට විනාශ වන්නේ නැ.

යම් භික්ෂුවක් වුවත් මෙම දර්ශනයට විරුද්ධව කටයුතු කරනවා නම් උන් වහන්සේටත් සෙතක් සිදු වන්නේ නැ.

අපිට ආයේ වැටෙන්න තැනක් නැ , පැදුරෙනුත් බිමට වැටිලා ඉන්නේ.ඒ නිසා සියල්ලම එකට එකතු විය යුතුයි.

අරක නිසා මේක නිසා එකතු වෙන්නේ නැ කියන මති මතාන්තර එපා,සියල්ල එකතු වෙලා මේ රට ගොඩනගන්න.

මේ රට ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ හෝ කාටවත් අයිති රටක් නෙවෙයි , මේ මහජනයාගේ රට.

බේද නොවි ඇණ කොට ගන්නේ නැතුව ඥණාන්විතව සියල්ල එකට එකතු වෙලා මේ රට ගොඩගන්න.

2021-2022 වර්ෂය සදහා වු ශ්‍රි පාද වන්දනා වාරය (17) දිනට යෙදෙන වෙසක් පොහෝ දින පෙරවරුවේ ශ්‍රි පාද උඩ මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවන් වලින් අනතුරුව එදින දහවලින් අවසන් කරන බවත්,ඉන් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ යුධ හමුදා භට පිරිස් සහයෝගය ඇතිව රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙත් , නල්ලතන්නිය ලක්ෂපාන කළුගල යටියන්තොට අවිස්සාවේල්ල රත්නපුර හරහා යන මාර්ග තුන ඔස්සේ  පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ ගමන් මාලිගාව දක්වා වැඩම කරන බවයි.

ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ එදින පැවැත්වෙන චාරිත්‍රානුකුල ආගමික වතාවන් ගණනාවකින් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවේ සිට වැඩම කරන ලද සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි අවාරය අවසන් වන තෙක් ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තබන බවයි.

2021-2022 ශ්‍රි පාද වන්දනා වාරය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් සහ මාධ්‍ය ආයතනවල  සහයෝගය ඇතිව සාර්ථකව සිදු කිරිම හැකියාව ලැබුණු බවත්, එම කාලය තුල ශ්‍රි පාද වන්දනාවේ පැමිණි සියළුම වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් උපරිම අයුරින් ලබාදිමට පියවර ගත් බවද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,872 views

15 Comments to “අපි පැදුරෙන් බිමට වැටිලා ඉවරයි… ආයේ වැටෙන්න තැනක් නෑ…- ශ‍්‍රීපාදස්ථානාධිපති”

  1. හුරේරා says:

    ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ ජනතාවගෙන් වැටුප් ගනිමින් ඉන්නා අවස්ථාවෙත් මේ වගේ හැසුරුණානම් මෙහෙම නොවෙන්නත් තිබුණා…!

  2. atta says:

    කන්න නැතිව ඉදන් තවත් සිරීපාදෙ ගියාම ඕවට මිනිස්සු පෙලබෙව්වම තවත් බිම වැටෙයි ලගදිම.

  3. saman says:

    දැන් සැපද??????????????

  4. Kamal says:

    ඉවර නෑ තව වැටෙනවා. පැදුරත් නැතිවෙනවා.
    මෙතන ඉදන් උඩට යන්නනම් මෙම අර්බුදයේ නිර්මාතෘවරුන් වහා ඉවත් විය යුතුයි.

    • බත්බැලයට මොලයක් ජාතික ව්‍යපාරය says:

      2015 19 ගවපාලනේ ගෙදර යැවිවෙි ඒක තමයි හැබැං උං රටට කරපු විනාසෙන් ගොඩඑන්ඩ බෑ

  5. Kamal says:

    ඉවර නෑ තව වැටෙනවා. පැදුරත් නැතිවෙනවා.
    මෙතන ඉදන් උඩට යන්නනම් මෙම අර්බුදයේ නිර්මාතෘවරුන් වහා ඉවත් විය යුතුයි.

    • බත්බැලයට මොලයක් ජාතික ව්‍යපාරය says:

      2015 19 ගවපාලනේ ගෙදර යැවිවෙි ඒක තමයි හැබැං උං රටට කරපු විනාසෙන් ගොඩඑන්ඩ බෑ

  6. කිංචිගුණේ සද්ධානන්ද හිමි says:

    මෙම දුස්ශීල භික්ෂුව ශාසනය විකුණාගෙන කන, රාජපක්ෂලා කරන සියළු හොරමැරකම් අනුමත කරන සහ ඊට සහාය දෙන කෙනෙක්. රාජපක්ෂ අනුග්‍රහයෙන් පදවි තානාන්තර ලබාගත් අයෙක්. රාජපක්ෂලාගේ අනුග්‍රහයෙන් මැරකම් සහ දූෂණ සිදුකර ශ්‍රීපාදස්ථානාධිපති හැටියට පත්වී, ශ්‍රීපාදස්ථානයට හිමිව ඇති, සහ ලැබෙන අතිවිශාල දේපළ, මුදල්, රත්රන් සහ මැණික් අපහරණය කරමින්, හොර අඹුවන් නඩත්තු කරමින්, කාමසුඛානුකල්ලි ජීවිතයක් ගතකරන අයෙක්. මෙම භික්ෂුවගේ ජංගම දුරකතනයේ ඇමතුම් විශ්ලේෂණය කිරීමෙන් හොර අඹුවන් සමග පවත්වන රහසිගත සම්බන්ධතා එළිකර ගතහැකියි. ශ්‍රීපාදස්ථානාධිපතිධූරය සඳහා පත්වීම
    සඳහා, එකල හිටි රාජපක්ෂ සට්ටැඹියෙක් සහ මැරයෙක්වන මර්වින් සිල්වා ගෙන්වාගෙන ඡන්ද මංකොල්ල කෑ මෙම භික්ෂුව, සාශනයෙන්ම නෙරපා දැමිය යුතුයි. වහාම විහාර දේවාලගම් පනත සංශෝධනය කර මෙම ධූරය එක්වතාවකට සහ වසර තුනකට සීමා කළ යුතුයි. දැනට පවතින නීතිරීති අනුව මැරෙණ තුරැම මෙම ධූරය දැරිය හැකියි. එය ⁣මොනතරම් අයුක්ති සහගතද? ඡන්දය ලබාගැනීම සඳහා බොරැකියා රැවැට්ටූ හාමුදුරුවන් දැන් මෙම භික්ෂුවට පංච නින්දාවෙන බැනවදිමින් සිටී. අපතයින් ලවා සුදුහුණුගෑමට උත්සාහ කළාට, පැල්මඩුල්ලේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ මිනිසුන් මොහුගැන හොඳින් අවබෝධකරගෙන අවසන්. මොහුට බුදුදහම අනුව කරන පාපකර්මවලට නිසි පිළිතුරැ ලැබේවි.

  7. සජබෙ, ජේවීපී මෝඩයින්ගේ හර්තාල්, උද්ඝෝෂන නිසා පැදුරෙන් මිනී වලට වැටෙනවා. සජබෙට, ජේවීපී එකට කඩේ යන බත් බැලයන්ට තේරුම් ගන්න බෑ. සජබෙ, ජේවීපී බත් බැලයෝ ඉන්නකන් රට ගොඩ යන්නේ නෑ.

  8. Lalla says:

    මොනව කියන්නද. කහකඩය ලංකාවට මේ විනාශයට කටින්න නොසෑහෙන්න දායක වුනා.මේතුමත් කුලපති වුනේ නිකම්ම නොවේනේ. අපට ඔය වැදි බණ අසන්නට ඕන නෑ.බුදුබණ පදයක් ඇහුවම ඇති.

  9. Godaya says:

    හාමුදුරුවන්ගෙ වත්කම් අඩුවෙලාද

  10. කමල් says:

    ඉහල සදහන් කිංච්ගුණේ හාමුදුරුවෝ මේ ශ්‍රී.පාදස්ඨාන පාහරය ගැන කියල තියෙන විස්තර සම්පූර්ණ ඇත්ත. මූ සාසනය විකුණං කන ශ්‍රී පාදස්ථානය විනාශ කරපු තක්කඩියා

Main News