අපි බලයට අවේ වනාන්තර විනාශ කරන්න නොවෙයි.. අපි ආවේ වන සම්පත රැක ගන්නයි..

March 24, 2021 at 8:40 am | lanka C news
අපි බලයට අවේ වනාන්තර විනාශ කරන්න නොවෙයි.. අපි ආවේ වන සම්පත රැක ගන්නයි..

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණ ඉලක්ක කර ගනිමින් කටුයුතු කරන ආණ්ඩුවක් නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති රන්ලිය අරුණ කාන්තා සංවිධානයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තරුණ සංවිධාන සහ කාන්තා සංවිධාන කැඳවන්නේ ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කිරීමට මිස ළඟදී මැතිවරණයක් පැවැත්වීමේ අරමුණින් නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසීය.

“ ඇතැම් අය හිතන්නේ අපි මේ කාන්තා සංවිධාන, තරුණ සංවිධාන කැඳවන කොට ළඟ මැතිවරණයක් ඇති කියලයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කිසිසේත්ම  මැතිවරණය ඉලක්ක කරගෙන කටයුතු කරන ආණ්ඩුවක් නොවෙයි. සෑම විටම අප කටයුතු කරන්නේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් මතයි. එම නිසා කිසිවෙකුත් කළබල වියයුතු නැහැ. මැතිවරණයක් ළඟ එන්නේ නැහැ.

මේ රට අර්බුදවලට මුහුණ දෙන සෑම අවස්ථාවකම කාන්තාවන් පෙරට ආවා. 2005 මාර්තු මහින්ද මහත්තයාගේ ජයග්‍රහණයට මූලිකත්වය ගත්තේ කාන්තාවෝ බව අමතක කරන්න බැහැ. 2015න් පසුව මහින්ද මහත්තයාව නැවත දේශපාලනයට ගේන්න මුලිකත්වය ගත්තේත් මේ රටේ කාන්තාවෝ. මොකද, ඔවුන් තමයි මේ රටේ යුද්ධයෙන් පසුගිය කාලයේ වැඩිපුරම බැට කෑවේ. සෑම සාර්ථක පුද්ගලයෙකු පිටුපසම කාන්තාවක් සිටින බවට කියමනක් තිබෙනවා.

වන විනාශය අද සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. මේ ආණ්ඩුව වනාන්තර විනාශ කරන්න බලයට ආවේ නැහැ. අප සෑමවිටම කටයුතු කරන්නේ වන සම්පත ආරක්ෂා කරගැනීමටයි. විපක්ෂය සංවිධානාත්මකව වන විනාශය ගැන චෝදනාව ආණ්ඩුවට බැර කරමින් රටේ මහජන මතය වෙනස් කිරීමට උත්සාහ කරනවා. එමඟින් ආණ්ඩුවට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ උපක්‍රමයයි. ඇතැම් සමාජ මාධ්‍ය  පිටරටවල  වනාන්තර එළි කිරීමේ ජායාරූප  යොදා ගනිමින් ලංකාවේ වන විනාශයක් සිදුවෙන බවට පෙන්වීමට උත්සාහ කරනවා. සමහර අය කරන දේවල්  අපේ ආණ්ඩුවෙන් කරන දේවල් වගේ පෙන්වන්න උත්සාහ කරනවා. මේවාට රැවටෙන්න එපා. මේ රටට හානිවන කිසි දෙයක් අපි කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය අබමල් රේණූවකින් පලුදු කරන්න අපි සූදානම් නැහැ.

වර්තමානයේදී බඩු මිල ඉහළ ගොස් ඇති බව සියලු දෙනා පිළිගන්නවා. එයට විවිධ හේතු තිබෙනවා. පසුගිය රජය බඩුමිල පාලනය කිරීමේ කිසිදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළේ නැහැ. ගමේ ආර්ථිකය ශක්තිමත් කළේ නැහැ. ඒ වගේම පසුගිය යහපාලන රජය රාජපක්ෂ ආණ්ඩුව විසින් ආරම්භ කළ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ සියලු වැඩ සටහන් නතර කළා. අප මේ වන විට එම වැඩ සටහන් සියල්ල නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. සෑම අතින්ම විනාශ කළ රටක් ගොඩනැගීම පහසු කටයුත්තක් නෙවෙයි.

ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගෙවතු වගාවට අවශ්‍ය එළවලු බීජ හා පැළ ලබා දීම, කුකුල් පැටව් සහ කිරි හරක් ලබා දීමේ වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක කරනවා. කාන්තා ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා විවිධ ණය ආධාර වැඩසටහන් දැනටමත් සැළසුම් කර තිබෙනවා. එදා බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කළ ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීම තුළින් ඉහළ යන බඩුමිල පාලනය කිරීමට හැකි වේ යැයි අප විශ්වාස කරනවා.”

ප්‍රවීන රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම, මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන තරුණ සංවිධානයේ හා කාන්තා සංවිධානයේ අනුශාෂිකා අර්චනා රණතුංග, මිනුවන්ගොඩ පොදුජන කාන්තා සංවිධානයේ ලේකම් ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී මේධා රත්නායක යන අයද මෙහිදී අදහස් දැක්වූහ.

– ප්‍රදීප් අනුර කුමාර

7,780 views

9 Comments to “අපි බලයට අවේ වනාන්තර විනාශ කරන්න නොවෙයි.. අපි ආවේ වන සම්පත රැක ගන්නයි..”

  1. Suranjan says:

    මූට මෝල්ද?

    • මේ පරිසර විනාශය ලෙස නව මුහුණුවරකින් කරලියට පැමිණ ඇත්තේ 2014 වසර මැද භාගයේ සිට අවසානය දක්වා නිර්මාණය කරගෙන ආ පච කර්මාන්තයේ දෙවෙනි දිගුවය. මෙහි කිසිම පරිසර විනාශයක් කිසිම ස්වාදීන පුද්ගලයෙකු විසින් නොදකී. මෙය හුදෙක්ම JVP සහ පරිසර සංවිධාන ලෙස හදුන්වා ගන්නා NGO නඩ මගින් කෘතීමව නිර්මාණය කරන ලද දේශපාලන පච ව්යපාරයකි. එසේත් නැත්නම් උන්ගේම භාෂාවෙන්ම කියනවනම් දේශපාලන ප්රොජක්ට් එකකි. සජිත් ප්රේමදාස ඇතුළු අනෙක් දේශපාලන මෝඩ රැල මෙම සටන් පාඨය කුලියට රැගෙන ඇත. ඒ ඔවුන්ට මෙවැනි බොරු ප්රචාරක සටන් පාඨයක් නිර්මාණය කිරීමට හැකියාවක් නොමැති කම නිසාය. මොවුන් මේ මගින් බලාපොරොත්තුවන අරමුණු රාශියකි. ජනතාව රජය වෙත සහ ජනාධිපති තුමා වෙත ඇති විශ්වාශය බිදදැමීම ප්රධාන අරමුණ වන අතර රජය මගින් සිදුකරන හා සිදුකිරීමට බලාපොරොත්තු වන සියලුම සංවර්ධන ක්රියාවලි කඩාකප්පල් කිරීම දෙවෙනි අරමුණය. මේ පජාති JVP, NGO නඩ සහ SJB මෝඩ රැල විසින් අනියම් ආකාරයකින් සිදුකරමින් සිටින්නේ සියලු ලාංකිකයන්ගේ සෞභාගියමත් අනාගතය සහ දියුණු වූ රටක ජීවත් වීමට තිබෙන මාර්ග අහුරා දමා උන්ට ආධාර සපයන බලවත් යයි කියන තුප්පහි රට වල වහලුන් බවට පත් කිරීමය. ඉදිරියේදී කෙහෙල් ගසක් කැපීම, පාරවල් පිරිසුදු කිරීම පවා පරිසර හානි ලෙස කරලියට පැමිණීමට නියමිතය. මෙවැනි පචයන්ට නොරැවටෙන මෙන් මහා ජනතාවගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.
      පච නිර්මාණය අතින් ලෝකයේ සියලුම රටවල සිටින දේශපාලුවන්ට හා NGO නඩ වලට වඩා ලංකාවේ දේශපාලුවන් හා NGO නඩ අසාමාන්ය දක්ෂ තාවයක් ඇත. මෙම දක්ෂතාවය නිසා මේ රටතුල පච නිර්මාණය පුහුණු කිරීම සදහා ජාතියන්තර තලයේ විශ්වවිද්යාලයක් බිහිකිරීමට අවශ්ය ප්රමාණයටත් වඩා දක්ෂ තාවය හා හැකියාව ඇති පිරිසක් බිහිවී ඇත. උදාහරණ ලෙස මේ සම්බන්ධව ආචාර්ය උපාධි වලට පවා හිමිකම් කියන පච රණවක, රාජිත සේනාරත්න, චන්ද්රිකා කුමාරතුංග, අනුරකුමාර දිසානායක ඇතුළු නඩය, මංගල සමරවීර, සිරිසේන, ඕමල්පේ සෝභිත, රන්ජිත් උන්නැහ, රතන, මුරුත්තෙට්ටුවේ ආනන්ද සාත්තු සේවක තුමා, සහ ලංකාවේ සිටින සියලුම NGO කාක්කන් ගත හැක. මොවුන්ගෙන් සියලුම දෙනා විශ්වවිද්යාලයේ ජ්යෂ්ඨ මහාචාර්ය තනතුරු දැරීමට පවා සුදුසුකම් දරයි.

      • On The Spot says:

        මේ කථාවෙ ඇත්තක් නැත්තෙත් නැහැ.ඒත් ගැටළුව මේ එන්.ජී.ඕ.කපුටන්ගේ පච ව්‍යාපාර මැඩ පවත්වා සත්‍ය ජනතාවට හෙලි කර දීමට ක්‍රමවේදයක් රජය පැත්තෙන් අරගෙන නැහැ.මේ එන්.ජී .ඕ.කරුවන් පාලු ගෙයි වලං බිඳින්නා සේ දිගටම පවත්වා ගෙන යෑමෙන් ජනතාව අතරට වැරදි මතයක් ගෙන යනවා.රජය කල යුත්තේ ක්‍ෂණික විහිදුම් බලකායක් යොදවා එසැනින් නිවැරදි ප්‍රවෘත්තිය ජනතාවට ලබා දීමයි.එසේ කරන්නට හැකි නම් පච බලකායන් මර්දනය කල හැකියි.එසේ නොකොට අට පාස් දේශපාළණ මහාචාර්‍යවරුන් මයික්‍රෆෝන සූප්පු කර මාධ්‍ය සංදර්ශණ පැවැත්වීම පච බලකායට ලබා දෙන උත්තේජනයක් වනවා.අතිගරු ජනාධිපතිතුමා මෙය නිවැරදිව වටහා ගත යුතුයි.

  2. saman says:

    ඒ ටිකනම් අඩුවක් නැතුවම වෙනවා. දිගටම කරගෙන යන්න තව ටික කාලයයි නේ ජීවත් වෙන්නේ

  3. kamal says:

    My dear Cunning people or british people
    You should obey truth which is governing in the world. I and my teacher agree on your cunning aspiration or cruel phenomena of cruelty and cunningness, but I say do not spoil other countries by adultery, killing, stealing, double stand and telling lie and taking alcohol and arranging charismas party for the pope. I love you love me and my teacher but you like cunning aspiration of your forefathers but we love indian nature or innocent humanity of all. I cannot forget my friendes china and Russia we stand for them and other friends when you carry cruelty on them. But you love your teacher Kamal or prince diyasena or ajasatta (indian king). You love india my cunning friend not only for your cunning business but also your cruelty of cunning aspiration instead of Kiribathgoda himi’s Buddhas aspiration. You love your teachers of dhamma achan brahamavansa in perth and Bikku Bodi in Washington America. We are not afraid to die my cunning aspiration friends. You love your teacher kamal and his teacher Kiribathgoda monk.

  4. Kakiyana lea says:

    Anee manda pampooriyama tamai.Kriyaawen karala pennanna.Aaye kiya kiya inna oone nehe.Janathawa oyaata wadaa buddhimath.

  5. desta says:

    ethin kasippuwo apida ban kapanne

  6. නාරිලතා says:

    ආ… මෙි මුටිටි, ආතා නෙ, ජබොස් ගාල අතෑරිය සද්දෙට බැලුවෙ. ඇඟ පුරාම මොලේ, ඕන ටොපික් එකක් ගැන කතා කරයි, අපේ දිවෙි මයිල් එන්න.

Main News