අපි බලයට එනවා.. ආ සැනින් 20 අහෝසි කරනවා..
September 12, 2020 at 3:28 am | lanka C news
වත්මන් ආණ්ඩුව 19 විවස්ථා සංශෝධනය අහෝසි කර දැමීම සඳහා සූදානම් වුවද 19 සංශෝධනය ඉතා ප්රජාතන්ත්රවාදී සංශෝධනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
20 සංශෝධනය ගෙන එන්නේ පෙර පැවති පාලනය නැවත ගෙන ඒමට බවත් ඔහු කීය.
තම කණ්ඩායම නැවත බලයට ආ සැණින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කර දමන බවත් ඔහු පැවසීය.
යෝජිත 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.