අපි මේ ආණ්ඩුව පරාජය කලොත් මෝඩකමක්.. කොහොමහරි ෆෙඩරල් ගන්න ඔ්නෑ..- සුමන්තිරන්

July 3, 2017 at 6:33 am | lanka C news
අපි මේ ආණ්ඩුව පරාජය කලොත් මෝඩකමක්.. කොහොමහරි ෆෙඩරල් ගන්න ඔ්නෑ..- සුමන්තිරන්

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වන විට සකස් කර ඇති අතුරු වාර්ථා කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතු බවටත් ජතාකි ගැටලුවට විසඳුමක් වශයෙන් නව ආණ්ඩුවක් පත් කොට පසුව එය පරාජයට පත් කිරීම අනුවණ හෙයින් රජයට සහය දෙමින් ගැටලු වලට විසඳුම් ලබා ගත යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියා සිටියේය.

මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේ යාපනය අංක එක හරස් වීදියේ පිහිටි සුමන්තිරන් මන්ත්‍රී වරයාගේ නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

එහිදී මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘දෙමළ ජනතාවට ඇති ප්‍රධාන අභිප්‍රය වන්නේ ජාතික ගැටලුව විසඳා ගැනීමයි එය ඉටු කරගැනීමටනම් මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමයි දැන් පවතින ප්‍රධාන පක්ෂ දෙක (ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය) එකතු වෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවගෙන තියෙන්නේ ජාතික ආණ්ඩුවට අපි සහය දෙන්නේ නව ව්‍යවස්ථාවක් සෑදීමටයි

‘අපේ ජාතික ගැටලුවට විසඳුමක් ලබා ගැනීමට නව ආණ්ඩුවක් බිහිකරලා එය පරාජය කිරීමට කටයුතු කිරීම මොඩකමක් ඒ අනුව තමයි අපි මේ රජයට සහය පලකරල තියෙන්නේ මේ  රජය ඉදිරියට ගෙන යන්න ඕන එලෙස ඉදිරියට ගියොත් තමයි අපේ ඉලක්කය සපුරා ගැනීමට හැකි වෙන්නෙ ජනතාවට පවතින ගැටලුවට විසඳුමක් නොලැබෙන ව්‍යවස්ථාවක් බිහි නොවන්නෙ නම් අපි මේ රජයට සහය පල කරන්නේ නහැ නමුත් එවැනි තත්වයක් තවමත් ඇති වෙලා නැහැ

‘ ෆෙඩරල් ක්‍රමයේ කරුණු දෙකක් තියනවා එකක් තමයි පලාතකට කිසියම් බලයක් ලබා දුන්නොත් එයට මධ්‍යම රජය සිය බලය පාවිච්චි නොකල යුතුයි අනිත් එක තමයි ලබා දුන් බලය පලාතේ නියෝජිතයින්ගේ අනුමැතිය නොමැතිව නැවත ලබා ගත නොහැකි වීමයි යන කාරණායි මේ දෙකම තියවානම් එය ෆෙඩරල් අතුරු වාර්ථාවේ ෆෙඩරල් යන වචනය නොමැති වුවත් මෙම කරුණු දෙක තියනවානම් එය ප්‍රමාණවත්.

මේ රජය දෙමළ ජනතාවට මොකුත් කලේ නැහැ කියලා අපි කියන්නේ නැහැ සමහර අය කියනවා අපේ පක්ෂය දෙමළ ජනතාව අමතක කරල රජයත් එකක සහයෙන් කටයුතු කරනවා කියලා ඒක එහෙම නෙමෙයි මේ වෙන කොට වත්මන් රජය යුද්දෙ නිසා අහිමි වුනු අයගේ ඉඩම් රැසක් මුල් අයිති කරුවන්ට ලබා දීලා තියනවා ඒ වගේම අත්අඩංගුවට පත් බොහෝ පිරිසක් නිදහස් කිරීමටත් කටයුතු කරල තියනවා හැම දේම එක පාරම කරන්න බැහැ අපි රජයත් සමග සහයෙන් හිටියොත් තමයි අපිට අපේ ඉලක්ක සපුරගන්න පුලවන් වෙන්නේ. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

64 views
Main News