අපි මෛත්‍රිගෙන් ඉගෙනගත්තා.. අලූත් පක්ෂය හදන්නේ ආප්ප න්‍යායෙන්..
November 15, 2016 at 11:20 am | lanka C news
බණ්ඩාරණායක මහතා වටා 1956 වසරේ තිබූ ජනරැුල්ල අද දවසේ ඒකාබද්ධ විපක්ෂය වටා එක් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ බියගමදී පැවති ඒකාබද්ද විපක්ෂ ජන හමුවක් අමතමිනි.
’අලූත් පක්සයක් හදන්න එදා චන්ද්‍රිකා විජය ගියත් ඔවුන්ට ජනපදනමක් තිබුණේ නැහැ. ලලිත් ගාමිණීටත් එසේමයි.
ඒත් අද තත්ත්වය වෙනස් බණ්ඩාරනායක මහතාට එදා තිබූ බලවේගය අද මහින්ද මහත්තයා කේන්ද්‍ර කරගෙන ගොඩනැගිලා තිබෙනවා.
අපි ජනවාරි අට අපි එළියට බැස්සේ මහින්ද මහත්තයා ඉදිරියට ගේන්නයි.මහ ඇමැතිකම නැතිවන බව දැනගෙනයි මම එළියට බැස්සේ.ඉදිරියේදී මට මන්ත්රීකමත් නැතිවෙයි.නමුත් පොදු ජනතා අපේක්ෂාව මහින්ද රාජපක්ෂයි.ඒ වෙනුවෙන් මා ඇප කැප වෙනවා.
පළාත් පාලන ආයතනවල සියයට අනූපහක් සහ රටේ ජනතාව සියයට අනූනමයක් කියන්නේ අලූත් පක්ෂයක් හදන්නයි.
මෛත්‍රීට පුළුවන්නම් යූ.එන්.පීය ශක්තිමත් කරන්න අපිත් ආප්ප න්‍යායෙන්ම කටයුතු කරනවා.අපේ ආණ්ඩුවක් පිහිටුවලා මහින්ද අගමැති කළ හැකිනම් මට ඇමැතිකම් වරප්‍රසාද අවශ්‍ය නැහැ’