අපි මොලෙන් ගහලා ඇමරිකාව පැරැද්දුවා.. ලෝකෙන්නම එහෙම කලේ අපි විතරයි..
December 19, 2020 at 10:40 am | lanka C news
සමස්ත ලෝකයේම අතින් පයින් ගහගෙන අවි ආයුධ වලින් ගහගන්නවා වෙනුවට ඔලුවෙන් ගහලා ඇමරිකාව පරාජය කිරීමක් මෑත කාලයේ සිදු වුනා නම් ඒ ශ්‍රී ලංකාව තුළ සිදුවුණු එම්සීසී පරාජය පමණක් යයි ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.
ඇමරිකානු එම්සීසී ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීම ගැන මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.
එම්සීසී ට්‍රෝජන් අශ්වයා පරාජය කල හැටි
2010 වසරේ දී ඇමරිකානු නාවික යුධ විශේෂඥයකු වන රොබට් කප්ලාන් ලෝකයට කිව්වේ මේ සියවස ඉන්දියානු සාගරයේ සියවසයි, මේ සියවසේ දී වැදගත්ම සාගරය ඉන්දියානු සාගරය වෙනවා නම් ඉන්දියානු සාගරයේ හරි මැද පිහිටි ශ්‍රි ලංකාව ලොව වැදගත්ම රට වන බවයි. ඒ නිසා ඇමරිකාවේ ඉන්දු පැසිපික් උපායමාර්ගය තුළ ඔවුන්ට වැදගත් ම ඔවුන්ගේ පාලනයට නතු කරගත යුතු රට බවට ශ්‍රී ලංකාව ඔවුන් හඳුනා ගත්තා.
2014 වසරේදී එම්සිසි කියන තෑගි මල්ල එහෙමත් නැත්නම් එම්සිසි කියන ට්‍රෝජන් අශ්වයා ඩොලර් මිලියන 480 ක තෑග්ගක් ලෙසින් ශ්‍රී ලංකාවට ලබාදීමට ඇමරිකාව තීරණය කරන්නේ තමන්ගේ යුද දේශපාලනය උපායමාර්ගයේ දී ශ්‍රී ලංකාව තමන්ට නතු කර ගැනීම අතිශයින්ම තීරණාත්මක නිසයි. ට්‍රෝජන් අශ්වයෙක් තෑගි ලැබෙන කොට අපි ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕන මොකද මේ ට්‍රෝජන් අශ්වයාගේ ඇතුලේ තිබුනේ ලංකාවේ ඉඩම් ඇමරිකානු සමාගම් වලට අත්පත්කරගෙන ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු බලය ස්ථාපිත කර ගැනීමේ බිම් බෝම්බයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියේ තොරතුරු තමන් සතු කරගෙන ශ්‍රී ලංකාව පුරා ඔත්තු බැලීමේ සන්නිවේදන උපකරණ කට්ටලයයි. ඒ වගේම මේ ට්‍රෝජන් අශ්වයා තුළ තිබුණා සෝපා ඇක්සා නැමැති මල්ටි බැරල් රොකට් ලොන්චර් දෙකක්. ඩොලර් මිලියන 480 ක තෑග්ග නැමැති ට්‍රෝජන් අශ්වයා හරවා යවනවා කියන්නේ මේ බිම් බෝම්බ මල්ටි බැරල් රොකට් ලොන්චර් සමගම ඔත්තු බැලීමේ උපකරණ තොගයත් ආපසු හරවා යවනවා කියන එකයි. එනිසා ශ්‍රී ලංකාවේ නූතන නිදහස් අරගලයේ ජයග්රහණයයේදී ඇමරිකාව පරාජය පිළි අරගෙන ලංකාවට ගෙනා ට්‍රෝජන් අශ්වයා ආපසු ගෙන යෑමට තීරණය කළා. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ නූතන නිදහස් දිනය බවට ඇමරිකාව මේ තීන්දුව ගත් දිනය ප්‍රකාශයට පත් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා.
ලෝකය තමන්ගේ යුද දේශපාලන උපාය මාර්ගයට තැගි ලබා දීම හරහා නතු කර ගැනීමට උත්සාහ දැරූ අවස්ථා වලින් ඇමරිකාවට මෑත කාලයේ ආපසු හැරී යාමට සිදුවුනේ ශ්‍රී ලංකාව තුළදී පමනයි කියන එක අපි ඉතාමත් ආඩම්බරයෙන් කියනවා. සමස්ත ලෝකයේම අතින් පයින් ගහගෙන අවි ආයුධ වලින් ගහගන්නවා වෙනුවට ඔලුවෙන් ගහලා ඇමරිකාව පරාජය කිරීමක් මෑත කාලයේ සිදු වුනා නම් ඒ ශ්‍රී ලංකාව තුළ සිදුවුණු එම්සීසී පරාජය පමණයි. ඒ නිසා ශ්‍රී ලංකාව රණකාමී එඩිතර වීරෝදාර ජාතියක් කියලා නැවත වතාවක් ලෝකෙට කියලදීලා ඇමරිකානු නව ව්‍යාප්තවාදයට එරෙහිව සටන් කරන හැටි ඉගෙන ගන්න ලෝකයේ අන් රටවලට අපි ශ්‍රී ලංකාව දෙස බලන්නයි හා ආරාධනා කරනවා.
ප්රශ්නය : මතයක් තියෙනවා මේක වෙනත් නමකින් නැවත එන්න පුළුවන් කියලා සහ මෙවැනි අවදානම් නැවත රට තුළට එන්න පුලුවන් කියන එක මේ සඳහා රජය සූදානමින් ද ඉන්නේ.
පිළිතුර : දෛවෝපගත කාරණය වන්නේ එම්සිසි ගෙන එන කාලෙ නිහඬව හිටිය සමහර ස්වාමීන් වහන්සේලා තමයි දැන් එම්සිසි වෙනත් නමකින් එතැයි බිය පළ කරන්නේ. අපේ ආණ්ඩුව බලයේ සිටින තෙක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ සිටින තෙක් එම්සිසි වෙනත් නමකින් එන්න ඉඩ තබන්නේ නෑ. එම්සිසි ගිවිසුම ඉදිරියේ ඔය කියන පාර්ශව ඇමරිකානු බලය ඉදිරියේ දෙකට නැවී අවනතව සිටින යුගයේ එම්සිසි සහ ඇමරිකානු ආධිපත්‍යයට එරෙහිව සටන් කළ අපි එවැනි දේකට කිසිසේත් ඉඩ තබන්නේ නැත. එය හුඹස් බියක් පමණමයි.
ප්රශ්නය : ඒ වගේම සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය මේ මෑතක් වෙනකම්ම කිව්වා අනිවාර්යෙන්ම මේ රජය එම්සිසි අත්සන් කරනවමයි කියලා. නමුත් අද වෙද්දී එක වෙනස් වෙලා තියෙනවා මේ කාරණය කොහොමද ඔබතුමා දකින්නේ
පිළිතුර : සමගි ජන බලවේගය ඔවුන්ගේ මට්ටමෙන් අපිව මැන තිබෙනවා ඔවුන් දේශද්‍රෝහීන් බටහිර ගැති දේශපාලන ව්‍යාපාරයක් අපි දේශප්‍රේමී මව්බිම ගැන හිතන දේශපාලන ව්‍යාපාරයක්. සමගි ජන බලවේගය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර වෙනසක් තිබෙනවා කියලා මේ කාරණයෙන් කතාවෙන් නොව ක්‍රියාවෙන් අපි ඔප්පු කර හමාරයි.
– මාධ්‍ය ඒකකය
ලග ඉදියනම් කන පලනවා ඕකගේ
කලින් ඔකේ 70%ක් හොදයි කියලා කිව්වෙත් ඔය කටින්ම නේද? අර පැනිය ප්‍රොමොට් කරපු ජඩ මාධ්‍ය යොදාගෙන බලේ ගන්න කෑදර කමට එම්. සී. සී එක ගැන බොරු බිල්ලෙක් මවලා රටට හම්බවෙන්න තිබ්බ ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් නවත්ත ගත්තා. රට සියලු ජාතියන්තර මූල්‍ය ශ්රෙනිගත කිරීමේ ලයිස්තුවල අසාදු ගත වෙලා. නය ගෙවා ගැනීමට බැරි රටක් විදිහට. මූ කියනව මොලෙන් ගහල නිකන් හම්බෙම්ල්න්න තිබ්බ ප්‍රධානයත් නැති කර ගත්ත කියල. ඔව හොදයි කොන්ඩෙ බැදපු බය්යොන්ට. රජයේ සේවකයොන්ට පඩි ගෙවාගන්න වත් බැරි වෙන කාලයක් ඉස්සරහට එන්නෙ.
වැඩ කරපන් රට වෙනුවෙන්. වැටුප් ගෙවන්න රජයට සල්ලි නැත්තෙ රටේ එවුන් වැඩ නොකර නිකං දෙනකන් බලන් ඉන්න නිසා.උඩ බලාගෙන කෙල ගහන්න එපා. බිම බලන් වැඩ කරපන්.
ඩොලර් වලට අම්මත් දෙන UNP එවුන් ඉස්සරත් ඔහොමයි. සිරිමාවෝ ගොඩනගපු ස්වදේශීය ආර්ථිකේ කාල පුළුවන් තරම් ණය අරන් කෑම බීම ගෙනාව, සරුංගල් හිටන් ගෙනාව ණය සල්ලි වලින්. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගෙන GOOGLE ගිහින් බලපන් MCC ගත්ත රටවල් වල එවුන් කියන කතා. ඉඩම් අක්කර ලක්ෂ දොළහක් විතරක්නෙ නෙමෙයි ඔය PROGRAMME එකට සම්බන්ද ඕනෑම ඇමෙරිකන් කොම්පැනි කාරයින්ට තමන්ගේ ආයුධ සහිත මේ රටට VISA නැතුව එන්න පුළුවන් ගිවිසුම් හැටියට. ආව එවුන් මොන වරදක් කෙරුවත් උන්ට නඩු දාන්න අපට බෑ. බලපන් ඉතාලියේ කේබල් කාර් ඇක්සිඩන්ට් එක සහ ජපානයේ OKINAWA දූපතේ ඇමෙරිකන් කඳවුරේ වැඩ. ලිඳේ ඉන්න ගෙම්බා වගේ කෑ ගහන්නේ නැතුව
modayo. molen newei thamusege alen gaehaewwath amerikanla daenmama hithala aethi aluth trap ekak. eka vagaena avadiyen hitiyoth hondai neda booruwek wage thappu lanne naethiwa.
Gammanpila is becoming a joke. It is better if he keeps his mouth shut. His theories are endless and fruitless.
මේ වගේ ටොමි කතා නවතා භාරදුන් රාජකාරිය කර ඔය කියන මොලෙන්ම තෙල් ටැංකි ටිකත් ආපසු පවරාගමු. ඔන්න සදා අමරණිය වැඩ කරනව නම්
Hikaaaas!
අඩේ මෙන්න මු එළිබැහැලා දැන් සිංහනාද නොදෝකින් ගල් ඉබ්බා තොපි නෙමෙයි නවත්වලා තියෙන්නේ මේ රටේ ලක්ෂ සංඛත දේශමාමක ජනයාගේ විරෝධය හමුවේ ඇමරිකාව හැබැයි වෙන නමකින් එන දවසට මුන්ව හොයාගන්න බැරි වේවි මුන් වරායේ ජැටියටත් ඔය විදිහටම රඟලා කැබිනට් අනුමැතිය දුන්නා
මේක ඇස්බැන්දුමක්. අත්සන් කරන්නෙ නැහැ. ඒකෙ කොටස් වෙන වෙනම කෑලි කෑලි දැනටමත් ජනයාගේ ඇස් වහල කරගෙන යනව. හොඳ උදාහරණයක්: පෙර එ.ජා.ප. රජයක් අධ්‍යපන ධවල පත්ත්‍රිකාවක් ගෙනාව, මහජන විරෝධතා නිසා අකුලගත්තා. පසුව වෙන වෙනම කෑලි කෑලි ක්‍රියාත්මක කළා. මෙයට විරුද්ධවූ එ.ජා.ප. නොවන රජයවලුත් ඒවා දිගටම කරගෙන යනවා!
මුංට ඇමරිකාව පරද්දන්න තබා ඇමරිකාවේ දූවිලි පිසදමන්නවත් පුලුවන්ද?