අපි රටින් පැන ගියේ නෑ.. පැන යන්නෙත් නෑ…- තිරු නඩේෂන් අල්ලස් කොමිසම ඉදිරියේ..

October 8, 2021 at 11:20 am | lanka C news
අපි රටින් පැන ගියේ නෑ.. පැන යන්නෙත් නෑ…- තිරු නඩේෂන් අල්ලස් කොමිසම ඉදිරියේ..

තමන් සහ තම බිරිඳ රටින් පිටව ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා සඳහන් කරයි.

මේ රට අතහැර වෙනත් රටකට යාමේ උවමනාවක් කිසිසේත්ම නැති බවද ඔහු කියා සිටී.

පැනඩෝරා පත‍්‍රිකා මගින් තමනට එල්ල වී ඇති චෝදනා වල කිසිදු පදනමක් නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

පැන්ඩොරා පත්‍රිකා මගින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරුවේ අල්ලස් හා දූෂණ කොමිසන් සභාව හමුවට පැමිණ සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන්නේ මසක් ඇතුළත වාර්තාවක් ලබා දීම සඳහාය.

29,738 views

18 Comments to “අපි රටින් පැන ගියේ නෑ.. පැන යන්නෙත් නෑ…- තිරු නඩේෂන් අල්ලස් කොමිසම ඉදිරියේ..”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    රට පනින්න කිසිම හේතුවක් නෑනේ එතුමිය කිසිම වැරැද්දක් කරලා නෑනේ , එතුමියට නඩේශන් ගෙන් හම්බ උනු දේවල් සහ ඕකට වග කියන්න ඔනේ දිවංගත ප්‍රේමදාස සහ චන්ද්‍රිකා කුමාරණතුංගනේ , ඒ කාලේ වෙච්ච සිද්දී ඇයි මෙතුමියගේ එකවුන්ට් එකට දාන්නේ , අනික එතුමියට කොහොමත් චොදනා ලංකාවේ නැනේ , තියෙන්නේ නඩේශන්ට විතරයි නේ , එකත් කොටි ඩයස්පෝරාව නඩේශන් එක්ක එකතුවෙලා ගහපු ගේම් හින්දනේ ,ඊලග කාරනේ 20 වෙනි සංශොධනයත් එක්ක ගෙනාපු නිතීප්‍රකාරව කොමිසම් සභා වලට නිලධාරීන් පත්කරන්නේ ජනාධිපති තුමානේ , ඉතින් බය වෙන්න දෙකුත් නෑනේ , හත්තික්කේ මොන උලව්වකටද රට දාලා යනවද මන්දා. නූතන පැණ්ඩොරා දේවියට අපහාස කරන්නේ මේ රටේ ඉන්න සියට තුනේ කබ්බොයි විපස්සේ එවුන් විතරයි නේ මේ රටේ අමූ පුන්නක්කු බෛයො විදියට අපි හිටගන්නේ ඔබ තුමියත් එක්කනේ ,මේ ICIJ කියන කොටි ඩයස්පෝරාවේ බළල් අත් සහ විපක්ශයේ බොරු චොදනා වලට අපි පිලිතුරු දෙනවා 2024 රාජපක්ෂ උත්තමයන්ව ආපහු ලක්ශ් 80 කින් විතර විජයග්‍රහනය කරවලා.

    • Boris Vanculenberg says:

      Ohoma Heena mavaagana itapan Moda Gon thakatheruva! Horunva rakina Thoth patta hora ballek venna one!

    • පැනමා පේපර්ස් says:

      පැනමා ඇලෙන් නාගත්ත උස හීන්දෑරි දසසිල්ධාරියා සද්ද නැත්තෙ ඇයි?පැන්ඩෝරා එලියට පනින කොට ඇයි මුන් කලබල වෙන්නෙ?

    • Kaputa says:

      මචං අර කාලෙකට කලින් Panama පේපර්ස් කියලා එලියට ආපු එකෙන් කිදෙනෙක් හිරේ ගියාද?

    • පැන්ඩෝරා පේපර්ස් says:

      මොල හතා , මහාචාර්ය නෝමල් , ආචාර්ය සේමසිංහ ඇතුළු බෛයි නියායාචාරීන් කියන්නේ ඔහොම ; ඉතින් අමු පුන්නක්කු බෛයො විදියට අපේ සාමුහික සහ පට්ටියේ වගකීම සහ වගවීම තමයි ඔය ඉහත කී අතිශය විද්‍යාත්මක කරුණු හා අනුගත වෙන එක හා නැද්ද බෛයි ප්‍රෙන්ස් ?

  2. Boomerang says:

    Was CIA Behind Pandora Papers Leak?
    පැන්ඩෝරා ලිපි එලිදරව්ව පිටුපස ඉන්නේ CIA සංවිධානයද යන බලවත් සැකය දැන් මතුව තිබේ.ලොව මුල්ම ධනවතුන් 10න් 8ක්ම වසන ඇමෙරිකාව පදනම් කරගත් එකදු අයෙකුගේවත් නමක් මෙහී සදහන් නොවීම,ව්ලැඩිමීර් පූටින් (පැන්ඩෝරා ලයිස්තුවේ නම සදහන්ව නැතත් සූක්ෂමව රූපය යොදා තිබීම), චීන හා රුසියන් පාලන තන්ත්‍රයන්ට සමීප අයවලුන් ප්‍රධාන වශයෙන ඉලක්කකොට ගෙන තිබීම හා මෙම එලිදරව්ව පිටුපස සිටින ICIJ පිටුපස ලෝකයේ අනවරත යුද ගැටුම්,සිරියාව ඉරාකය හා ලිබියාවේ රෙජීම් චේන්ජ් කැම්පේන්,කොවිඩ් වසංගත නිර්මානය යන කාරණා වලදී නිරතුරුවම චෝදනා එල්ලවන ඇ.එ.ජ ඩොලර් ට්‍රිලියන වත්කම් දරන කුප්‍රකට George Soros සිටීමත් මෙම සැකය සාධාරණිකරනය කරයි.
    එය එසේනම් ඒ ඒ රටවල යොදවා ඇති තම නියෝජිතයන් ලවා පැන්ඩෝරා ලිපි එලිදරව්වට ප්‍රදේශීය වශයෙන් මහා ප්‍රචාරයක් ලබා දීම මෙම “යටි අරමුණු සහිත ප්‍රචාරයේ” උපක්‍රමයයි.මන්ද රාජපක්ෂලාගේ වත්කම් පිළිබද එලිදරව්ව මින් දශකයට පමණ පෙර ෆෝබ්ස් පලකල අතර 2015දී අමාත්‍ය මංගල සමරවීරද වැඩිදුර විස්තර සදහන් කර ඇති පසුබිමක එය පුනපුනා යමෙක් ප්‍රකාශ කරන්නේද එයද සැකයකට භාජනය විය යුතුය.
    පෝර්ජ් සොරොස්ගේ ප්‍රාදේශීය (ලංකාවේ) රහස් නියෝජිතයන් කවුද?ජනතාව විසින් අධිරාජ්‍යවාදයේ ට්‍රෝජන් අස්සයා වන 225 පාර්ලිමේන්තුව පිලිකුලට හා ප්‍රතික්ශේප කිරීමට ලක් කරන හැම විටම සැබෑ වෙනසක් වීම වලකා හූදු ආණ්ඩුපෙරලියකින් කුප්‍රකට 225හේ පාලනය අතම රාජ්‍ය බලය රදවා ගැනීමට අවශ්‍ය පමණට තැටිය මද වශයෙන් රත් කිරීමට සෑහෙන සංවේදි දත්ත හා කරුණු මොවුන් අතට පත්කරන චැනලය කුමක්ද? මොවුන් ‌පිටුපස සිටින බලය කොතරම්ද කියතොත් ඔවුන්ට අත්අඩංගුවට පත් නොවීමේ මුක්තිය සහිතව පවතින ඕනෑම ආණ්ඩුවක්,ධූරයක් විවේචනය කිරීමේ වරප්‍රසාදය හිමිය.

  3. බන්ඩා says:

    නිරැපමාලා us$ මිලියන168ක අති විශාල මුදල්/දේපොල හිමිකර ගත්තෙ මොන වර්ගයෙ බිස්නස් කරලද? bitcoin මයින් කරලද? ප්‍රේමදාස චන්ද්‍රිකා රාජපක්ෂ ආණ්ඩු ප්‍රොජෙක්ට් වල කොමිස් හාරලද? ප්‍රොජෙක්ට් එකකට පහසුකම් සපයලා මුදලක් ගන්න එකය් කොමිස් ගහන එකය් කියන්නෙ දෙකක්. නඩයා හංගලා තියෙන්නෙ දේසපාලුවන් සමග බෙදා ගත්ත කොමිස් කුට්ටිය්.

    • Boris Vanculenberg says:

      You are right! Some bloody maniacs who write comments here trying to whitewash the thieves & rogues. This is a game by all the ruling family, one man or one couple cannot amass so much wealth. End of the day, the looted is the poor people’s money.

  4. baමුනා says:

    හොරාගෙ අම්මගෙන් පේන අහන කොට හොරු කලවෙලා රටින් පනිද​?

  5. saman says:

    යන්න එපා ප්ල්ස්, යනවනම් තව මිලියන 160ක් හොරකන් කරගෙනම යන්න

  6. Jude perera says:

    Hari nade ennako malwane paththen

  7. LalithM says:

    ඕව සුද්ධ කරන්න තමා නාමල් හොරා ක්රිප්ටො මුදල් නීත්‍යානුකූල කලේ.මේ හොර පාලක පවුල් අර බොහෝ ඒකාධිපති පාලකයින් කල විදිහට රටේ ධනය පිටරටවල ආයෝජනය කරනවා තමන්ගේ නමට. වෙනස අපේ 69 ලක්ෂයක් මෝඩයන් එකතුව බලය ලබාදී හොරකම නීත්‍යානුකූල කර දීම පමණයි.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      ලංකාවේ වැඩියෙන්ම ක්‍රිප්ටො වල ආයොජනය කරලා තියෙන්නේ කවුද බන් ? ඉස්සරහට ඒකත් එලි වෙයි. වද දෙනෙපා බන් නාමල් බේබී තාම කෙන්යාවේ ද්වි පාර්ශවික සබධතා තර කරගන්න මෙහෙයුමක !

  8. Hudson says:

    Yes, we know , you all are in control and government. Why should you escape. Unless the government changes.

  9. Nuwan says:

    අපෝ යන්න එපා ඔය ගොල්ලො වරදක් කරල නෑනෙ. අන්තිමට අල්ලස් කොමිසම වැරදිකාරය වෙයි

  10. Kalu Albot says:

    Kohe yannada? mehe wage horunta Deshapaalu Aarakshaawa labena wena ratak loke naha ne!

Leave a Comment

Main News